
දහම් දන හැමදන්ම පරදයි
දහම්රස හැම රසම පරදයි
දම් ඇලුම හැම ඇලුම් පරදයි
නිවන් සුව හැමදුක්ම පරදයි
අනුත්තර ධර්ම රාජයාණන් වහන්සේගේ ධර්ම විජයට අරමුණ වූයේ දෙවිමිනිසුන්ගේ චිතත සනතානයයි. අනාදිමත් කාලයක් තුළ මෝහයෙන් මුළාවීසසර දුක් ගින්නෙන් දැවෙමින් සිටින ලෝ සතුන්ගේ සිත් සතන් දහම් අමා දහරින් සිසිල් කර අමා මහ නිවනින් නිවා සුවපත් කිරීම ඒ මහාකාරුණිකයාණන් වහන්සේගේ ධර්මවිජය පරමාර්ථය විය. දුක් ගිනි වඩනදිග්විජය වෙනුවට දුක් ගිනි නිවන ධර්ම විජයක් බුදුපියාණන් වහන්සේ
ලෝකයාට හඳුන්වා දුන්හ.
ධර්ම දානය අන් හැම දානයකටම වඩා උතුම් වන්නේ සිතකට වැටෙන දහම් පදයකින් පූණර්ණ ජීවිත පරිවර්ථනයක් පවා සිදුවිය හැකි බැවිනි. බාහිර වස්තු දානයෙන් සැළසෙන තාවකාලික සහනය මෙන් නොව, එය සනාතන සැනසුමකට මඟ හෙළිකරයි. මොහාතකට දිවගට දැනී-නොදැනී යන ආමිස රසය මෙන් නොව, නිරාමිස දහම් රසය අසහනය දුරුකොට සිත් සනහන ගැඹුරු අර්ථ රසයකි. සසර වඩන ගේහසිත ඇලු̈ම් මෙන් නොව, ලොවුතුරු දහමට ඇති ඇල්ම සසර ගමන කෙටිකරයි. තණහා පිපාසය සන්හිඳුවන අමා මහ නිවන සියලු සසර දුක් නිවාරණය කරයි.
Read More