Skip to main content

මගඵල ලබන මග – පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි (magapalalabana maga – Galigamuwe Gnanadeepa Thero)

“අපි මේ ගමන් කරන්නේ ඉතාමත් භයානක වූ සංසාර ගමනකයි. මේ සංසාර ගමනට හසුවෙලා ඉපදෙමින් මැරෙමින් යන සංසාරික සත්වයන් ගේ පෘතග්ජනභාවයේ තිබෙන අනතුර මෙතෙකැයි කියල සීමා කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලේ සතර අපායේ වැටි වැටී යන පෘතග් ජන සත්වයා මේ සංසාර ගමන තුල ගමන් කරන්නේ තමන්ගේ කැමැත්තට නොවන බවයි. තමන්ව නිර්මාණය කරපු අදෘෂ්‍යමාන දෙවියෙකු විසින් මේ ගමන මෙහෙයවනවත් නෙවෙයි. මේක ඉබේම යන සංසාර ගමනකුත් නොවෙයි.පටිච්ච සමුප්පාදය නිසා හේතූන් හැදෙන ඵලයන්ගේ ක්‍රියාකාරිත්වයට අනුව යි සත්වයා මේ සංසාර ගමන තුල දිගින් දිගටම ගමන් කරන්නෙ.” – කතෘ ස්වාමීන් වහන්සේ

නිවන් මගෙහි ගමන් කරන්නෙකුට බුදු පසේබුදු පදවි බලාපොරොත්තු නෙවේනම් මේ ජීවිතයේදීම නිවන් ලබන්නට තරම් අකාලික බුදු දහම මග පෙන්වනු ලැබේ. ඒ නිවන් මගට මනා ආලෝකයක් ලබාදෙන ඉතාම වැදගත් කෘතියකි මේ. ඔබත් මේ කෘතිය කියවා මේ ජීවිතයේදීම මගඵල ලබන්නට උත්සාහ කරන්න.