Skip to main content

බුද්ධ වන්දනා ක්‍රමය – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි (Buddha wandana Kramaya – Ven Nauyane Ariyadhamma Maha Thero )

බුදධානුස්සති භාවනාවක් වැඩෙන සේ ශ්‍රී කල්‍යාණී යෝලාශ්‍රමීය බුද්ධ වන්දනා ක්‍රමය නැමැති මෙම පොත සකස් වූයේ මෙයට අඩ සියවසකට පෙර අතිගරු පූජණීය ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත මාතර සිරි ඥාණාරාමාභිධාන මහෝපාද්‍යාය මාහිමිපාණන් වහන්සේ අතිනි. මෙම වන්දනා ක්‍රමය ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් සෑම සේනාසනයකම දවසට තුන් වේලක් එකම කාලසටහනකට අනුව පැවැත්වෙන බව ඉතා සතුටින් සදහන් කරණුයේ  බුධ්ධ ශාසන ප්‍රතිපත්ති සුරක්ෂිත වීම පිණිස ඉන් සැලසෙන ධර්ම ශක්තිය අතිවිශාල බැවිනි. ඉකුත් වූ අඩ සියවසර තුල බොහෝ වාරයක් මුද්‍රණය කරවූ මෙම වන්දනා ක්‍රමය මෙවර මුද්‍රණය කරවා බෙදා දෙනුයේ නාඋයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතිය සහ ආරණ්‍යස්ථ සිල් පිරිසගේ දායකත්වයෙනි.

මින් ජනිතවන පුණ්‍ය සම්භාරය මෙම වන්දනා ක්‍රමයේ නිර්මාතෘ වන අපවත්වී වධාළ අතිගරු පූජණීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිදාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුව පිණිසම හේතුවාසනා වේවා. අපවත්වී වදාළ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක ප්‍රධාන අනුශාසක අතිගරු පූජණීය රාජකීය පණ්ඩිත කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශාභිදාන අසමද්දාචාරය් මාහිමිපාණන් වහන්සේ මතු උතුම් පෙව්තුරා බුදුබවට පත්වේවා …

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමීය බුද්ධ වන්දනා ක්‍රමය යෝගාශ්‍රමීය සියලුම මහා සංඝරත්නය විසින් ඉතාමත් ගෞරවයෙන් එකලෙස භාවිතා කෙරේ. තදනුගාමික දස දහස් ගණන් බොදු උසි උවැසියෝද එසේම එය අනුගමනය කිරති. එහෙයින් මෙම ගෞතම සම්බුද්ධ ශාසන ප්‍රතිපත්ති මාර්ගයේ ආරක්ෂාව අභිවර්ධනය පිණිසම හේතුවේවා.

මෙම ධර්ම දානමය පුණ්‍යලාභය හිමිකරගත් නාඋයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සංගමයේ සැමටත් ධර්මඥාන භාවානාඥානයත් ආයුරාරෝග්‍යාදී ශ්‍රී සම්පත්තිය අභිවර්ධනය වේවා. – කතෘ ස්වාමීන් වහන්සේ.

මෙම අගනු පුස්තකය ඔබත් බාගතකරගන්න.