Eranda, Author at IFBC Organization | Download - Page 3 of 16

බුදුබවපතන ආනන්ද ආනන්ද මෛත්‍රිය මහනාහිමි – ඉත්තෑපානේ ධම්මාලාංකාර ( Budubawapathana Ananda mithree mahanahimi – Iththapane Dhammalankara himi)

Posted by | පූජ්‍ය ආනන්ද මෙමත්‍රිය හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Balangoda Ananda Maithriya Thero Books ) | No Comments

බුරුමයෙන් ලැබුන ආරාධනාවක් අනුව එරි පැවති ජට්ඨ මහා සංගායනාවට සහභාගිවන්නට ලැබීම මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් ලෙස සලකෙනවා. ත්‍රිපිටක ශෝධක මණ්ඩලයේ කටයුතු සදහා වඩින්නට කියලයි බුරුමයෙන් ආරාධනාව ලැබුනේ.  පරවාහැර වජිරඥාණ හාමුදුරුවොත්, වැලිවිටියේ ශ්‍රී සෝරත නායක ස්ථවිර තුමාත්, මිරිස්සේ ගුණසිරි ස්ථවිරයන් වහන්සේත්, මාත් යන හතරදෙනා තමයි මේ ගමනට සහභාගි වූයේ.  අප හතරනම කොළඹින් පිටත්වෙලා කල්කටාවට ගිහිල්ලා එතන ඉදන් ගුවන් නැවින් රැන්ගුන් නුවරට ගියා. එහිදී අප නතර වූයේ ශාසනයේතා කියන භාවනා මධ්‍යස්ථානයේ. සංගායනාව සදහා සෑදූ ගොඩනැගිලි වල වැඩ අවසන් නොවී තිබුන නිසයි එතන නතරවෙන්නට සිද්ධ උනේ.

ආනන්දමෛත්‍රිය ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
බාගතකර ගැනීම

බොදු ගිහි පිළිවෙත … බළන්ගොඩ ආනන්දමෛත්‍රී මහනාහිමි ( Bodu gihi pikiwetha – Balangoda Anandamithree mama nahimi )

Posted by | පූජ්‍ය ආනන්ද මෙමත්‍රිය හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Balangoda Ananda Maithriya Thero Books ) | No Comments

මෙහි ‘ගිහි පිළිවෙත’ යනු බෞද්ධ ගිහි අය විසින් පිළිපැදිය යුතු හැටිය යි. බුදුරජාණන් වහන්සේ ගේ ධරමාන කාලයෙහි අද ව්‍යවහාරයෙහි පවතින ‘බෞද්ධ’ යන නම තිබුනේ නැත.

මේ නම ව්‍යවහාරයට ආවේ බුදුපිරිනිවනින් සියවස් දෙකකටත් පසුවය. බුද්ධ කාලයෙහි බුද්ධ යන්න වෙනුවට ව්‍යවහාර වූයේ සරණගත ( උපාසක ) යන නමය. පිරිමි අය උපාසක නමින්ද ස්ත්‍රී අය උපාසිකා නමින්ද  හැදින්උනාහ. ඒ උපාසක උපාසිකාවන් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති ” උපාසක ධම්ම, උපාසක පටිපත්ති” කමින් පෙළ අටුවාවෙහි දැක්වේ. එය අද ව්‍යවහාර කරතොත් බෞද්ධ ප්‍රතිපත්ති නමින් හැදින්විය යුතුයැ.

එහි ලා පළමු කොට ‘බෞද්ධයා’ හෙවත් ‘උපාසකයා’ නම් කවරේ ද? යි දත යුතු යි. දවසෙක මහානාම ශාක්‍ය රජුට දහම් දෙසන භාග්‍යවතුන් වහන්සේ උපාසක ධර්ම විස්තර කළ සේක……

 

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
බාගතකර ගැනීම

සිතේ සැබෑව …කුකුල්පනේ සුදස්සී හිමි ( Sithe sabewa – Kukulpane sudassi himi )

Posted by | කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi ) | No Comments

ඇයි මේ විදිහට සිත පිලිබද දකින්නට ඒ අනුව මෙනෙහි කරන්නට බුදුහාමුදුරුවො මේ තරම් ප්‍රධාන තැනක් දුන්නේ. පින්වතුනි සසර කියන්නෙ සිතයි. ඒ නිසා සසර යායුතු කෙනා සිත ගැන දැනගෙන සිටිය යුතුයි. නිවන් අවබෝධ කරගන්නා කෙනාත් සිත ගැන දැනගත යුතුයි. ඉබාගාතේ යන්නටනම් සිත ගැන දැනගන්නට අවශ්‍ය නැහැ. යන ආකාරයකින් යන්නට ඉඩ අරින්න පුලුවන්. නමුත් සසර සකසාගෙන කෙනෙකුට යන්නට ඕනෑනම් සසර සුවපත්ව සුවසේ යන්නට ඕනෑනම් ඒ තැනැත්තා සිත ගැන දැනගත යුතුයි. යමෙකු සසර ගමන අවසන් කරන්නට  අවශ්‍යනම් ඒ තැනැත්තා විශේෂයෙන්ම සිත ගැන දැනගත යුතුයි ..

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
බාගතකර ගැනීම

සාංඝික දානයක් දෙනවිට …කුකුල්පනේ සුදස්සී හිමි ( Sangika danayak denawita … – Kukulpane sudassi himi )

Posted by | කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi ) | No Comments

“ සංඝ” යන වචනය භික්ෂු සංඝ, භික්ෂූණී සංඝ, අරිය සංඝ, ශ්‍රාවක සංඝ යනුවෙන් ආකාර සතරකින් ව්‍යවහාර වේ.  එයින් භික්ෂු සංඝ යනු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂූන් වහන්සේලාය. භික්ෂූණී සංඝ යනු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්සුණීන් වහන්සේලාය. අරිය සංඝ යනු බුදුරජාණන් වහන්සේගේ ගිහි පැවිදි ශ්‍රාවකයන් අතර සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පත් වූ පිරිසය. මේ පිරිසම ශ්‍රාවක සංඝ යනුවෙන්ද හැදින්වේ.

වර්තමානයේ සග සතු දාවයක් දෙනවිට මේ අතරින් “ භික්ෂු සංඝ” යන පිරිස මුල් කරගෙන එම පින්කම පැවැත්වේ. මෙහිදී ආර්ය වූද අනාර්ය වූද සියලු භික්ෂූන් වහන්සේලාද අදහස් කෙරේ. ආර්ය භික්ෂූන් යනු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන ඵල සතරට පැමිණි භික්ෂු පිරිසයි. අනාර්ය භික්ෂූන් යනු ආර්ය භාවයට පැමිණීම පිණිස පිළිවෙත් පුරණ පෘතග්ජන භික්ෂු පිරිසයි. මේ දෙයාකාර වූ සියලු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දෙන දේ “ සාංඝික දාන, සග සතු දාන ” යනුවෙන් හැදින්වේ.

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
බාගතකර ගැනීම

ලොව්තුරු සුව සදන ඉවසීම – කුකුල්පනේ සුදස්සී හිමි ( Lowthuru suwa sadana iwaseema – Kukulpane sudassi himi )

Posted by | කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi ) | No Comments

ක්ෂාන්තිය හෙවත් ඉවසීම පාරමිතාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පාරමිතා කියන්නේ පරතෙරට පමුණුවන්නට, කෙළෙස් සයුරෙන් එතෙර කරවන්නට, සමත්වන සුවිශේෂ ගුණධර්මවලටයි. සත්වයාට නොයෙක් ආකාරයෙහි සසරෙහි දුක් පීඩාවලට භාජනය වන්නට හේතුවන ක්ලේෂ ධර්මයන් ප්‍රහානය කිරීම සදහා දෙසූ පාරමිතාවන් අතර ක්ෂාන්තිය හෙවත් ඉවසීම සැමවිටම අත්‍යාවශ්‍ය ධර්මයක්. ඒ නිසා ක්ෂාන්තිය කියන්නෙ මොකක්ද කියල අපි මූලික වශයෙන් හදුනගන්න ඕනි. සරග වශයෙන් අපි පැහැදිලි කරගත්තොත් ක්ෂාන්තිය කියන්නෙ ඉවසීමයි. ක්ෂාන්ති පාරමිතාව කියන්නෙ ඉවසීමේ ගුණය නැවත නැවත පුහුණු කිරීමයි. කෙලෙස් ධර්ම මැඩපවත්වන්නට, කුශල ධර්ම සම්පාදනය කරන්නට,  ඒ වගේම සියලු සංයෝජන ධර්මයන් ප්‍රහානය කරන්නට ආශුව ධර්මයන් ප්‍රහානය කරන්න ප්‍රමානවත් ආකාරයෙන් ඉවසීම පුහුණු කිරීමයි ක්ෂාන්ති පාරමිතාව හැටියට දැක්වෙන්නේ. මොනව ඉවසීමද ? බුදුහාමුදුරුවො දේශනා කරනව මේ ෂඩ් ඉන්ද්‍රියන්ගෙන්ම අපිට සුවදාය දේත් කටුක දේත් අතිවිදින්න වෙනව කියල. ඒ කටුක අත්දැකීම් වලදී විරුද්ධ නොවී නොකිපී ඉන්ට පුලුවන්නම්එය තමයි ඉවසීම හෙවත් ක්ෂාන්ති පාරමිතාව හැටියට දැක්වෙන්නෙ.බුදුරජාණන් වහන්සේ දේශනා කරනව සෑම සංස්කාරයක්ම අනිත්‍යයි, දුක්ඛිතයි, අනාත්මයි.මේ ත්‍රිලක්ෂණයට යටත් නොවන කිසිම සංස්කාරයක් මේ ලෝකයේ නැහැ.

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
බාගතකර ගැනීම

නොනිමෙන මරණයේ නොමියෙන අරුත්- කුකුල්පනේ සුදස්සී හිමි ( Nonimena maranaye nomiyena aruth – Kukulpane sudassi himi )

Posted by | කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi ) | No Comments

අපි හැම කෙනෙක්ම බොහෝ අවස්ථාවල මරණය ගැන අහල තියෙනව.  ඕන තරම් මැරුන අය දැකල තියෙනව. ඒ වගේම මරනයේදී දුක ශෝකය ඇතිකරගන්නා අන් අයගේ සති් සනසන්නට අපි ඕනි තරම් උපදෙස් දීල තියෙනව. නමුත් තමන්ට හෝ තමන්ගේ අසන්න කෙනෙකුට මරණයක් පැමිණෙන විට ඒක ජීවිතයට තදින්ම දැනෙනව. ඒක මනසට කම්පනයක් ඇති කරන්නට, මනස වික්ෂිප්ත කරන්නට, මනසට පීඩාවක් දුකක් අපහසුවක් ඇති කරන්නට සමත්වෙනවා.

බොහො මනුෂ්‍යයො දුකක් පීඩාවක් ඇති උනාම  කරන්නෙ ඒ මත්තමෙ හැපිල, ඒ මත්තසම පැවතිල, කායිකවත් දුබල වෙලා, දෛනිකව කරන කටයුතුත් අතපසු කරගන්නවා. සතියක්, මාසයක්, වැඩිම උනොත් වසරක් විතර ඒ වෙනුවෙන්ම දුක් විදිනවා. පීඩා නිදිනවා. වසරක් පමණ ගතවෙනකොට අපිට දෛනික ජීවිතය ඒ මියගිය අය වෙනුවෙන්ම හිත හිතා ගතකරන්නට බැරිවෙනවා. ඊටපස්සෙ දෛනික ජීවිතයෙ සුපුරුදු ගැටලු ප්‍රශ්න අපි මත පැටවෙනකොට අපට අර සියල්ලම අමතක කරලා සුපුරුදු විදිහට ජීවත්වෙන්න සිදුවෙනවා. ආයෙ අපි හිනහවෙනවා. සතුටුවෙනවා, මුදල් උපයනවා, ජීවත්වෙනවා. ආයෙත් අරවගේ දෙයක් උන වෙලාවට නැවත යඩා වැලපෙනවා. සතියක් හමාරක් මාසයක් විතර ගතවෙනකොට නැවතත් අපිට දෛනික ජීවිතය ගැන හිතන්න වෙනකොට මරණය ගැන හිත හිතා ඉන්නට වෙලාවක් නැතිවෙනවා.  ආපහු අපි දෛනික ජීවිතයේ ගැටලු  වලට හුරුවෙනවා.

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
බාගතකර ගැනීම

නිවනට මග සදන ස්ථූප – කුකුල්පනේ සුදස්සී හිමි ( Niwanata maga sadana sthupa – Kukulpane sudassi himi )

Posted by | කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi ) | No Comments

ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසූ වැනි වියේදී ආයු සංස්කාරය අත්හැරල තුන් මසකට පසු කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ “ උපවර්තන ” නම් සල් උයනට වැඩම කළා. සල් ගස් දෙකක් අතර , ආනන්ද හාමුදුරුවො පනවලා දුන්න ආසනයෙ සැතපිල ඉන්න අවස්ථාවෙ දස දහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මයින් එතනට ඒකරාශී වෙලා බුදුරජාණන් වහන්සේ දැකගන්නට ලැබෙන මේ අන්තිම මොහොතේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මලින් සුවදින්  තූර්ය නාදයෙන් තථාගතයන් වහන්සේට පූජා පැවැත්වූවා.

ඒ වෙලාවෙ ආනන්ද හාමුදුරුවො අහනව “ ස්වාමීනී බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේ පිරිනිවන් පෑවට පස්සෙ ඔබවහන්සේගේ ආදාහන පූජෝත්සවය මා කෙසේ පැවැත්විය යුතුද?” කියා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කලා “ ආනන්ද, ඔබ තවම සෝවාන් කෙනෙක්. ඔබට තවමත් අරහත්වය සදහා කරන්න බොහෝ දේ තියෙනව. ඒ නවිසා මගේ ආදාහන පූජෝත්සවය සදහා වෙහෙසෙන්න ඕනි නැහැ. ඔබ අරහත්වය සදහා අවශ්‍ය කටයුතු කරගන්න. අදාහන පූජෝත්සවය සදහා කටයුතු කරන්නට තථාගතයන් වහන්සේ ගැන පැහැදුනු බොහෝ රජවරු, බ්‍රාහ්මණයෝ, ගෘහපතියො ඉන්නවා. ඒ අය කැමති අයුරින් ආදාහන පූජොත්සවය කරාවි ”

නැවත ආනන්ද හාමුදුරුවො අහනව “ස්වාමීනී,  ඒ පිලිබදව ඔවුන් පිලිපැදිය යුත්තේ කෙසෛ්ද?” එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනව, “ ආනන්ද, සක්විති රජකෙනෙක් මියගියාම කොහොමද ආදාහන පූජෝත්සවය කරන්නේ, ඒ වගේ කරන්න කියලා තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය පිලිබද ආදාහන කෘත්‍යය කරන්න” යැයි දේශනාකොට එය සිදුකරන හැටි අනුපිලිවෙලින් දේශනා කලා.

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
බාගතකර ගැනීම

නැණස වසන නීවරණපූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි ( Nenasa wasana neewarana – Ven. Kukulpane sudassi himi )

Posted by | කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi ) | No Comments

අද පින්වතුන්ට ධර්ම කරුණු පැහැදිලි කර දෙන්නට මම මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල මහා රුක්ඛ සූත්‍රයයි. මේ මහා රුක්ඛ සූත්‍රය සදහන් වන්නේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ ‍බොජ්ජංග සංයුක්තයේ නීවරණ වග්ගයේ.

බුදුහාමුදුරුවො මේ සූත්‍රයේදී දේශනා කරන්නේ කුමක් පිලිබදවද? නීවරණ පහක් පිලිබදව. පින්වතුන්ට නිතර අහලා පුරුදු දෙයක් තමයි  නීවරණ ධර්ම. අද අපි මේ ධර්ම දේශනාව තුලිනුත් උත්සාහ කරන්නේ නීවරණ කියන්නේ මොනවද, ඒ නීවරණයන්ට අපේ සිත ගොදුරු වන්නේ කොහොමද, නීවරණයන්ට සිත ගොදුරු උනාම එහි ප්‍රතිඵලය කුමක්ද? එසේ නීවරණයන්ට සිත ගොදුරු වෙන්නට හේතුව කුමක්ද? නීවරණයන්ගෙන් සිත නිදහස් කරගන්නේ කොහොම ද? එසේ නිදහස් කරගැනීමෙන් සිදුවන යහපත කුමක්ද ? මෙන්න මේ කරුණු ටික පැහැදිලි කර දෙන්නට.

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
බාගතකර ගැනීම

ද්වේෂය දුරු කරන්නේ කෙසේද ? පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි ( Dweshaya duru karanne keseda ? – Ven. Kukulpane sudassi himi )

Posted by | කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi ) | No Comments

කෝපය, දේවේෂය, තරහව, කේන්ති යාම ආදී වශයෙන් හදුන්වන කිලිටි වූ මනෝභාවය සියලු දෙනාම අත් දැක ඇතුවාට සැක නැත. සමාජයේ එදිනෙදා කටයුතු වලදී බොහෝ  අනවශ්‍ය ගැටුම් මතු කරගන්නට මෙම මනෝබාවය හේතුවන බවද බොහෝ දෙනා හදුනාගෙන ඇත.  එහෙත් ඒ පිලිබද සොයා බලන්නටපෙළඹෙන්නේ ඉතාම සුලු පිරිසක් පමණි.ඒ අතරිනුදු නිවැරදිව කාරණය වටහාගෙන සැහැල්ලුවෙන් දෛනික ජීවිතය ගතකරන්නෙ කලාතුරකින් කෙනෙකි. ඔබත් ඊට උත්සාහ කරන ටික දෙනා අතර කෙනෙක්නම් මෙම දේශනාව ඒ සදහා ඔපට මග පෙන්වනු ඇත. ද්වේශයේ ස්වභාවය , එය හටගැනීමට හේතු, එය මැඩලීමට බාධාවන කරුණු සහ එය දුරුකරගැනීමට මග පෙන්වන පියවර ගණනාවක් විස්තර කරමින් කර ඇති මෙම දේශනාව සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දේශිත අඝාත පටිවිනය ( අංගු. පඤ්චක. නි. ) සූත්‍රය ඇසුරින් කරන ලද්දකි.

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
බාගතකර ගැනීම

දැනගෙන පිදිය යුතු කඨින චීවරය- පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි ( Danagena Pidiya yuthu katina chiwaraya – Ven. Kukulpane sudassi himi )

Posted by | කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi ) | No Comments

මේ ශාසනයේ දැක්වෙන පින්කම් අතර මහා පින්කම් අටක් පිළිබද සටහන් වෙනවා.

  1. කඨින චීවර පූජාව
  2. අට පිරිකර පූජාව
  3. ආවාස පූජාව
  4. බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට ( සග සතුකොට දන් දීම )
  5. දහම් පොත් ලිවීම
  6. කෙත්වතු පූජාව
  7. බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම
  8. වැසිකිළි සකසා පූජා කිරීම

ඒ මහා පින්කම් අටයි. මේ අතර මුලින්ම සදහන් වෙන කඨින චීවර පූජාව බෞද්ධයන් විසින් ඉතා උත්සවාකාරයෙන් පවත්වන ප්‍රධාන පිංකමක්. මේ පින්කම හැම විටම කරන්න බැහැ. භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කරන වප් ( ඔක්තෝබර් ) මාසෙ පුන් පොහෝ දින දක්වා මාසය තුල පමණයි කඨින චීවර පූජාව කරන්න ලැබෙන්නෙ. මේ කාලය “ චීවර මාසය” ලෙසත් හදුන්වනව.

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
බාගතකර ගැනීම

IFBC Home Page