Skip to main content
Category

පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Galigamuwe Gnanadeepa Thero Books )

මගඵල ලබන මග – පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි (magapalalabana maga – Galigamuwe Gnanadeepa Thero)

By පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Galigamuwe Gnanadeepa Thero Books )

“අපි මේ ගමන් කරන්නේ ඉතාමත් භයානක වූ සංසාර ගමනකයි. මේ සංසාර ගමනට හසුවෙලා ඉපදෙමින් මැරෙමින් යන සංසාරික සත්වයන් ගේ පෘතග්ජනභාවයේ තිබෙන අනතුර මෙතෙකැයි කියල සීමා කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලේ සතර අපායේ වැටි වැටී යන පෘතග් ජන සත්වයා මේ සංසාර ගමන තුල ගමන් කරන්නේ තමන්ගේ කැමැත්තට නොවන බවයි. තමන්ව නිර්මාණය කරපු අදෘෂ්‍යමාන දෙවියෙකු විසින් මේ ගමන මෙහෙයවනවත් නෙවෙයි. මේක ඉබේම යන සංසාර ගමනකුත් නොවෙයි.පටිච්ච සමුප්පාදය නිසා හේතූන් හැදෙන ඵලයන්ගේ ක්‍රියාකාරිත්වයට අනුව යි සත්වයා මේ සංසාර ගමන තුල දිගින් දිගටම ගමන් කරන්නෙ.” – කතෘ ස්වාමීන් වහන්සේ

නිවන් මගෙහි ගමන් කරන්නෙකුට බුදු පසේබුදු පදවි බලාපොරොත්තු නෙවේනම් මේ ජීවිතයේදීම නිවන් ලබන්නට තරම් අකාලික බුදු දහම මග පෙන්වනු ලැබේ. ඒ නිවන් මගට මනා ආලෝකයක් ලබාදෙන ඉතාම වැදගත් කෘතියකි මේ. ඔබත් මේ කෘතිය කියවා මේ ජීවිතයේදීම මගඵල ලබන්නට උත්සාහ කරන්න.

කායානුපස්සනා භාවනා – පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි (kayanupassana Bhawana – Galigamuwe Gnanadeepa Thero)

By පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Galigamuwe Gnanadeepa Thero Books )

“බුද්ධ ශාසනය කියන්නෙ බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා වදාරණ ලද චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ වැඩ පිලිවෙලයි. බුද්ධ ශාසනයක් පිහිටුයන්න පුලුවන් බුදුරජාළණන් වහන්සේ නමකට විතරයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස අයිති වෙන්නේ ශ්‍රාවක පිරිසට. භික්ෂූන් වහන්සේලා අයිති වෙන්නේ “ භික්ඛු සංඝ ” කියන කොටසට. භික්ෂුණීන් වහන්සේලා අයිතිවන්නේ “ භික්ඛූණී සංඝ” කියන කොටසටයි. තෙරුවන් සරණ ගිය සිල්වත් ගිහි ශ්‍රාවකයන්ට “ උපාසක” කියලත් තෙරුවන් සරණ ගියි ගිහි ශ්‍රාවිකාවන්ට “ උපාසිකා” කියලත් හදුන්වන්නෙ. ඇත්තෙන්ම කෙනෙක් බුද්ධ ශාසනයට ඇතුලුවන්නෙ තෙරුවන් සරණ යෑමෙන්. තෙරුවන් සරණ යන්නෙ කොහොමද කියල අපි දැනගන්න ඕනි. “-කතෘ ස්වාමීන් වහන්සේ.

අදුරෙන් එළිය කරා යන මග හෙලි කරන කායානුපස්සනා නම් මෙම කෘතිය ගිහි පැවිදි සියලු දෙනාට ඉතාම වැදගත් ග්‍රන්ථයකි. නිවන් මග යන අයෙක්ට මනා මාර්ග උපදේශයක් ලබාදෙන ග්‍රන්ථයකි. පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් රචිත මේ ග්‍රන්ථය ඔබත් කියවන්න.

ආනාපානාසති භාවනාව – පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි (Anapanasathi Bhawanawa – Galigamuwe Gnanadeepa Thero)

By පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Galigamuwe Gnanadeepa Thero Books )

ආනාපානාසති භාවනාව කියන්නෙ අපේ කය හා බැදී පවතින හුස්ම රැල්ල කෙරෙහි කෙලෙස් තවන වීර්යයකින් යුතුව මනා නුවණින් යුතුව, හුස්ම රැල්ලේ වෙනස්කම් තේරුම්ගත හැකි ලෙස ස්වාභාවික හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවමින් සිතත්, ප්‍රඥාවත් දියුණු කිරීමයි.

අත්තෙන්ම ආනා පානාසති භාවනාව තුලින් පුදුම විදිහට හිතේ සංසිදීමක් ඇතිවෙනව. බුදුරජාණන් වහන්සේ වදාලේ “ ආනාපානාසති භාවේතබ්බාචිතක්කුපච්ඡේදාය ” අපේ හිතේ විතර්ක සංසිදුවා ගැනීම පිණිස ආනාපානාසති භාවනාව වඩන්න කියලයි.

කතෘ ස්වාමීka වහන්සේ විසිනි.

ආනාපානාසති භාවනාවට මනා මගපෙන්වීමක් ලබාදෙන පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් රචිත මේ ග්‍රන්ථය ඔබට නිවන් මගට මනා පිටුවහලක් වේවි.