Skip to main content
Category

පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

සිංහල පිරුවාණා පොත්වහන්සේ – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ – ( sinhala piruwana poth wahanse – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

මේ මහා භද්‍ර කල්පයෙහි ලොව පහල වී වදාල  සතරවෙනි බුදුරජාණන් වහන්සේ වන අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයත්, රැකවරණයත්, ආරක්ෂාවත් උදෙසා අපි ඉතාමත් ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යමු. දුර්ලභ මිනිස් ජීවිතය වෙත සදාකාලික ආලෝකයක් උදාකරදිය හැක්කේ පරම දුර්ලභ වූ බුදු සසුනට පමණි. තෙරුවන් සරණ ගිය බෞද්ධයා මෙකරුණ මැනවින් සිහියේ දරා සිටින්නෙකි. ඒ නිසා දෛනික ජීවිතයේ විශේෂ අවස්ථාවන් හිදී ආශිර්වාදය සලසා ගන්නේ උතුම් තෙරුවන් සරණ තුලින්මය. බාහිර පිහිටක්, පිළිසරණක් සැබෑ බෞද්ධයෙකුට අයත් දෙයක් නොවේ. ඒ නිසාම ලක්දිව වැඩසිටි ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේලා විසින් සැදැහැවත් බෞද්ධයන්ගේ ජීවිතවලට ආරක්ෂාවත් ජීවිතවල සැනසීමත් යහපතත් උදෙසා සියවස් ගණනක් මුලුල්ලේ භාවිතයට පැමිණි පිරිත් පොත අපේ රට තුල සම්භාවනාවට පත් වූයේ පිරුවානා පොත්වහන්සේ නමනි.  ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව එම පිරිත් දේශනා සමග තමන්ගේ මුලු ජීවිතයම රදවාගෙන තිබුණි. අපරට ආක්‍රමණය කල මිත්‍යාදෘෂ්ඨික ඉංග්‍රීසි පාලකයන් වරෙක එංගලන්තයට ලියා යවා තිබුනේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව සතිපිරිත් පින්කම් වලින් ඈත්කරගතහොත් ඔවුන්ව ලේසියෙන් ක්‍රිස්තියාණි කරගත හැකි බවය. මෙයින් පෙනෙන්නේ පිරුවාණා පොත් වහන්සේ සිංහල බෞද්ධයාගේ ජීවිතවලට බද්ධවී ඇති ආකාරය පිලිබද ඔවුන් බියපත්ව සිටි බවය.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

නිවනට භව ගිමන් – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ – ( Niwanata Bhawa Giman – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

සංසාර දුකට වැටී දුකින් සිටි පිරිසකට කළ යුතු ලොකුම උපකාරය වන්නේ සසර දුකින් මිදීරිමට උපකාර කිඟම පමණි. එ් හැර අන් සියද්‍ර උපකාරයන් තාවකාලික වූ හිස් දේවල් පමණි. සසර දුකින් මිදීමට ඇති එක මග භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ
ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. සීල – සමාරී – ප්‍රඥා වශයෙන් දියුණු කර ගත යුතු එ් ආර්ය අෂ්ඨාංගික මාර්ගයය ජීවි̇තයට ගලපා ගැනීමට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනා මැනවින් ඉගෙන ගත යුතුය. භාග්‍යවතුන් වහන්සේ වි̇සින් විවිධ අවස්ථා වලදී වවිධ පුද්ගලවයන් උදෙසා දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනා 10 ක් මේ පොතෙහි ඇතුළත් වේ.

මේ පොත ඔබ අතට පත් කරන්නේ සංසාර දුකින් නිදහස් වීමට උපකාරයක් වශයෙනි. එබවින් මේ දේ්ශනා ඉතාම සැලකිල්ලෙන් යුතුව කියවා ඉගෙන ගෙන ජීවි̇තයට පුරුදු කරගන්නට උත්සාහ කරන්න. සියලු දෙනාට ම මේ ගෞතම බුදු සසුනේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා …

පූජ්‍ය කිකෙබත්ගොඩ ඤාණානන්ද හිමි

නිර්මාංශ ප්‍රශ්නය – පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි (Nirmansha Prashnaya – Ven Kiribathgoda Nanananda Thero )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

ධර්මය දකින්නට තිඛෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කිරීමෙන් මිස වෙන ක්‍රමයකින් නො වන බව ධර්මය දන්නා සියලූ දෙනා දනිති. එය සක්සුදක් සේ පැහැදිළි කරුණකි. එවන් පැහැදිලි මගක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබිය දී වෙන මතිමතාන්තර තුළින් ඒ මාර්ගය විකෘති වීමට ඉඩ දී බලා සිටීම ශාසනකාමී බෞද්ධයන් ගේ යුතුකමක් නොවේ. මා මේ පොත ලියන්නේ මාංශභක්ෂකයින් බිහිකිරීමට නොවේ. නිර්මාංශී උදවියට ගැරහීමට ද නොවේ. නිර්මාංශී වීම හෝ නො වීම තුළ වාද විවාද හටගැනීම වළක්වාලීම පිණිස ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරගැනීමට අනුබල දීම පිණිස ය. සමඟිය ඇතිවීම පිණිස ය. වාද විවාද නො කරමින් හැබෑම කරුණා මෛත්‍රියෙන් යුතුව ගෞතම ශාසනයෙහි පිළිවෙත් පිරීම පිණිස ය. එනිසා මේ පොත කියවීමෙන් නිර්මාංශ ආහාර පිළිබඳව කෙනෙකු ගේ අවබෝධය නිවැරදි වේ නම් පොත ලිවීමේ උත්සාහයට එය ම සෑහේ.

සියලූ දෙනා හට ම මේ ගෞතම බුදුසසුනේ චතුරාර්ය සත්‍යය ධර්මය තම තම නැණ පමණින් පසක් කර ගැනීමේ භාග්‍යය උදා වේවා …

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ගෞතම බුදු සසුනේ පිහිට ලබන්නට – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි (Gauthama Sasune Pihita Labannata –Ven kiribathgoda gnanananda thero )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

බුදු කෙනෙක් පහළ වෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය ලෝකයට ලබාදෙන්නයි. ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේදී මෙන්න මෙහෙම පියවර හතරක් තියෙනවා සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියලා. එතකොට පළමු පියවරේදී මෙන්න මෙහෙම හිතේ මේ දියුණුව ඇතිවෙනවා. දෙවැනි පියවරේදී මෙහෙම වෙනවා. තුන්වැනි පියවරේදී මෙහෙම වෙනවා. හතරවැනි පියවරේදී මෙහෙම වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ඔක්කෝම අවබෝධයෙන් දේශනා කළේ.

එතකොට අපිට පේනවා උන්වහන්සේගේ සම්බුද්ධත්වය. මේ සෑම දේශනාවකම දකින්න ලැඛෙනවා. එතකොට ඔබ පහදින්න ඕන ඒ බුදුරජාණන් වහන්සේ ගැන, අනේ මගේ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි ̃ කියලා.

කෘතිය ඇසුරින් උපුටාගත් කොටසකි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත මේ දහම් ග්‍රන්ථය සියලු දෙනා විසින්ම කියවා අවබෝධ කරගත යුතු උතුම් ග්‍රන්ථයකි.

කවුද ඔයාලට බොරු කිව්වෙ – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි (Kawda Oyalata Boru Kiwwe –Ven kiribathgoda gnanananda thero )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

මෙය අමුතුම පොතකි මේ පොතෙන් ඔබට කිසියම් විනෝදයකුත් ලැඛෙයි. දැනුමකුත් ලැඛෙයි. සමාජය තුළ කෙරෙන
කතාබහ තුල නිසරු බව බව ගැන අවබෝධයකුත්් ලැඛෙයි.

එමෙන්ම මේ සමාජය තුළ මොනතරම් බොරු තිබේදැයිි ඔබ පුදුමයට පත් වේවි. ලොව බොහෝ සෙයින් තිඛෙන්නේ සත්‍යය නොව බොරුවයි. බොරුවෙන්ම බලවත් වූ බොරුවම රජකරන බොරුවම කිරුළු පළන් සමස්ත ලෝකය තුළම සත්‍යයට ඇත්තේ ඉතාමත් සීමිත ඉඩකඩකි.

එ් සත්‍යය අතර චතුරාර්ය සත්‍යය යනු සනාතන සත්‍යයකි. එය අවබෝධ කළ යුතු, අවබෝධ කළ හැකි සත්‍යයකි. රැකවරණය ලැඛෙන සත්‍යයකි. ලොව කිසිවෙකුටත් එම සත්‍යය බැහැර කොට වෙනත් සත්‍යයක් ඉදිරිපත් කළ නොහැකිය. එතරම්ම එය සත්‍යයය. එයට ඇති බාධාව බොරුව මිස සත්‍යය නොවේ. මේ පොත කියවද්දී මනුෂ්‍ය ජීවිතය වෙලා ගත් බොරු කොතෙක් තිබේ දැයි ඔබටම ප්‍රත්‍යක්ෂ වනු ඇත. එමෙන්ම බොරුවකට හසු නොවී සත්‍යය පවසන්නට නම්, සත්‍යය තුළ රැඳී සිටින්නට නම් ඔබ ඉගෙනගත යුත්තේ සත්‍යයමයි. එ් සත්‍යය තිඛෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළ පමණි. එ් ධර්මය හොඳින් ඉගෙන ගන්න. එවිට මා පවසන්නේ බොරුවක් නොවන බව ඔබටම පසක් වේවි. Read More

ආදරණීය වධකයා – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි (Adaraneeya wadakaya –Ven kiribathgoda gnanananda thero )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසින් රචිත ” ආදරණීය වදකයා ” නම් ග්‍රන්තය බාගත කරගත හැකිය. මේ ග්‍රන්ථය ඔන්සේ පිලිබද විග්‍රහ කරනව.

01. ඛජනීය සූත්‍රය
අද අපි ඉගෙන ගන්න දේශනාවෙ නම ඛජනීය සූත්‍රය. සිංහල තේරුම තමයි කාල දාපු දේ ගැන වදාළ දෙසුම. මේ වි̇සිතුරු දේශනාව මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරල, දේශනා කරපු දේශනාවන් අතර එකක්. මිහිදු මහා රහතන් වහන්සේ වැඩම කරල මාසයක් ඇතුළත බුද්ධ දේශනා රාශියක් කියදීල තියනව.

02. බීජ සූත්‍රය
මේ උතුම් දේශනය බුදුරජාණන් වහන්සේ විසින් වදාළෙ පැළවෙන දේවල් සමුහයක් මුල් කර ගෙන යි. ඒ නිසා මේ දේශනාවට කියනව බීජ සූත්‍රය  කියල. මේ දේශනාව සඳහන් වෙන්නෙ සංයුක්ත නිකායේ  තුන් වන කොටසෙ.

ලෙසින් කතෘ ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයන් විස්තර කෙරෙනව. මේ ග්‍රන්ථය ඔබත් භාගතකරගන්න. නිවන් මගට ඔබට මනා පිටුවහලක් වේවි.

අසිරිමත් සම්බුදු නුවණ – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි (Asirimath sambudu nuwana – ven kiribathgoda gnanananda thero )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

පූය්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිටව් විසින් රචිත මෙම ග්‍රන්ථය අසිරිමත් සම්බුදු නුවණ ත්‍රිපිටකය ඇසුරින් විස්තර කරදෙන ඉතා රසවත් ග්‍රන්ථයකි. එහි පහත සදහන් සූත්‍රයන් විස්තර කර තිබේ.

ජනවසභ සූත්‍රය
(දීඝ නිකාය 2 – මහා වර්ගය)

සේඛ සූත්‍රය
(මජ්ජිම නිකාය 2 – ගහපති වර්ගය)

උදුම්බරික සීහනාද සූත්‍රය
(දීඝනිකාය නිකාය 3 – පාථීක වර්ගය)

අපණ් ණක සූත්‍රය
(මජ්ජිම නිකාය 2 – බ්‍රාහ්මණ වර්ගය) Read More