Skip to main content

අතිපූජ්‍ය කඩවැද්දුවේ ජිනාලංකාර හිමි චරිතාපදානය (MostMost Venerable Kadawadduwe Jinalankara Thero’s character )

පුජ්‍ය කඩවැද්දුවේ ජිනාලංකාර ස්වාමින්වහන්සේ උපත ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1908 දීය. 1921 වසරේදී උන්වහන්සේට වයස 13ක් පමණ වත්දී හොරණ පුර්වාරාම විහාරයේදී ශ්‍රමණ භූමියට ඇතුළුවූ උන්වහන්සේ පයාගල ධම්මගුප්ත පිරිවෙනෙන්ද වැල්ලවත්තේ ධම්මෝදය පිරිවෙනෙන්ද පාලි, සංස්කෘත, තිපිටක ධර්ම සහ අභිධර්ම අද්යනපනය ලත්දේය. 1927 වසරේදී ඉහල උපසම්පදාව ලත් එතුමෝ එවකට දුර්වලව තිබු සංඝයාගේ ගුණ නුවණ වැඩීමට මේ කාලය බව වටහා ගෙන සිටියෝය. උන්වහන්සේට වයස 25 වුන වසර 1932 දී උන්වහන්සේ තෙබුවන ග්‍රන්තකාර පිරිවෙන නමින් භික්ෂු අද්‍යපන මධ්‍යස්ථානයක් ඇතිකළේය.

බුද්ධ ධර්මයේ අරමුණ පන්සල් විහාර ගොඩනැංවීම පමණක් නොවන බව උන්වහන්සේගේ අදහස විය. මිනිසුන්ගේ පිළිවෙත් පැවතුම් නිදොස් කොට ඔවුන් යහ මගට ගැන්වීම ඉතාමත් වැදගත් වුවත්, සංඝයා වහන්සේලා ඒ කාර්යයට මුළු ජීවිතයම කැපකිරීම, බුදුන් වහන්සේ වදාළ “අප්‍රමාදය” නොවන බව එතුමෝ දුටහ. යමෙක් සසුන් ගතවන්නේ පළමු අරමුන ලෙස “සබ්බ ධුක්ක නිස්සරනාය, නිබ්බාන සච්ච කිරියාය” නිවනම අපේක්ෂා කරමින් සසරින් ගැලවීමට නම් එයට අවශ්‍යවන භාවනාව ජීවිතයේ කොටසක් කරගත යුතු බව ජිනාලංකාර ස්වාමින් වහන්සේගේ අදහස විය. භාවනා කරන්නට සුදුසු වාතාවරණයක් ඇති නිස්කලංක පන්සල් විහාර නැති නිසා ආරණ්‍ය සේනාසන ඇති කලොත් මැනවයි උන්වහන්සේ සිතුවේය.
ඒ සඳහා උන්වහන්සේ ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාව නමින් සංවිධානයක් 1951 වසරේ ජුනි 18 වැනිදා ඇතිකරවූහ. ඒ සංවිධානය ඇතිකළ ප්‍රථම සේනාසනය කිරින්දේ නිමලව ආරණ්‍යයය. ඉන්පසු දෛවොපගතවම මෙන්, පුජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින්වහන්සේ ජින්වන්සාලන්කාර ස්වාමින්වහන්සේට එකතුවීමෙන් ද, අසෝක වීරරත්න ශ්‍රීමතාණන් විසින් මීතිරිගල නිස්සරණ වනය සේනාසනය ඇතිකිරීමෙන්ද, මේ උත්සාහය මල්පල ගත්තායි කීවොත් නිවැරදිය. අද ලංකාව පුරා ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවට අනුබද්ධිතව ආරණ්‍ය සේනාසන 150ක් පමණ ඇත. පැවිද්දන්ගේ විමුක්ති මාර්ගයට එලබෙන්නට අවශ්‍ය භාවනා කරන්නට සුදුසු සියලු අවශ්‍යතා ඉටුකරදෙන්නට සැදී පැහැදී සිටිනා ශ්‍රද්ධාවත් දායකයන් මේවායේ ක්‍රියා කරයි.


ශ්‍රී කල්‍යාණි යෝගස්රම සංස්ථාව ඇතිකිරීමෙන් උන්වහන්සේ හෙළදිව සංඝ පරම්පරාවට යලි ජීවන හුස්මක් පිම්බාය යයි කිව හැක. කිසිදු තනතුරු, නම්බු නාම, ගරු ප්‍රදාන නොතකු නොපැතූ උන්වහන්සේ ගතකල ජීවිතය සරල සුගම විය.

අති පුජ්‍ය කඩවැද්දුවේ ජිනාලංකාර ස්වාමින්වහන්සේ වසර 96ක් ආයු වළඳා 2003 ජුල 18 වැනිදා අපවත්වී වදාළ සේක. අපේ සාසනය නිසි මගට මෙහෙයවූ ඔබවහන්සේට නිර්වාන ධර්මයම පසක් වේවා.

ශ්‍රි කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක අපවත් වී වදාළ අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රි ජිනවංශාභිධාන මහා නා හිමි සමිඳුන්ගේ නිස්සරණ දිවි මගෙහි අසිරිමත් ජීවන තොරතුරු සහ පිය සටහන්..

භාගතකර කරගන්න