Skip to main content

කවුද ඔයාලට බොරු කිව්වෙ – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි (Kawda Oyalata Boru Kiwwe –Ven kiribathgoda gnanananda thero )

මෙය අමුතුම පොතකි මේ පොතෙන් ඔබට කිසියම් විනෝදයකුත් ලැඛෙයි. දැනුමකුත් ලැඛෙයි. සමාජය තුළ කෙරෙන
කතාබහ තුල නිසරු බව බව ගැන අවබෝධයකුත්් ලැඛෙයි.

එමෙන්ම මේ සමාජය තුළ මොනතරම් බොරු තිබේදැයිි ඔබ පුදුමයට පත් වේවි. ලොව බොහෝ සෙයින් තිඛෙන්නේ සත්‍යය නොව බොරුවයි. බොරුවෙන්ම බලවත් වූ බොරුවම රජකරන බොරුවම කිරුළු පළන් සමස්ත ලෝකය තුළම සත්‍යයට ඇත්තේ ඉතාමත් සීමිත ඉඩකඩකි.

එ් සත්‍යය අතර චතුරාර්ය සත්‍යය යනු සනාතන සත්‍යයකි. එය අවබෝධ කළ යුතු, අවබෝධ කළ හැකි සත්‍යයකි. රැකවරණය ලැඛෙන සත්‍යයකි. ලොව කිසිවෙකුටත් එම සත්‍යය බැහැර කොට වෙනත් සත්‍යයක් ඉදිරිපත් කළ නොහැකිය. එතරම්ම එය සත්‍යයය. එයට ඇති බාධාව බොරුව මිස සත්‍යය නොවේ. මේ පොත කියවද්දී මනුෂ්‍ය ජීවිතය වෙලා ගත් බොරු කොතෙක් තිබේ දැයි ඔබටම ප්‍රත්‍යක්ෂ වනු ඇත. එමෙන්ම බොරුවකට හසු නොවී සත්‍යය පවසන්නට නම්, සත්‍යය තුළ රැඳී සිටින්නට නම් ඔබ ඉගෙනගත යුත්තේ සත්‍යයමයි. එ් සත්‍යය තිඛෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළ පමණි. එ් ධර්මය හොඳින් ඉගෙන ගන්න. එවිට මා පවසන්නේ බොරුවක් නොවන බව ඔබටම පසක් වේවි.

ජීවිතය පිළිබඳව මෙන්ම විවිධ ලෝක, විවිධ සත්ව වර්ග විවිධ ජීවීන් හා ඔවුන්ගේ අදහස් සියල්ල දැනගන්නට නම් ඔබ කියවිය යුත්තේ බුද්ධ වචනයයි. එමෙන්ම සැබෑම විමුක්ති මාර්ගය කුමක් දැයි දැනගැනීමට නම් ඔබ කියවිය යුත්තේ බුද්ධ වචනයයි. එමෙන්ම මිත්‍යා දෘෂ්ටියෙහි ස්වභාවයත්, නා නා මිත්‍යා මතවාදවල ස්වභාවයත් එ් තුළ සත්වයා සිරවී සිටින ආකාරයත් දැන ගැනීමට නම් ඔබ කියවිය යුත්තේ බුද්ධ වචනයයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ රටවල් වලට පැතිර ගිය යුගයක් තිබිණිි. එම ධර්මයෙහි ප්‍රායෝගිකව හැසිරීමෙන් මාර්ගඵල උපදවා ගත් බොහෝ ශ්‍රාවකයෝද සිටියහ. නමුත් දැන් එ් සියල්ලම උඩුයටිකුරු වී ගොස් බොහෝ කල් ගත වී හමාරය. එනිසා දැන් චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම පිළිබඳව කතා කිරීම පවා බොරුව තුළ ජීවත් වන අයට බලවත් හිසරදයක් බවට පත් වී ඇත. එතරම්ම බොරුව රජ කරයි. බොරුව වෙනුවෙන් සැදී පැහැදී සිටින්නට පෙරමුණ ගත් පිරිස ගිණිය නොහැකි තරම්ය.

සත්‍යය වෙනුවෙන් තිඛෙන්නේ හුදෙකලා හ~කි. එහෙත් සත්‍යය වනාහී සත්‍යයමය. බොරුව වනාහී බොරුවමය. බොරුවම ස්ථාපිත කිරීම පිණිස බොහෝ ආයතනයන් සැදී පැහැදී සිටින හෙයින් බොරුවටම අනුබල ලැඛෙන හෙයින් බොහෝ විට ජය ගන්නේ සත්‍යය නොවේ. එනිසා බොරුව ජයගෙන සත්‍යය පාගා සිටින ලොවෙහි සත්‍යය කැමැති සත්‍යවාදියා දුක සේ හෝ එ් සත්‍යය රැකගත යුතුය. සත්‍යය උදෙසා ඔහුගේ කැපවීම සනාතන ජීවිතයක සුන්දරත්වය මතුකර දෙයි.
සියළු දෙනාට ම තෙරුවන් සරණයි …
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

කවුද ඔයාලට බොරු කිව්වෙ ග්‍රන්ථය බාගත කරගන්න.