Skip to main content
Category

පූජ්‍ය මාතර ඥානාරාම හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Matara Sri Gnanarama Thero Books )

සප්ත විශුද්ධි හා විදර්ශනා ඥාන – මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ ( Saptha wishudhdhi ha widarshana gna – Most Ven. Mathara sri gnarama thero)

By පූජ්‍ය මාතර ඥානාරාම හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Matara Sri Gnanarama Thero Books )

යම් කෙනෙක් මිනිසත් බව ලැබ මැනවිල් දෙසූ සදහම් ඵලයක් නොලබත්ද ඔවුහු ක්ෂණය ඉක්මවා යෙත්. පුද්ගලයෙකුට අන්තරාය වූ බොහෝ අනවකාශයෝ ( අක්ඛණා) වදාරණ ලදහ. මිනිසත් බව ලැබීමද, සදහම් දෙසීමද,යන යමක් ලොව අතිශය දුර්ලභ වේද මෙය ඔහුට හමුවිය. එහිලා සිත කැමති මිනිසා විසින් වෑයම් කිරීම සිදුකල යුතුය. ” සදහම් දෙසුම කෙසේනම් දැනගන්නේද, අවකාශය ඉක්මවා නොයේවා යන අදහසිනි. ඉකුත් අවකාශ ඇත්තෝ නිරයෙහි උපන්නාහා ශෝක කෙරෙත්මැයි”

මේ පිරිස විසින් සැලකිය යුතු කරුණක්නම් මේ ආකාර වූ කමටහන් බණකට කන් යොම කරන්නට අවස්ථාව සැලසීම තම සන්තාන ගත පාරමිතා කුශල කර්ම වාරයක ප්‍රවෘත්ති කාලය වශයෙන් සිතිය හැකි බවය. එය තවත් තහවුරු කර ගැනීමට අද ලැබී ඇති සැනසිලි තත්වය කෙරෙහි සිත යෙදිය යුතුය.

– කතෘ ස්වාමීන් වහන්සේ

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

සත් අනුපස්සනා – මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ ( Sath anupassana – Most Ven. Mathara sri gnarama thero)

By පූජ්‍ය මාතර ඥානාරාම හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Matara Sri Gnanarama Thero Books )

සැපය සම්පත්තිය ලගාකරගැනීමටත්, දුක් ඉවත් කරලීමටත් මේ ලෝකයේ සත්වයෝ බරපතල මහන්සියක යෙදෙති. එහෙත් තම තමන්ගේ සිතුම් පැතුම් සපුරා ගැනීමටනොහැකි වී දිගින් දිගටම තැවෙන්නාහ. ” අපි සැප වින්දනයට ආසා කළෙමු. ඒ සදහාම නොයෙක් දේ රැස් කලෛමු. සැල.් වින්දෙමු. ඒත් සැනසිල්ලක් නැහැ. අපිට තේරුමත් නැති, අරමුණක් නැතිගමනක යෙදෙන්නට උනා. අප බලාපොරොත්තු වූයේ සැපයයි.  එහෙත් අප රැවටිලි නොමැති සැපයක යි දැවටී කල් ලෙවූයේ.  මේ වනාහි ඔවුන්ගේ මුවින් නිකුත්වන අදෝනාවන්ගෙන් ස්වල්පයකි.”
මෙයට හේතුව කුමක්ද? නියම සැපය යනු කුමක්දැයි ඔවුන් නොදැන සිටීමයි. සැපය වශයෙන් ඔවුන් විසින් සලකනු ලබන්නේ තම හිතේ පහලවන සැප වේදනාවයි. මේ වින්දනයෙහි නියම නුවරූපය නොදැනීමෙන් ” සැපය විදින්නේ මමය” යන වැරදි හැගීමෙන් ඔවුහු මුලාවෙති.එහෙයින් සැප වේදනාව කෙරෙහි ඔවුන් තළණ්හාවෙන් ඇලෙති.  නමුත් මේ සැපය දිගටම පවතින්නෙ නැත.
– කතෘ ස්වාමීන් වහන්සේ

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

සමථ විදර්ශනා භාවනා මාර්ගය – මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ ( Samatha vidarshana Bhawana margaya – Most Ven. Mathara sri gnarama thero)

By පූජ්‍ය මාතර ඥානාරාම හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Matara Sri Gnanarama Thero Books )

හොදින් සලකා බලන්න. අපට හමුවන මිනිස් සතුන් දෙස බලන්න. ඉනට වතක් නැතිව, කුසට අහරක් නැතිව, විසීමට නිවහනක් නැතිව, අදව, බිහිරිව, ගොලුව, කොරව, මුලු සිරුරෙන් පෙලෙන සුලුව වැලපෙන මිනිස් සතුන් ඔබට පෙනෙනු ඇති. මේ පමාවීමේ වරද නොවේද? දුකින් පෙලෙන තිරිසන් සතුන් ඔබට පෙනෙනු ඇත. ඔබට නොපෙනෙන ප්‍රේත සතුන් හා නරකවල බිහිසුනු දුක් විදික නිරා සතුන් ගැන සිතන්න.  මේ පමාවීමේ වරද නොවේද? අද ඔබටත් අපටත් ලැබී තිබෙන්නේ මේවා ගැන උත්සාහවත් වී මෙයින් නිදහස් වීමට වැඩ කරගැත හැකි උතුම් අවස්ථාවකි. විමසුම් සිත් යොදන්න. එහෙයින් මෙසේ කාලාන්තරයකින් දුලභව ලැබෙන ඉතා අගනා ප්‍රයෝජවයෙන් රැසේ අගය වටිනාකම හොදට තේරුම් ගෙන එය පැහැර නොදමා සංවේගයටත් සංවේජවයටත් හේතු නුවණින් සලකා සංවේගය පහල කරගෙනමැ ඒ ප්‍රතිපදාවේ යෙදෙන්න.
– කතෘ ස්වාමීව් වහන්සේ

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

විදර්ශනා පරපුර – මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ ( Vidarshana parapura – Most Ven. Mathara sri gnarama thero)

By පූජ්‍ය මාතර ඥානාරාම හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Matara Sri Gnanarama Thero Books )

බුදු කෙනෙකුගෙන්ම ලොවට පහළවන මේ විදර්ශනා උපදේශය මේ බුද්ධෝත්ලාදයේ ඇරඹුන සැටි සදහන් වන්නේ පංචවග්ගිය භික්ෂූන් සම්බන්ධ කථාවේය. බුද්ධත්වය ලබාගත් පසු අවබෝධකරගත් ධර්මයේ නොයක්වර ප්‍ර.්‍යවේක්ෂා කරමින් භාග්‍යවතුන්වහන්සේ දේශනා ඥානය ධර්මය පිළිගන්නා පිරිස වෙත යොමු කළ සේක. පංචවග්ගිය තාපසයන් ප්‍රමුඛව දිව්‍ය බ්‍රහ්ම පිරිසට දහම් දෙසීමෙන් පසු ඒ ඉතිරි පිරිස කර්මස්ථාන භාවනාවේ යෙදවූ අයුරු මැනවින් සලකන කල්හි කෙතරම් අවධානයක් අප්‍රමාද වැඩ පිලිවෙලක් එයට ඕනෑ කෙරේද? යනු එඵිවෙනවා ඇත.

  • කතෘ ස්වාමීන් වහන්සේ

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

භාවනා මාර්ගය – අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම හිමිපානන් වහන්සේ ( Bhawana Margaya – Most Ven. Mathara sri gnarama thero)

By පූජ්‍ය මාතර ඥානාරාම හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Matara Sri Gnanarama Thero Books )

සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ධර්මදානය කිරීම පිණිස භාවනාඋපදෙස් ඇතුලත් පොතක් ලියා දෙන ලෙස බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු  අවිහිංසාවාදී  පී.රත්නායක මහතා ගෙන් ආරාධනයක් ලැබුනේය.
ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමීය  ප්‍රධානාචාර්ය ගරු මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මෙය සැළකල කල්හි උන්වහන්සේ විසින්  ලියාගෙන යන ” භාවනා මාර්ගය” නැමැති පොතෙන් අවශ්‍ය කරුණු නගා සංග්‍රහ කොට ගැනීම මැනැවයි අවසර  දුන්හ. ඒ කාරුණික අවසරය පරිදි මුල් ග්‍රන්ථයෙන් ලුහුඩු කොටගත් කරුණු සංග්‍රහකල මේ කුඩා දහම්පොත සසුන් මිහිර විදගනු රිසි ධම්ම කාමීන්ගේ  සිතට එළිය දෙන මිණි පහණක් වේවා.
අවුරුදු පන්දහසක් කල් පවත්නා බුද්ධ ශාසනයේ ගෙවී ඇත්තේ වසර දෙදහස් පන්සියයකි.  හරි අඩක් ඉතිරිව තිබේ. ශාසනයාගේ පරමායුෂය අනුව සැළකීමේදී මැදුම්වියේ පවත්නා මෙකල  හොදටම ඵල ගැන්විය හැකිවග වැටහෙනවා ඇත. ශාසන ඵලය නම්  නිවන් අවබෝධ කිරීමයි. ඒ ශාසන ඵලය වූ නිවන අදත් උපදවාලිය හැකිය.

කඩවැද්දදූවේ ජිනවංශ හිමි …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

සුගතෝවාදය – අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම හිමිපානන් වහන්සේ ( Sugathowadaya – Most Ven. Mathara sri gnarama thero)

By පූජ්‍ය මාතර ඥානාරාම හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Matara Sri Gnanarama Thero Books )

භාවනා කරන පිරිස දන්නවා සමාධිය කියන්නේ මේකයි කියල. විශේෂයෙන් මතක තියාගන්න ඕන සමාධියනම් දුවන්නේ නැති හිතක් වෙන්න ඕනි. දුවන සිත සමාධිය නොවේ. නානාප්‍රකාර පැත්තට දුවනවා නම් සිත, එතන සමාධියක් නැහැ. සමාධිය දියුණු අනා කියන්නේ දුවන්නේ නැති හිතක් හරිගස්සනවා. දුවන හිතින් කොච්චර , කොපමණ අනර්ථ, හිංසා, පිරිහීම් සිද්ධවෙනවද කියල කියන්න බැහැ. දුවන්නේ, හිතින් දුවන්නේ කොහටෙද? ප්‍රමාද වී දුවන්නේ කොහාටද? දුවලා දුවලා ගිහින් වැරදි සිද්ධ කරනවා.ඒ නිසා දුවන හිත නවත්වාගැනීම තමයි සමාධිය කියන්නේ. සමාධියේ සාමාන්‍ය ලක්ෂණය තේරුම් ගන්න ඕනි. සමාධියෙන්නීවරණ ටික යටපත් කරගන්න ඕනි. ආසාවල් ඒ වෙලාවට අඩුකරගන්න ඕන.
කතෘ හිමියන් විසිනි …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

ආනාපානාසති භාවනාව – අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම හිමිපානන් වහන්සේ ( Ana-panasathi Bhawanawa – Most Ven. Mathara sri gnarama thero)

By පූජ්‍ය මාතර ඥානාරාම හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Matara Sri Gnanarama Thero Books )

මහ පොළෝතලය සමතලා කොට අසුන් පනවා බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා වඩා හිදුවා ප්‍රණීතිම සිව්පසයෙන් පූජා කරනවාටත් වඩා ලෝවාමහාපාය ස්වාසූ දහසක් වෙහෙර විහාර, ජේතවනාරාම, පූර්වාරාම, වැනි විහාර ගොඩනැගීමටත් වඩා සතරපද ගාථාවකින් තරම්වත් කෙරේන ධර්ම දානයම අති උතුම්යයි වදාළ බුද්ධ ධර්ම වචනය මුදුනින් පිලිගත් අප මේ දහම්පොත මුද්‍රණය කරවා ධර්ම දාන වශයෙන් පිරිනමනුයේ අසීමිත ශ්‍රද්ධාවෙනි.

සෑම බෝසතාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත්වී ඇත්තේ මෙම ආනාපානාසති භාවනාව වැඩීමෙන්ය. මෙම භාවනාව “මහා පුරිස භාවනාව” නමින්ද හදුන්වනු ලබයි. අතිපූජ්‍ය මාතරශ්‍රී ඥානාරාම ස්වාමීන්වහන්සේ විසින් ඉතා සරළ ලෙසින් කාටත් කියවා තේරුම්ගත හැකි ආකාරයට ලියා ඇති මෙම ග්‍රන්ථය බොහෝදෙනාට ප්‍රයෝජනවත් පිණිස නැව මුද්‍රණය කිරීමට ලැබීම දුර්ලභ භාග්‍යයකි.
මුද්‍රණකරු

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.