Skip to main content
Category

පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ( Ven Nauyane Ariyadhamma Maha Thero )

සැරියුත් මහරහතන් වහන්සේ – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි (Sariuth maha rahathan wahanse – Ven Nauyane Ariyadhamma Maha Thero )

By පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ( Ven Nauyane Ariyadhamma Maha Thero )

සැරියුත් මහරහතන් වහන්සේ” යන නාමය ඇසුණු සැණින් අප මනස දිව යන්නේ විහාරගෙයි බුදුපිළිම වහන්සේගේ දකුණුපසින් වැඩ සිටින මහා ශ්‍රාවක පිළිම වහන්සේ වෙත ය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම වන්නේ සැරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන්වහන්සේත් වම්පසින් මුගලන් මහරහතන් වහන්සේත් වැඩ සිටිති.

සැරියුත් මහ තෙරුන් උතුරු ඉන්දියාවේ රජගහ නුවරට නුදුරින් පිහිටි නාලක බමුණු ගමේ වංගන්ත බමුණාට දාව රූපසාරී බැමිණිය ගේ කුසෙන් ඉපිද “උපතිස්ස” යන නම ලැබුවේය. සාරී බැමිණිය ගේ පුත්‍රයා නිසා “සාරිපුත්ත” යන නමින් ද ප්‍රකට විය.

උපතිස්ස තෙමේ පසු කලෙක රජගහ නුවර ධර්ම ප්‍රචාරයේ යෙදුණු අස්සජි මහ තෙරුන් වහන්සේ දැක පැහැදී අවසානයේ දහම් ඇස පහළ කර ගත්තේය. අස්සජි තෙරුන් වහන්සේ දේශනා කළ සතර පෑ ගාථාවෙන් පළමු පද දෙක අසා අවසන් වනවාත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියේය. පසුව තම මිතුරා වූ කෝලිතට ද තොරතුරු දන්වා බුදුරදුන් වෙත ගොස් “ඒහි භික්ඛු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවේය. ඉන් සති දෙකක් ඇවෑමෙන් පසු බුදුරදුන් රජගහ නුවර ”සූකරඛත” ලෙනේ දී සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බෑණනුවන් වූ “දීඝනඛ” පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය අසා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් විය. ඒ බව උන්වහන්සේ ථෙර ගාථා පාලියේ දී මෙසේ දක්වා තිබේ.

”භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනිකෙකු හට ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව යොමු කළ කන් ඇති ව ඉතා හොඳින් ශ්‍රවණය කළෙමි. එය හිස් එකක් නොවීය. ඒ දහම් ශ්‍රවණය කළ මම සියලු කෙලෙසුන් නසා මහරහත් බව ලැබුවෙමි.”

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්තේ සැරියුත් මහරහතන් වහන්සේ ය. එසේ ම බුදුරදුන් ගේ දකුණත් සර්ව තනතුර දැරුවේ ද ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපති තනතුර දැරුවේ ද සැරියුත් මහරහතන් වහන්සේ ය. සැරියුත් මහරහතන් වහන්සේ ගේ චරිතය තුළින් යහ දිවියකට කැමති ඕනෑ ම පුද්ගලයෙකුට ගත හැකි ආදර්ශයන් බොහෝ ය. ඒ බව උන්වහන්සේ ගේ චරිතය විමසීමෙන් මනාව ප්‍රකට කෙරේ.

එවන් උත්තම මහ රහතන් වහන්සේකෙනෙකු ගැන පූජ්‍ය නා උයනේ අරියධම්ම මාහිමියන් විසින් රචිත ග්‍රන්ථය භාගත කරගන්න.

සම සතළිස් කර්මස්ථාන භාවනා – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි ( Sama sathalis karmasthana Bhawana – Ven Nauyane Ariyadhamma Maha Thero )

By පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ( Ven Nauyane Ariyadhamma Maha Thero )

සමථ විපස්සනා භාවනා නමින් භාවනා ක්‍රම දෙකක් ඇත. බුද්ධ ශාසනයේ පරමාර්ථය වූ  සියලු දුක් සන්සිදවන ශාන්ත නිවන් සුව සාක්ෂාත් කිරීම පිණිස එම භාවනා ක්‍රම දෙක අත්‍යාවශ්‍යයි. මහ මුහුද එක තැනින්ම ගැඹුරු නොවී අනුපිලිවෙලින් ගැඹුරු වී ඇත්තා සේ බුද්ධ ශාසනය නිවන දක්වා ගැඹුරු වී ඇත්තේ අනුපිළිවෙලිනි. ශීල, සමාධි, ප්‍රඥා යනු  ඒ අනු පූර්ව ප්‍රතිපදාවයි.

ශීලය සමාධියටත්, සමාධිය ප්‍රඥාවටත් ප්‍රඥාව නිවනටත් අනුපිළිවෙලින් පැමිණේ. මැදුම් පිළිවෙත – අනුලෝම පිළිවෙත – අරි අට්‍රගි මග ආදී නමින් හැදින්වෙන්නේද ශීග, සමාධි, ප්‍රඥාවමය. සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස ශීලයේ පිහිටා සමථ භාවනාවෙන් චිත්ත සමාධිය උපදවා විදර්ශනා වැඩීමෙන් මැදුම් පිළිවෙත, අරි අටගි මග වැඩිය යුතුවේ.

  • කතෘ ස්වාමීන් වහන්සේ

මෙම අගනු පුස්තකය ඔබත් බාගතකරගන්න.

බුද්ධානුස්සති භාවනා පිරිත සහිත චතු විශාරද ඥාන දේශනා – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි ( The Buddhanussathi Bhawana piritha sahitha Chathu wisharada gna deshana – Ven Nauyane Ariyadhamma Maha Thero )

By පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ( Ven Nauyane Ariyadhamma Maha Thero )

චතු විශාරද ඥාන පිළිබදව ධර්ම ග්‍රන්ථය මෙවර අපගේ ජන්ම දිනය සිහිපත් කරමින් මුද්‍රණය කරනු ලබන්නේ සත්ගුණවත් එස්.බී.දිවාරත්න මහත්මයා සහ දිවාරත්න මහත්මිනී විසිනි.

1994 පෙබරවාරි 25 දා ගල්දූවේ අභිනව පොකුණ පූජාකල නවම් පොහෝදින දේශනා කරන ලදචතු විශාරද ඥාන දේශනාව දහම් පොතක් වශයෙන් මුද්‍රණය කරවීමට ලියාදෙනු මැනව’යි කරන ලද කාරුණික ආරාධනාව පරිදි විශේෂ ධර්ම දේශනාදී ආගමික කටයුතු රැසක් සදහා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවරට වැඩිය බැවින් එහිදී ලැබුණ විවේක අවසරයේදී මෙය ඉතා සැකෙවින් සකස් කලෙමි.

මෙහි විශාරද ඥාන සතර විවරණයට අනතුරුව විශාරද ඥාන පිරිතක් යෙදිමි. එය නිතර භාවිතයට සුදුසු ආරක්ෂක පිරිතක් වනු ඒකාන්තය. පිරිතට අනතුරුව ඇත්තේ විශාරද ඥාන අනුව බුදුගුණ භාවනාවකි. එය නිතිපතා භාවිතයට සුදුසු අනුස්සතියකි. මහ සයුරේ කොතැනින් දිය බිදක් ගත්තේද එහි එකම ළවන රසය ඇත්තා සේ බුදුගුණ සයුරේ කොතැනින් ගුණ පදයක් ගත්තේද එහි ඇත්තේ අමා මිහිරකි. රුවන් ගබඩාවකට ඇතුලු වූ පුද්ගලයාගේ හාත්පසම රන් රුවන් මුතු මැණික් ආලෝකයේ කාන්තිය පැතිරෙන්නා සේද බුදුගුණ ගබඩාවට ඇතුලු වූ පුණ්‍ය වන්තයාගේ හාත්පසද බුදුගුණ රුවනේ කාන්තිය පැතිරෙනු ඒකාන්තය. බුදුගුණයෙන් සැනසෙනු කැමැත්තෝ නිරන්තරෙයෙන් මෙවැනි බුද්ධානුස්සති භාවනා වඩත්වා.

  • කතෘ ස්වාමීන් වහන්සේ

මෙම අගනු පුස්තකය ඔබත් බාගතකරගන්න.

ආනාපානාසති දේශනාව – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි ( The Anananasathi Deshanawa – Ven Nauyane Ariyadhamma Maha Thero )

By පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ( Ven Nauyane Ariyadhamma Maha Thero )

තථාගතප්පවේදිතො ධම්ම විනයො විරොචති නො පටිච්චන්නො

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය විවෘත වූයේ ම බබළන්නේය. සැගවී ගියේනම් එසේ නොවේ. යනු සූත්‍රපාඨයේ තේරුමයි. චන්ද්‍ර සූර්ය දෙදෙනා ගගන තලයේ බැබළෙවනුයේ වළාකුලු, මීදුම, ධූමදානයථ දූවිල්ල, රාහු නැමැති බාධාවන් නොමැති විටකය. එසේම ශ්‍රී සද්ධර්මය බැබලෙනුයේ ශ්‍රාවකයන් විසින් ශ්‍රද්ධාවත්, කුවණත් ලිහිටුවාගෙන ධර්මය ඉගෙනීම උගැන්වීම අනුගමනය කරමින්ද පිලිවෙත්හි යෙදීමෙනි.

ශ්‍රී සම්බුද්ධ ජයන්ති සමයේ සිට සමථ විපස්සනා භාවනා ගැන බෞද්ධයන්ගේ උද්‍යෝගය උදා වූ බැවින් ථෙරවාද බෞද්ධ රටවල ඉමහත් ප්‍රබෝධයක් ජනිත විය. ඈත අතීතයේ  දියුණුවෙන් පැවති ධ්‍යාන භාවනා ගැනත් පුනර්ජීවයක් උදාපත් කරන ලද්දේ වර්තමානයේ ම්‍යන්මාර් රාජධානියේ මෝලමියෙන් නගර ආශ්‍රිත චිත්තලපබ්බත භාවනා මධ්‍යස්ථානයෙහි පැවිදි දහස් ගණනකට ඒ සදහා උපදෙස් දෙමින් වැඩ සිටින අතී පූජ්‍ය කම්මට්ඨානාචාර් ඵා අවුක් සෙයාඩෝ මාහිමියන් විසිනි.

ශ්‍රී ලංකාවාසීන් හටත් එම සමථ පූර්වාංගම විපස්සනා භාවනා පුහුණු කරවනු පිණිස අපගේ ගෞරවණීය ආරාධනාවෙන් 1997 ජනවාරි මස 27 වෙනිදා ශ්‍රී ලංකාවට එම මාහිමියන් වහන්සේ ප්‍රධාන පිරිස 10 දෙනෙකු වැඩම කරවා ආරම්භ කළ ප්‍රථමවැඩසටහනේදී අප විසින් යෝගී පිරිස සදහා පවත්වන ලද දම් දෙසුම “ආනාමානාසති භාවනාව” නමින් මෙසේ දහම් පොතක් බවට මුද්‍රණය වී ඇත.

  • කතෘ ස්වාමීන් වහන්සේ

මෙම අගනු පුස්තකය ඔබත් බාගතකරගන්න.

බුද්ධ වන්දනා ක්‍රමය – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි (Buddha wandana Kramaya – Ven Nauyane Ariyadhamma Maha Thero )

By පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ( Ven Nauyane Ariyadhamma Maha Thero )

බුදධානුස්සති භාවනාවක් වැඩෙන සේ ශ්‍රී කල්‍යාණී යෝලාශ්‍රමීය බුද්ධ වන්දනා ක්‍රමය නැමැති මෙම පොත සකස් වූයේ මෙයට අඩ සියවසකට පෙර අතිගරු පූජණීය ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත මාතර සිරි ඥාණාරාමාභිධාන මහෝපාද්‍යාය මාහිමිපාණන් වහන්සේ අතිනි. මෙම වන්දනා ක්‍රමය ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් සෑම සේනාසනයකම දවසට තුන් වේලක් එකම කාලසටහනකට අනුව පැවැත්වෙන බව ඉතා සතුටින් සදහන් කරණුයේ  බුධ්ධ ශාසන ප්‍රතිපත්ති සුරක්ෂිත වීම පිණිස ඉන් සැලසෙන ධර්ම ශක්තිය අතිවිශාල බැවිනි. ඉකුත් වූ අඩ සියවසර තුල බොහෝ වාරයක් මුද්‍රණය කරවූ මෙම වන්දනා ක්‍රමය මෙවර මුද්‍රණය කරවා බෙදා දෙනුයේ නාඋයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතිය සහ ආරණ්‍යස්ථ සිල් පිරිසගේ දායකත්වයෙනි.

මින් ජනිතවන පුණ්‍ය සම්භාරය මෙම වන්දනා ක්‍රමයේ නිර්මාතෘ වන අපවත්වී වධාළ අතිගරු පූජණීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිදාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව පිණිසම හේතුවාසනා වේවා. අපවත්වී වදාළ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක ප්‍රධාන අනුශාසක අතිගරු පූජණීය රාජකීය පණ්ඩිත කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශාභිදාන අසමද්දාචාරය් මාහිමිපාණන් වහන්සේ මතු උතුම් පෙව්තුරා බුදුබවට පත්වේවා …

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමීය බුද්ධ වන්දනා ක්‍රමය යෝගාශ්‍රමීය සියලුම මහා සංඝරත්නය විසින් ඉතාමත් ගෞරවයෙන් එකලෙස භාවිතා කෙරේ. තදනුගාමික දස දහස් ගණන් බොදු උසි උවැසියෝද එසේම එය අනුගමනය කිරති. එහෙයින් මෙම ගෞතම සම්බුද්ධ ශාසන ප්‍රතිපත්ති මාර්ගයේ ආරක්ෂාව අභිවර්ධනය පිණිසම හේතුවේවා.

මෙම ධර්ම දානමය පුණ්‍යලාභය හිමිකරගත් නාඋයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සංගමයේ සැමටත් ධර්මඥාන භාවානාඥානයත් ආයුරාරෝග්‍යාදී ශ්‍රී සම්පත්තිය අභිවර්ධනය වේවා. – කතෘ ස්වාමීන් වහන්සේ.

මෙම අගනු පුස්තකය ඔබත් බාගතකරගන්න.

බෝධි වන්දනා – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි (Bodhi wandana – Ven Nauyane Ariyadhamma Maha Thero )

By පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ( Ven Nauyane Ariyadhamma Maha Thero )

බෝධි වුච්චති චතු මග්ගේසු ඤාණං – බෝධි යනු සතර මාර්ග ඥානයයි. අනුත්තරං සම්බෝධිං අභිසම්බුද්ධො – බෝධි යනු සර්වඥතා ඥානයයි. පත්වානං බෝධිං වරභූරි මේධසො – බෝධි යනු ශාන්ත නිර්වාණ ධාතුවයි. තවද බෝධි යනු සර්වඥරාජෝත්තමයන් වහන්සේට ද නමකි.

බුද්ධගයා ශුද්ධ භූමියෙහි අස්වත්ථ වෘක්ෂයට පිට දී තථාගතයන් වහන්සේ සතර මාර්ගඥාන බෝධියටද, සර්වඥතාඥාන බෝධියටද, ශාන්ත නිර්වාණ ධාතු බෝධියටද සැපත් වූ බැවින් ඒ අස්වත්ථ වෘක්ෂ රාජයාණන් ද බෝධි නමින් හැදින් වේ.

බුද්ධගයාවේ පිහිටි එම විජය ශ්‍රී බෝධිරාජයාණන් වහන්සේගේ පුත්‍ර නතෘ පරම්පරාවට අයත් වූ සියලු බෝධි වෘක්ෂයෝ පාරිභොගික වස්තු වශයෙන් පූජණීයයි. එසේ හෙයින් බෝධි පූජාව වෘක්ෂ පූජාවක් හෝ දේව පූජාවක් නොවේ. බෝධි පූජාව බුද්ධ පූජාවකි. ඥාණ පූජාවකි. බුද්ධානුස්සති භාවනාවකි. – කතෘ ස්වාමීන් වහන්සේ.

බෝධිය යනු ලොව්තුරු සම්බුද්ධ රාජ්‍යයේ ප්‍රතිමූර්තියයි. සම්බුදු පහසින් පරම පාරිශුද්ධත්වයට පත් වූ උත්තම විජය ශ්‍රී ජය සිරිමා බෝ සමිදුන් සිහිගන්වමින් සිදු කෙරෙන උත්තම බෝධි පූජාවටත් වඩා අප නොදත් බෝ දේ මේ ග්‍රන්ථයෙහි අඩංගුය. පරම පූජණීය අපේ නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ රචිත බෝ පොත ඔබත් භාගත කරගන්න.

භාවනා – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි (Bhawana – Ven Nauyane Ariyadhamma Maha Thero )

By පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ( Ven Nauyane Ariyadhamma Maha Thero )

“ නිබ්බානං පරමං සුඛං – නිවන හෙවත් දුන් නිවීමපරම සුවයයි. ඒ සුවය ලබා ලැනීමට මාර්ග දෙකක් ඇත. එනම් බණ ඇසීම හා මාර්ගය වැඩීමයි. එය බුදුරජාණන් වහන්සේ පුග්ගලාරොපනයෙන් කොටස් සතරකට බෙදා දේශනා ක‍ලහ. උද්ගටිතඥ හා විපචිතඤයෝ බණ ඇසීමෙන් නිවන් දක්නාහු වෙති. නෙය්‍ය හා පදපරමයෝ බණ ඇසීමෙන් නිවන් දක්නාහු වෙති. නෙය්‍ය හා පදපරමයෝ මාර්ගය වැඩීමෙන්  නිවන් දක්නාහු වෙති. මෙකල නිවන් දැකීමේ නොවරදින මග මාර්ගය වැඩීමයි.

නිවන් දැකීමේ එකම මාර්ගය ආර්ය අෂිඨාංගික මාර්ගයයි. ඒ අංග අට ශීල, සමාධි, ප්‍රඥා යන ගුණ කදු තුනට ගොඩවේ. ආර්යාෂ්ඨාංගික මාර්ගයෙන් ගමන් කිරීම නම් සවකීය සන්තානයෙහි ශීල, සමාධි, ප්‍රඥා යන ගුණ කදු තුන දියුණු කිරීමයි.” – කතෘ ස්වාමීන් වහන්සේ.

සසුන් කෙතෙහි පිලිවෙත් පුරණ කරුණාවේ ප්‍රතිමූර්තියක් බදු වූ ත්‍රිපිටකාචාර් නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් විසින් ග්‍රන්ථගතකල “ භාවනා ” නම් මේ පුස්තක රත්නයි සසුන් මගෙහි ගමන් කරන ගිහි පැවිදි සැමදෙනාහට මනා මාර්ගඋපදේශකත්වයක් සපයයි. ඒ උත්මු පුස්ථක රත්නය භාගතකරගෙන කියවන්න ඔබට පුලුවන්.