Skip to main content
Category

රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ … ( Ven.Rerukane Chandawimala Thero Books)

කෙලෙස් එක්දහස් පන්සියය – රේරුකාණේ චන්දවිමල නාහිමි (Keles Ekdahas Pansiyaya – Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ කෙලෙස් එක්දහස් පන්සියය යනු බොහෝ විට ධර්ම කථිකයන් වහන්සේලාගේ මුවින් නිකුත්වන බෞද්ධයන්ට නිතර ඇසෙන වචනයකි. එමෙත් කෙලෙස් එක්දහස් පන්සියය දන්න වුන් දුලබ නිසා එයවචන මාත්‍රයක් වී ඇති බැවින් ( කෙලෙස් එක්දහස් පන්සියය ) ඒ ගැන පොතක් කිසිවෙකු විසින් හෝ ලියුවහොත් මැනවැ යන අදහස අප තුල බොහෝ කලක සිට පැවතිණ. කෙලෙස් ගිනි දල්වන, කෙලෙස් වඩන පොත් කොතෙකුත් බිහි උනා මිස කෙලෙස් ගිණි නිවීමට උපකාර වන පරිදි කෙලෙස් එක්දහස් පන්සියය ගැන පොතක් බිහි නොවුනි. එබැවින් බෞද්ධ ග්‍රන්ථ මාලාවට අඩුවක්ව පවතින මේ කෙලෙස් එක්දහස් පන්සියය නැමැති ග්‍රන්ථය ලිවීම ආරම්භ කරන ලදි.”  – කතෘ ස්වාමීන් වහන්සේ.

කෙලෙස් ගිනි නිවීමට නම් ඒ කෙලෙස් මොනවාදැයි අවබෝධ කරගෙන සිටීම වැදගත්ය. රේරුකාණේ අපේ නායක හාමුදුරුවන් මේ විස්තර කරන්නේ සසර ගිනි අවුලන කෙලෙස් එක්දහස් පන්දියය ගැනය. ගින්නට හේතුව කුමක්ද සොයා පිලියම් යෙදූ විට ගින්න ඉබේම නිවී යන්නා සේ ඔබේ කෙලෙස් ගිනි නිවාගැනීමට මේ මාහැගි ධර්ම රත්නය ඔබට මනා පිටිවහලක් ලබාදෙනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …

පටිච්ච සමුප්පාද විවරණය – රේරුකාණේ චන්දවිමල නාහිමි ( Patichcha Samuppadha Wiwaranaya – Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ මේ සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක පන්තියේ අටවන දහම් පොතය. මෙයින් මේ දහම් පොත්පෙළ අවසන් කෙරේ. කිසි ඝෝෂාවක් නොකොට, කිසිවෙකුගේ ආධාරයක් නොගෙන අමාරුවෙන් ආරම්භ කරන ලද මේ ධර්ම පුස්ථක ප්‍රචාරය අප බලාපොරොත්තු වූවාට වඩා සාර්ථක වූ බව ප්‍රීතියෙන් සදහන් කරමු. මේ ධර්ම පුස්ථක ප්‍රචාරය සාර්ථක වූවාක් මෙන් හැම දෙනාගේම සියලු යහපත් වැඩ සාර්ථක වේවා” කතෘ ස්වාමීන් වහන්සේ

පූජණීය රේරුකාණේ චන්දවිමල අපේ නායක හාමුදුරුවන් පටිච්ඡ සමුප්පාද ග්‍රන්ථය හදුන්වා ඇත්තේ ඒ ලෙසිනි. නිවන් මගට පිලිපන් ඔබ අනිවාර්යෙන් කියවා අවබෝධ කොටගත යුතු මේ මාහැගි පුස්ථක රත්නය කියවීමට උත්සාහ කරන්න.  එය ඔබට නිවන් අවබෝධයට මග පහසු කරනු ඇත.

ඒ සුපිරිසිදු මගට මේ පිවිතුරු ග්‍රන්ථ රත්නය ඔබට මනා මාර්ග උපදේශයක් ලබා දෙනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට  පිවිසෙත්වා …

ධර්ම විනිශ්චය – රේරුකාණේ චන්දවිමල නාහිමි ( Dharma vinishchaya – Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ බුදු දහම කිලිටි කරනු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමැති, සැක උපද්දවා බුදු දහම ගැන බෞද්ධයන් කළකිරවනු කැමති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සදහා උපදවන ප්‍රශ්න බොහෝ ඇත්තේය. බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින, තමන් දැන ඇති කිසියම් සුලු දෙයකින් හිස ඉදිමී ඇති ඇතැමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දානාදි පින්කම් කරන හැකි පමණින් ගුණදම් පුරන සැදැහැවත් බෞද්ධයන්ටත් පහර දීම පිණිස අපදවන බොහෝ ප්‍රශ්න ඇත්තේය.  භික්ෂූන් වහන්සේට හා සැදැහැවත් බෞද්ධයන්ට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියා ප්‍රසිද්ධියට පැමිණවීමෙන් ඔවුනට මහත් සැනසිල්ලක් වන්නේය.

බුරුමයේ විසූ ධර්මධරයන් වහන්සේලා විසින් තමන් වෙත ඒ ඒ අය විසින් ඉදිරිපත් කල ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම් වශයෙන් සම්පාදනය කරන ලද ධර්ම ග්‍රන්ථ බොහෝ ගණනක් බුරුම සාහිත්‍යයට ඇතුලත්ව ඇත්තේය.  ඒ ගණයට අයත් ධර්ම ග්‍රන්ථ අප සාහිත්‍යයේ සුලභව නැත. අප රටේද එබදු දහම් පොත් ඇති කිරීමට මුල පිරීමක් වශයෙන් අප විසින් ධර්ම විනිශ්චය නැමැති ග්‍රන්ථය සම්පාදනය කරන ලදි” කතෘ ස්වාමීන් වහන්සේ .

බුදුදහම පිළිබද අසීමිත භක්ත්‍යාදරයෙන් ධර්මයේ චිරස්ථිතිය වෙනුවෙන් රේරුකාණේ චන්දවිමල අපේ නායක හාමුදුරුවන් වහන්සේ විසින් රචිත මේ ග්‍රන්ථය ඔබේ සිතේ නිවන් මග අහුරන බොහෝ ප්‍රශ්න වලට පිලිතුරු ලබාදී තිබේ.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …

චතුරාර්ය සත්‍යය – රේරුකාණේ චන්දවිමල නාහිමි_ ( Chathurarya Sathya – Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ බෞද්ධ ධර්මයේ පරම සාරයන් චතුරාර්ය සථ්‍යමය. එබැවින් නියම බෞද්ධයෙකු වන්නට නම් ආර්ය සත්‍යයන් පිලිබද තරමක හෝ දැනුමක්වත් ඇති කරගත යුතුය. මෙකල වසන බෞද්ධ ගෘහස්තයන්ගෙන් තබා පැවිද්දන්ගෙන්ද වැඩි දෙනෙක් මේ ආර්ය සත්‍ය පිලිබද ඡායා මාත්‍රයක දැනුමක් වත් නැත්තෝය  චතුරාර්ය සත්‍යය අනුන්ගේ උපකාරයෙන් තොරව ස්ව ශක්තියෙන්ම කෙනෙකුට සොයාගත හැකි, තේරුම ගත හැකි ධර්මයක්ද නොවේ.ඒ ධර්මය තරමකින්වත් බෞද්ධ ජනයාට දැනගැනීමටනම් පහසුවෙන් තේරුම්ගත හැකි සැටියටලියැවුණු පොත් තිබිය යුතුය.  මේ වනතුරුත් එවැනි පොත් සුලභව නැති බැවින් බෞද්ධ ජනතාවට ආර්යය සත්‍යයන්තරමකින්වත් දැනගැනීමට උපකාර වීමේ අදහසින්අවප‍ගේ නැණ පමණින් මහත් පරිශ්‍රමයෙන් මේ පොත සම්පාදනය කරන ලදි.” කතෘ ස්වාමීන් වහන්සේ.

නිවන් දැකීම යනු චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම වේ. බුද්ධ කාලයෙහි සමහර රහතවන්වහන්සේලාට එක් බණ පදයකින් පවා චතු සත්‍යය අවබෝධ විය. සමහර ස්වාමීන් වහන්සේලාට වසර විස්ස තිහ මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. ඊට හේතුව වන්නේ පෙරභවයන් හිදී ගැඹුරු ධර්මයට සිත යොමු නොකිරීමයි. ඔබත් හැකිපමණනින් ගැඹුරු ධර්මය උගෙනීමට උත්සාහ කරන්න.  එය ඔබට නිවන් අවබෝධයට මග පහසු කරනු ඇත.

ඒ සුපිරිසිදු මගට මේ පිවිතුරු ග්‍රන්ථ රත්නය ඔබට මනා මාර්ග උපදේශයක් ලබා දෙනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …

චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව– රේරුකාණේ චන්දවිමල නාහිමි ( Chaththalisakara Maha Vipassana Bawanawa – Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන- මාර්ග- ඵල- අභිඥා ආදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති මටිසම්භිදාමග්ග නැමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයකි.
සීලන්ත සූත්‍ර-සුතවන්ත සූත්‍ර දෙකෙහි දැක්වෙ කරුණු අනුව දැනට ජීවිතවේ පශ්චිම කාලයට පැමිණ සිටින අපිදු මේ කාලය චත්තාලිසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීමට ඉටාගතිමු. කියැවීමෙන්, කීමෙන්, ඇසීමෙන්, සිතීමෙන් යම් කිසි කරුණක් පිලිබද ඇතිවන දැනුමට වඩා උසස්, පිරිසිදු , පුලුල් දැනුමක් ඒ දෙය විස්තර කිරීමෙන් ලබාගත හැකිය. එබැවින් අපගේ දැනුම දියුණු කර ගැනීම, මෙය සම්පාදනය කිරීමට ප්‍රධාන හේතුවය  ” යි කතෘ හිමියන් විසින් මේ ග්‍රන්ථය ගැන විස්තර කර ඇත.

කාටත් ප්‍රයෝජනවත් උවද චත්තාලිසාකාර විපස්සනාව කිසිදු පොතක විස්තර කර නැත. එබැවින් නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට මෙම ග්‍රන්ථය උපකාර වනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …

බුද්ධ නීති සංග්‍රහය – – රේරුකාණේ චන්දවිමල නාහිමි ( Buddha Neethi Sangrahaya – Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ බුදුන් වහන්සේ විසින් ප්‍රකාශිත නීති අතර සුදුප දේශ ම මිස එක දුරුපදේශයකුදු නැත. කෑම පීම, පා සේදීම , මුව සේදීම, නෑම, මල මුත්‍ර පහකිරීම, කෙල ගැසීම ආදී සුලු කරුණු වලදී පිලිපැදිය යුතු උපදෙස් පවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර තිබේ. එබැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කිව යුතුය. සුපරිශුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිලිපදින්නා‍ වූ තැනැත්තා තමාගේ උභය ලෝකාර්ථය ම සිදුකරගන්නේය. පරාර්ථයද සිදු කරන්නේය.

බුද්ධ නීතිය උභය ලෝකාර්ථ සාධක වූ සකලාංග සම්පූර්ණ වූ පාරිශුද්ධ නීතියක් උවද එය එක්තැන් නොවී පාලි සාහිත්‍යයේ විසිරී පවත්නක් වී තිබෙන බැවින් හැමදෙනාටම එයින් ප්‍රයෝජනයක් ගත හැකි වී තිබේ. එබැනිව් බෞද්ධයෝ සුපරිශුද්ධ බුද්ධ නීතිය තිබියදී නීති ශාස්ත්‍රය උගැනීමට හිතෝපදේශ, පංචතන්ත්‍ර ආදී අබෞද්ධ ග්‍රන්ථ භාවිතයට පටන් ගත්හ. බෞද්ධයනට සුපරිශුද්ධ බුද්ධ නීතිය  පහසුවෙන් ඉගැනීමට ක්‍රමයක් නැතිකමේ පාඩුව නොයෙක් වර අපිට පෙනුන බැවින්  බුද්ධ නීති සංග්‍රහය නැමැති ග්‍රන්ථය සම්පාදනය කිරීමට අප සිත නැමිණ.” යැයි කතෘ ස්වාමීන් වහන්සේ විදින් මේ ග්‍රන්ථය හදුන්වා දී ඇත.

බුද්ධනීතිය යනු ලෝක පාලන නීති වන හෙයින් බටහිර නීති, හෝ වෙනයම් නීති ක්‍රමයක් මගින් මෙන් කිසිවෙකුට අසාධාරණයක්, අපහාසයක්, සිත් රිදවීමක් නොවේ. බුද්ධ නීතිය පාරිසරිකය, බුද්ධ නීතිය ස්වයං විනයක්ය. කිසිවෙකු හිරකර නොතබන්නකි. නිවන් මගේ ගමන්කරන්නෙකුට සිය ආත්මය පාලනය කල හැකි මනා මාර්ගෝපදේශයක් මෙමගින් සපයනු  ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට බුද්ධ නීතියට පිවිසෙත්වා …

පට්ඨාණ මහ ප්‍රකරණය – රේරුකාණේ චන්දවිමල නාහිමි (Keles Ekdahas Pansiyaya – Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“පට්ඨාන මහා ප්‍රකරණය පාලිය කියවා එයින් ප්‍රයෝජනයක් ලබනු තබා එහි සැටිවත් කිසිවෙකුට තේරුම් ගත නොහැකිය. පාලි භාෂාව දතහොත් බුදු දහම දත හැකිය යන හැගීම බොහෝ දෙනෙකුට ඇතත් එය මුලාවකි. පාලිය කෙතෙක් දතුවකුට උවද පාලි දැනීමේ බලයෙන් මේ ප්‍රකරණය තේරැම් ගත නොහැකිය. කෙතෙක් පාලි දතුවකු විසින් උවද පට්ඨාන ප්‍රකරණය තේරුම් ගනු කැමතිනම් අභිධර්මය දතුවකුගෙන් උගත යුතුමය. සන්නයක් නැති කල්හි එය ගුරුවරයෙකුගෙන් ඉගෙනීමද අපහසුය. ඒ බව දත් අපෙන් ධර්මය උගත් කාන්තාවක් ඇතුලු බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි අප විසින් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි” යි ලෙසින් කතෘ ස්වාමීන් වහන්සේ විසින් මේ ග්‍රන්ථය පිලිබද හදුන්වා ඇත.

අභිධර්මය උගනු කැමැත්තේ විසින් පරිශීලනය කල යුතුම උතුම් සම්බුද්ධ දේශනාවක් වූ මේ ග්‍රන්ථ රත්නය අභිධර්ම මගෙහි ගමන් කරන්නෙකුට ඉතා හොද මාර්ගෝපදේශකත්වයක් සපයනු ඇති.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට අභිධර්ම මගට පිවිසෙත්වා …

අභිධර්ම මාර්ගය – රේරුකාණේ චන්දවිමල නාහිමි ( Abhidharma-Margaya – Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ අප විසින් සම්පාදිත දහම් පොත් කියවූ ගිහි පැවිදි බොහෝ දෙනෙකු විසින් හා දහම් පාසැල් පවත්වන ඒවායේ උගන්වන බොහෝදෙනෙකුන් විසින්  තේරුම් ගැනීමටද, උගැනීමටද, ඉගැන්වීමටද පහසු අභිධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස නොයෙක් වර ආරාධනා කල බැවින්  අප විසින් අභිධර්ම මාර්ගය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි” ලෙසින් කතෘ හිමිපාණන් වහන්සේ විසින් මේ ග්‍රන්ථය හදුන්වා දී ඇත.

“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,”  ලෙසින් උන්වහන්සේ විසින් ම මේ ග්‍රන්ථය හදුන්වා දී ඇති බැවින් ග්‍රන්ථයේ සරල බව මනාව වැටහේ.

බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු  ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය ඔබට හොද මාර්ගෝපදේශකත්වයක් සපයනු ඇති.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට අභිධර්ම මගට පිවිසෙත්වා …

අභිධර්මයේ මූලික කරුණු – රේරුකාණේ චන්දවිමල නාහිමි (Abhidharma Mulika Karunu – Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත අප විසින්  සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් හා ගුරුන්ගෙන් ඇසීමෙන්ද ඒ ධර්මය උගන්නා තැනැත්තාට නොයෙක් විට වැරදි හැගීම් ඇතිවෙයි. වැරදි හැගීම් ඇතිවීමයයි කියනුයේ පරමාර්ථ ධර්ම වැරදි ලෙස තේරුම් ගැනීමයි. මෙකල අභිධර්මය උගෙනගෙන සිටින අය අතරද බොහෝදෙනා ඇතැම් කරුණු වරදවා තේරුම් ගෙන සිටින බවඔවුන්ගේ කතා වලින්ද ඇතැම් ලියවිලි වලින්ද අපට පෙනුනි. අපට මෙම මොත ලිවීමේ අදහස පහල වූයේද එහෙයිනි. ”  – කතෘහිමියන් විසින් තැබූ සටහන ඇසුරිනි.

මෙකල අභිධර්මය පිලිබද අව‍බෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.

බාගතකර ගැනීම

බෝධිපාක්ෂික ධර්ම විස්තරය – රේරුකාණේ චන්දවිමල නාහිමි ( Bodhi Pakshika Dharma Wistharaya -Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් අප විසින් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ” – කතෘහිමියන් විසින් තැබූ සටහන ඇසුරිනි.

රූප, ශබ්ද, ගන්ධ ආදී පංචකාම වස්තූන්ට රැවටී මලා වූ ජනයා සසර කතරේ අතමංව නිරා දුක් විදිති. රාග දෝෂ මොහාදී කෙලෙසුන් පොදිබැදන් සසර කතර දුවන ජනයාට මේ දුක්ඛිත තත්වය ගැන අව‍බෝධයක් නැත්තේය. අවබෝධයක් ඇති උන් සසර දුක කෙළවර කරගැනීමට වෙහෙසෙති. එවන් සුදනන් වෙත බැතිසිතින් තිළිණ කරන මේ ශුද්ධ ග්‍රන්ථයේ රචකයාණන් වහන්සේ පරම පූජණීය රේරුකාණේ චන්දවිමල නායක ස්ථවිරයන් වහන්සේය. මේ ප්‍රස්තක රත්නය ඔබට නිවන් මගට මනා මාර්ගෝපදේශයක් ලබාදෙනු ඇත.

බාගතකර ගැනීම