මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි
ජාතක කතා තරම් ජනප්‍රියත්වයට පත් තවත් සාහිත්‍යංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරමිය. බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි “ජාතක පාලි” නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථා වන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතා වන්හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ.
මෙම සිංහලෙන් ලියන ලද ජාතක අටුවාව අද අප අතර නැතත් මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මායිමියන්ගේ අටුවා පාලියට නැගීමේව්‍යාපෘතිය බස්සේ එය පාලියට නැගී අදත් අප අතර “පාලි ජාතකටිඨ කතාව” නමින් පවති. “පන්සිය පනස් ජාතක පොත් වයන්සේ “නමින් සිංහල පාඨක ජකයාගේ ගෞරවයට පාත්‍ර වු සිංහල ජාතක පොත එම පාලි ජාතකටිඨ කතාවේ පරිවර්තනයක් ලෙස අප අතරට පත්ව ඇත.
සිංහල ජාතක පොත ලියවෙන්නට පෙර සිටම ජාතක කතා උගෙනීමට සිංහගයන් දැක්වු උනන්දුව පැහැදිලි වන සාධක රැසක්ම හමුවේ.දොගොද්වක සියවසේදී ජාතක අටුවා ගැට පදයක් ලියවුනේත් ජාතක ගාතා සන්නය, වෙසතුරැ දා සන්නය, දස ජාතක සන්නය, අටදා සන්නය ආදිය ලියවුනේත් ධර්ම ප්‍රදීපිකාවේසිට සියලු සිංහල සාහිත්‍ය කෘතීන්හි ජාතක කතා ඇතුලත් වුයේත් මුවදෙවිදාවත, කුසජාතකය,කවි සිළුමිණ, ජාතක කතා වස්තු කොට පද්‍ය කෘති බිහි වුයේ එහි ප්‍රතිපල වශයෙනි. – විකිපීඩියා ඇසුරිනි
වර්ග තුනක ඇතුළත් කරන ලද සූත්‍ර තිස් හතරකින් යුත් දීඝ නිකාය වනාහී සූත්‍රපිටකාගත ප්‍රථම පුස්තකයයි. එම වර්ග තුනෙන් තෙවැන්න වන මහා වග්ගයේ එන නවවැනි සූත්‍රය වන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයයි. මෙය බෞද්ධ භාවනාව නිරවුල්ව මෙන්ම ක්‍රමානුකූ®ලව උගන්වන සූත්‍රයක් වන හෙයින් දේශීය බෞද්ධයන්ගේ මතු නොව විදේශීය බෞද්ධයන්ගේද අවධානයට ලක්ව ඇත. සතිපට්ඨාන භාවනාව යන්නෙන් බුදුන් වහන්සේ අදහස් කළේ කුමක් දැයි සැබැවින්ම දැකගත හැක්කේ එම මහා සතිපට්ඨාන සූත්‍රය වෙත ඉතා සමීප දෘෂ්ටියක් එල්ල කිරීමෙන් පමණකි. එසේ බලන විට පෙනෙන්නේ මෙය මුළු බුදුදහමෙහිම සාරය එකම සූත්‍රයක් තුළට කැටි කොට දැක්වීමක් බඳු බවය.
කුරු රට කම්මාස්සදම්ම නම්වූ නියම් ගමේදී බුදුරජාණන් වහන්සේ විසින් මෙම සූත්‍රය දේශනා කරන ලදී. මහා සුතසෝම හා ජයද්දිස ජාතකයෙහි සඳහන් වන ආකාරයට පාදයෙහි කබර සහිත වණ කැළැලක් තිබූ හෙයින් පෝරිසාදයාට ‘කම්මාස’ යන්න අන්වර්ථ විය. කම්මාස නම් වූ පෝරිසාදයා දමනය කළ ස්ථානය සහිත ප්‍රදේශයද කම්මාස්සදම්ම නියම් ගම යැයි ප්‍රකට විය. Read More
කරුණාව, දයාව සහ මෛත්‍රිය මුසු සත්‍ය වාක්‍ය සමූහය පිරිතයි. මෙහි විශේෂයෙන් අඩංගු වන්නේ බුදුගුණ, දහම්ගුණ සහ සඟගුණයි. සූත්‍රදේශනා අවසානයේ සත්‍ය වචනයෙන් යහපතත් වේවා යැයි ආශිර්වාද කරනු ලබයි. (ඒතේන සච්චේන සුවත්ථි හෝතු) හාත්පසින්ම ආරක්‍ෂාව ලැබීම පිරිතෙහි ආනුභාවයෙන් සිදුවේ. ‘පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං’ ලෙස දක්වන්නේද එහෙයිනි.
බෞද්ධ සමාජයෙහි විවිධ අවස්ථාවන්හිදි මෙම සත්‍ය දේශනය සිදුකර ගනී. දරුවකු මව්කුස පිළිසිඳ ගත් තැන් පටන් ජීවිතයේ සෑම කටයුත්තකදීම පිරිත් දේශනා සිදුකිරීම සාමාන්‍යය.විශේෂයෙන් විවිධ අපල උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාවීමට මෙම පිරිත යොදාගත් අයුරු පසුකාලීනව දැනගත හැකිවේ. ‘නක්ඛත්ත යක්ඛ භූ®තානං’ ආදි වශයෙන් පිරිත් දේශනාව අවසානයේ සඳහන් වන්නේ නක්ෂත්‍රාදියෙන් , විවිධ භූත බලවේගයන්ගෙන් සිදුවන දෝෂ දුරුකෙරෙන ලෙස වන ආශිර්වාදයකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේද, “ඉමං පරිත්තං උග්ගණ්හාථ ඒතං මේ පරිත්තංච කම්මට්ඨානංච භවිස්සති “ මෙය ඔබට ආරක්ෂාවක් මෙන්ම කර්මස්ථානයක්ද වන්නේය යනුවෙනි. Read More
මිලින්ද ප්‍රශ්නය වනාහි බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑමෙන් වසර පන්සියයකට පමණ පසු රචිත ධර්ම ග්‍රන්ථයකි. ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශයේ පාලකයකුව සිටි මියෑන්ඩර් හෙවත් මිලින්ද නම් රජ කෙනකුන් විසින් නාගසේන නම් රහතන් වහන්සේ නමකගෙන් විමසන ලද බුදු දහම පිsළිබඳ ගැඹුරු ප්‍රශ්න සඳහා උන්වහන්සේ විසින් ලබාදුන් පිළිතුරු ඇතුළත් කොට රචනා කරන ලද ග්‍රන්ථයකි මෙම ග්‍රන්ථය. මෙය රචනා වී ඇත්තේ එකී ධර්ම සංවාදය සිදුවූ යුගයට පසු කාලයකදී බව ග්‍රන්ථයෙහි එන තොරතුරුවලින්ම පෙනී යයි.
මෙම ධර්ම ග්‍රන්ථය රචනා වී ඇති භාෂා මාධ්‍ය වන්නේ අද පාලි භාෂාව යන්නෙන් හඳුන්වල මාගධී භාෂාවෙනි. වියතුන්ගේ අදහස්‌වලට අනුව මෙය මුලදී සංස්‌කෘත භාෂාවෙන් තිබී පසුව පාලියට පරිවර්තනය කරන ලද බවද සැලකේ.ථෙරවාද අභිධර්ම පිටකයේ නිමාව සටහන් කරමින් රචිත කථාවත්ථූපකරණය නම් ග්‍රන්ථයෙන් පසු බිහිවූ වැදගත්ම ධර්ම ග්‍රන්ථය හැටියටද මිලින්ද ප්‍රශ්නය සැලකේ.
මෙහිලා මිලින්ද රජතුමන් විසින් නගන ලද බුදුදහම පිළිබඳව උභතෝකෝටික ප්‍රශ්න ගැන සලකා බැලීමේදී රජතුමා ධර්මය පිළිබඳව හසල දැනුමක් ඇත්තකු බව පැහැදිලිව පෙනෙයි. එකී ප්‍රශ්නවලට ඊට නොදෙවෙනි විචක්‌ෂණ භාවයකින් නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු සපයයි. උන්වහන්සේ මෙහිදී අනුගමනය කර ඇත්තේ තාර්කික ක්‍රමයකට වඩා උපමා උදාහරණ මගින් ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයකි. සමහර විටෙකදී උන්වහන්සේ ගෙනහැර දක්‌වන උපමා විශ්මය උපදවන සුළුය. මිලින්ද ප්‍රශ්නය උපමා සාගරයක් යෑයි කිවහැකි තරම් එය නැවුම් උපමා ගොන්නකින් ගහනව ඇත. මෙම ප්‍රශ්න උත්තර කියවන්නකුට මෙම ප`ඩිවරුන් දෙදනාගේ ධර්ම ඤාණය පිළිබඳව අපමණ ගෞරවයක් ඇතිවීම නොවැළැක්‌විය හැක්‌කකි. මිලින්ද ප්‍රශ්නයේ වැදගත්කම කෙතරම්ද යතොත් ථෙරවාද මෙන්ම මහායාන ආචාර්යවරුන්ද මෙය පිළිගැනීම තුළින් තහවුරු වේ. Read More
බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. එහි ඇතුළත් ගාථා නම් වූ ශාසනයට අයත් විමාන වත්ථු පේ‍්‍රත වත්ථු දැන් ඔබට කියවිය හැකිය. මෙම විමාන වස්තු පාළි හා පේ‍්‍රත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. මෙහි විමාන වස්තුවේ තිබෙන්නේ මිනිස් ලොවෙහිදී පින්කම් කොට දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරන පිරිස ගැනයි. පේ‍්‍රත වස්තුවෙහි තිබෙන්නේ පේ‍්‍රත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැනයි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපවය.
විමාන වස්තු කියැවීමේදී ඒ ඒ කර්මානුරූපව දිව්‍ය විමාන පහළ වී ඇති ආකාරය ගැන පුදුම සහගත තොරතුරු ඔබට ඉගෙන ගත හැකිය. ඔවුහු මිනිස් ලොවෙහිදී යහපත් කර්මයන් කොට ඒ ප‍්‍රතිවිපාක විඳිමින් සුව සේ කල්ගෙවති.
පේ‍්‍රත වස්තුවෙන් කියැවෙන්නේ පේ‍්‍රත ලෝකයෙහි තොරතුරුය. මනුෂ්‍යයන් විසින් දූෂිත සිතින් යුතුව සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරුතුරු රැුසක් ඔබට ඉගෙන ගත හැකිය. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම් සොටු ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සාපිපාසා නිවාගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුළුය. එමෙන්ම අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇති වීම නිතැතින්ම සිදු වේ.
ලෝකයෙහි කර්ම හා කර්ම විපාක පිළිබඳව සටහන් වී ඇති අනේකවිධ තොරතුරුවලට මෙම විමාන වස්තු පේ‍්‍රත වස්තු දෙකෙන් ඉස්මතු වෙන කථා ප‍්‍රවෘත්තින්ගෙන් ලැබෙන්නේ බලවත් එළියකි. අචින්තනීය වූ විෂයක් පිළිබඳව මේ අංශු තොරතුරු ස්වල්පය පවා, අපගේ ජීවිතවලට ඉතා මැනවින් යා යුතු මගත් නොයා යුතු මගත් පෙන්වා දෙයි.
මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට පොදු ජනතාව වෙනුවෙන් පළමුවෙන්ම දේශනා කොට වදාළේ විමාන වස්තුව හා පේ‍්‍රත වස්තුවයි. ඒ තුළින් කර්මයෙහි ඇති සැබෑ ස්වභාවය පෙන්වා දුන් උන්වහන්සේ අනතුරුව වදාළේ චතුරාර්ය සත්‍යය පිළිබඳව ඉතා වැදගත් දේශනා රාශියක් අන්තර්ගත වූ සංයුක්ත නිකායෙහි සච්ච සංයුක්තයයි. ප‍්‍රථම ධර්ම සංගායනාවේදී ඛුද්දක නිකායෙහිලා සංග‍්‍රහ ලද විමාන වස්තු පේ‍්‍රත වස්තු පිළිබඳ දැනීමක් තෙරුවන් සරණ ගිය කා තුළත් තිබිය යුතුමය.
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ …
විමානවත්ථු අට්ඨකථා භාගතකරගන්න.

අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත පතළ මහා කරුණාවෙන්මයි ශ්‍රී සද්ධර්මය වදාළේ. ශාස්තෘ ශාසනය වශයෙනුත් එය හඳුන්වනවා. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් ඒ ශාස්තෘ ශාසනය අංග නවයකින් යුක්තයි.
ධම්ම පදයේ ඇතුළත් වන්නේ ‘ගාථා’ නම් වූ ශාස්තෘ ශාසනයයි. මේ උතුම් ගාථාවන් ශාස්තෘ ශාසනය නමින් හඳුන්වන්නේ මේ තුළ පවතින සුවිශේෂී ගුණයක් නිසාය. එනම් මේ උතුම් ගාථාවන්ගේ අරුත් අවබෝධ කරගෙන ඒ අනුව ජීවිත සකසා ගත හොත් ඒ ශ්‍රාවකයා හට මේ සංසාර දුකින් අත්මිදී ඒ අමා නිවන සාක්ෂාත් කළ හැකිය.
වරක් සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේත්, ශ්‍රී සද්ධර්මයත්, ආර්ය සඟරුවනත් ගැන ගුණ සඳහන් ගාථා කීපයක් පැවසීය. එහි එක් ගාථාවක කදිම දහම් පදයක් තිබේ.
“ඒකස්මිං බ්‍රහ්මචරියස්මිං – සහස්සං මච්චු හායිනං”
“එක දහම් පදයක මරු පරදවා සිටින රහතන් වහන්සේලා දහසක් වැඩඉන්නවා.”
(ස.නි. 01)
එය කොතරම් සැබෑවක්දැයි පෙනෙන්නේ ඉතා හොඳින් සිහි නුවණින් යුක්තව දහම් පද හදාරණ විටය. ‘ධම්මපදය’ තුළිනුත් ඔබට ඒ අසිරිමත් ගුණය දැක්ක හැකිය. Read More