
පාලි යනු ප්‍රාකෘත බස් පරම්පරාවෙන් පැවතෙන බුදු දහම හා සබැඳි භාෂාවකි. පාලි බසෙහි ඇරඹුම ඉන්දීය අර්ධද්වීපයේ ඇති වුණි. මෙම බස සඳහා නිසි අකුරු ක්‍රමයක් නැත. මළ බසක් වුවද තවමත් භාවිතයේ පැවතෙන්නේ පාරිශුද්ධ බුද්ධ ධර්මයේ මව්බස පාලි වන බැවිනි. ත්‍රිපිටකය පරිශීලනයට පාලි බොහෝ සේ වැදගත් වේ. පාලි හා සංස්කෘත බසින් පැවතෙන බොහෝ වදන් බුදුදහමේ ව්‍යාප්තියත් සමඟ අන් භාෂා වලටද ආභාෂය ලබා දී ඇත.
පාලි භාෂාව රාව ප්‍රතිරාව නංවන සුළුය. එහි ගීතාත්මක රිද්මයක් ඇත. හැඬවීමේදී ලලිත ස්වරයෙන් සජ්ජති ය, කර්ණරසායන ධ්වනි නංවයි. විශේෂයෙන්ම අර්ථාලංකාරය කුළු ගැන්වෙන පරිදි භික්ෂූන් වහන්සේ විසින් සජ්ඣායනය කරනු ලබද්දී ද, බෞද්ධ පඬිවරුන් , භික්ෂූන් වහන්සේ සහ කැපකරු බැතිමතුන් විසින් සජීවි ලෙස රැක බලා ගනිමින් තිබිය දී ද ථෙරවාදී බෞද්ධ රටවල් කීපයක පාලි භාෂාව මෙතෙක් රැකී පවතී. මෙසේ පාලි භාෂාව ථෙරවාදී බුදුදහමේ මාධ්‍ය භාෂාව බවට පත්ව ඇත.
පාලි භාෂාව ඉගෙනගන්නා අයට මහත් අත්වැලක් ලබාදීමට බළංගොඩ ආනන්ද මෛත්‍රි හිමියන් විසින් සම්පාදිත මෛ කෘතිය මහත් ප්‍රයෝජනවත්වනු ඇත.