
කොයි මෙහොතේ හෝ අපි කාටත් මරණයට මුහුණ දෙන්නට සිදුවේ. මරණය ඉදිරියේ බිය නොවී ඉන්නට ඇත්නම් දුක් නොවී ඉන්නට ඇත්නම්, ශෝක නොකර ඉන්නට ඇත්නම් එය ඇත්තෙන්ම සැපක්ම වන්නේය. එහෙත් ඒ සැප සිතූ පමණින් ලබාගත නොහැකි වන්නේය.
සියලු දෙනාම මරණය අභියස ශෝක නොකර කම්පා නොවී, බිය නොවී වාසය කරන්නට තරම් භාග්‍ය වන්තයින් වන්නේ නම් එය අපේ මහත් වූ කැමැත්ත වන්නේය. මේ කැමැත්ත යන්තමින් හෝ සිදුවනක්නේනම් එය ලෝකයටම සැපතක්ම වන්නේය. ඒ සදාකාලික සැප සියලු දෙනාටම අත්වේවා. – කතෘ හිමිපාණන් වහන්සේ
ජරා මරණ දුක හදුනාගැනීම පිලිබද නාවලපිටියේ අරියවංශ හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය නිවන් මග වඩින ලොකු කුඩා හැම දෙනාටම මහත් ප්‍රයෝජනයක් ලබා දෙනු ඇත. ඔබත් මේ ග්‍රන්ථය බාගත කරගන්න.