
සංසාර දුකට වැටී දුකින් සිටි පිරිසකට කළ යුතු ලොකුම උපකාරය වන්නේ සසර දුකින් මිදීරිමට උපකාර කිඟම පමණි. එ් හැර අන් සියද්‍ර උපකාරයන් තාවකාලික වූ හිස් දේවල් පමණි. සසර දුකින් මිදීමට ඇති එක මග භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ
ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. සීල – සමාරී – ප්‍රඥා වශයෙන් දියුණු කර ගත යුතු එ් ආර්ය අෂ්ඨාංගික මාර්ගයය ජීවි̇තයට ගලපා ගැනීමට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනා මැනවින් ඉගෙන ගත යුතුය. භාග්‍යවතුන් වහන්සේ වි̇සින් විවිධ අවස්ථා වලදී වවිධ පුද්ගලවයන් උදෙසා දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනා 10 ක් මේ පොතෙහි ඇතුළත් වේ.
මේ පොත ඔබ අතට පත් කරන්නේ සංසාර දුකින් නිදහස් වීමට උපකාරයක් වශයෙනි. එබවින් මේ දේ්ශනා ඉතාම සැලකිල්ලෙන් යුතුව කියවා ඉගෙන ගෙන ජීවි̇තයට පුරුදු කරගන්නට උත්සාහ කරන්න. සියලු දෙනාට ම මේ ගෞතම බුදු සසුනේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා …
පූජ්‍ය කිකෙබත්ගොඩ ඤාණානන්ද හිමි