Skip to main content
Category

පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

සසරක රහස – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Sasaraka rahasa – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනීමේදී ඉගෙන  ගන්න ක‍්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි  “සුතා”. සුතා කියන්නෙ ශ‍්‍රවණය, සවන්දීම. දෙක “ධතා”.  ධතා කියන්නෙ ධාරණය කරගැනීම. මතක තබාගැනීම.  තුන “ වචසා පරිචිතා ”.  වචසා පරිචිතා කියන්නෙ

වචනයෙන් පුරුදු කිරීම. හතරවෙනි එක “මනසානුපෙක්ඛිතා.”  මනසානුපෙක්ඛිතා කියන්නෙ

නුවණින් මෙනෙහි කිරීම. පහ  “දිට්ඨියා සුප්පටිවිද්ධා ” අවබෝධයෙන් පැහැදිලි කරගැනීම. බුද්ධ දේශනා ඉගෙන ගෙන ප‍්‍රගුණ කළොත් අවබෝධ වෙනවා. දැන් එතකොට  අපට තේරෙනවා, මේක නිකං මේ කණෙන් අහලා, අර  කණින් අත්හරින එකක් නෙවෙයි. ඇසූ පමණින්, කථා  කළ පමණින්, සම්පූර්ණ වෙන එකකුත් නොවෙයි.  සුතා, ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා,  දිට්ඨියා සුප්පටිවිද්ධා. ඔය ටික තමන් ඉගෙන ගන්න ධර්මය තුළ පුරුදු කර ගත්තොත්, ඊට පස්සෙ ඒ ධර්මය තමන්ගෙ  ජීවිතය තුළ, තමන්ට තේරෙන, තමන්ට අවබෝධ වෙන,  දෙයක් බවට පත්වෙනවා. එතකම්ම ධර්මය තමන්ගෙන්  පිටස්තර දෙයක්. .     –  කතෘ ස්වාමීන් වහන්සේ විසිනි. Read More

තෝරා ගනිමු සැබෑම නායකත්වය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Thoraganimu sebe nayakathwaya … )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

අපි සියලු දෙනාටම කේන්ති යනව…?  ඔව් අපි ඔක්කොටම කේන්ති යනවා. තව කෙනෙකුට

අපව තරහ ගන්වන්නට පුළුවන් නේද……? ඔව් පුළුවන්.  එහෙම වෙන්නෙ ඇයි ….? එහෙම වෙන්නෙ කේන්ති යන ස්වභාවයේ සිතක් අපිට තියෙන නිසයි. අපි ඒ කේන්තිය දිගටම පුරුදු කලොත් ඒක වෛරයකට හැරෙනවා. වෛරයකට හැරුනොත් ඒකෙන් සිදු වෙන්නෙ  අයහපතක්මයි. ඒ වෛරය නිසා අනුන්ගෙන් පළිගන්නට  පටන් ගත්තහම තමන්ටත්, අනුන්ටත් හානියක්මයි සිදු වෙන්නෙ. එහෙනම් ද්වේෂය කියල කියන්නෙ අපේ හිත්වල ඇතිවන අවැඩ දායක දෙයක්. දුර්වල කමක්. අඩුපාඩුවක්. අඩුපාඩුවක්. සාමාන්‍යයෙන් අපි සියලු දෙනාටම ආශාවල් ඇති  වෙනව නේද….? ඔව්. ආශාවල් ඇතිවෙනවා. රූපවාහිනිය  බලද්දි, සමහර පත්තර කියවද්්දී, සාමාන්‍යයෙන් අපේ සිතේ නොතිබුණු අළුත් ආශාවලුත් ඇති වෙනවා. අපේ   සිත්වල ඇති වෙන ආශාවල් නිසා වැඩිපුරම කරන්නෙ  පව් නේද? ආසාව නිසා මිනිස්සු පුදුමාකාර විදිහට පව්  සිදු කර ගන්නවා. ආශාව නිසා අනුන්ට හිරිහැර කරනවා.  තමන්ගෙ ජීවිතය දියුණු කර නොගෙන වනසා ගන්නවා.  ලැජ්ජා භය දෙක සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා.  ආශාවට වහල් වුනාම තමන් ඉන්නෙ කොතැනද කියල අමතක වෙනවා. පින් පව් ගැන අමතක වෙනවා. පින්  පව් විශ්වාස කරන්නේ නැතිව යනවා. මේ හැමදේකටම හේතු වෙන්නෙ සිතේ ඇතිවෙන ආශාව. ආශාවෙන් අන්ධ  භාවයට පත්වීමයි. මේ විදිහට අන්ධ භාවයට පත් වෙන Read More

සැබෑ බසින් මෙම සෙත සැලසේවා – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Sebe basin mema setha selasewa – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසෙනවා.  ඔළුවට යන්නේ නෑ. ඔළුවට ගියොත් යන්නේ ධර්මය  නෙවෙයි. ධර්මය අහද්දි ඇතිවෙච්ච ප‍්‍රශ්නයක්. මේ නිසා ගොඩාක් විට අපිට අවස්ථාව හම්බවෙනවට වඩා අවස්ථාව අහිමි වෙනවා. ඒක ඉතින් අපිට  සංසාරික පුරුද්දක් වශයෙන් ඇවිල්ලා තියෙන නිසා මේ ජීවිතයෙත් එහෙම වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අපිට මේක අහිමි

නොවෙන්න නම් හරියටම මේ ධර්මය අල්ලගන්න  ඕනැ.  ඉතින් පින්වත්නි, මා ඔබට මා මේ මූලික කරුණු  ටිකක් කියා දුන්නේ ධර්මය අහන්න කලින්. අපි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා නම් ඉන්නේ, අපිට හරිම ලේසියි. අපි ඉන්නේ ධර්මයට පැහැදිලා නම් හරිම ලේසියි. ශ‍්‍රාවක  සංඝයාට පැහැදිලා නම් හරිම ලේසියි.  වර්තමානයේ අපිට මේ තුනම අමාරුයි. හේතුව මොකද? බුදුරජාණන්  වහන්සේට පහදින්න උන්වහන්සේව හඳුනාගන්න විදිහක්  නෑ, ධර්මය පැහැදිලිව නැති නිසා. ධර්මයට පහදින්න  පිරිසිදු ධර්මයක් එකම පිළිවෙලට අහන්න ලැබෙන්නෙ   Read More

සිත සනසන අමාදහම් – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Sitha sanasana ama daham … )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

මේ දේශනාවේ නම අනුරුද්ධ සූත්‍රය. අනුරුද්ධ මහරහතන් වහන්සේට, උන්වහන්සේ අරහත්වයට  පත්වෙන්නට කලින් දේශනා කොට වදාළ ධර්මයයි. ඒ  දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ “භග්ග” කියන ජනපදයේ “සුසුංමාරගිරි” කියන නගරය අසල භේසකලා

වනයේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වැඩසිටියේ  නැගෙනහිර ප්‍රදේශයේ “ චේති ” කියන ජනපදයේ හුදෙකලාවේ කුටියක.  එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාවනා කර

කර සිටිද්දී උන්වහන්සේට මෙන්න මෙහෙම අදහස් ඇති වුනා.

(අප්පිච්ඡස්සායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස)

“ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය තියෙන්නෙ අල්පේච්ඡ අයටයි.” කාටද මේ ධර්මය  තියෙන්නෙ? අල්පේච්ඡ අයටයි. මහේච්ඡ අයට නොවෙයි. බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් තෝරල දෙනවා. අපිට මේ සූත්‍රයේ අන්තිමට විස්තර අහන්න ලැඛෙනවා. පළවෙනි කාරණය තමයි මේ ධර්මය තියෙන්නෙ අල්පේච්ඡ අයට මිසක් මහේච්ඡ අයට නොවෙයි. Read More

මමත් සිත සමාහිත කරමි බුදුසමිඳුනේ- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ (Mamath sitha samahitha karami budu samidune – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

සංසාරයේ නොයෙක් ආත්ම භාවවල ඉපිද ඉපිද අපි ආපු ගමනක් මේ තියෙන්නෙ. මේ යන සංසාර ගමනේදී දැන් අපට මිනිස් ලෝකෙ උපතක් ලැබිලා තියෙනවා. මිනිස් ලෝකෙ උපතක් ලැබුනට අපට සාර්ථක මනුස්ස ජීවිතය කියන කරුණ දැනගන්න ක්‍රමයක් තිබුනෙ නෑ. සාර්ථක මිනිස් ජීවිතයක් අත්කරලා දෙන්න අපේ දෙමව්පියෝ අපිව  ඉස්කෝලෙ ඇරියා. අපට බල කළා ඉගෙන ගන්න කියලා.  අපි ඉගෙන ගත්තා. තරුණ වයස වෙන කොට රස්සාවක් හොයන්න අපි පෙළඹුනා. ඊට පස්සේ විවාහ වෙනවා.  ගෙවල් දොරවල් හදාගන්නවා. ජීවිතය ගෙවනවා. මේක තමයි ලෝකෙ සාර්ථකයි කියල පිළිගත්තු එක.  ඔය ජීවිතය ගෙවලා කෙනෙක් මළාට පස්සෙ අපේ  සමාජය කියනවා එයාට, “එයා සාර්ථක ජීවිතයක් ගෙව්වා ” කියලා. එයා දියුණු වුනා කියලා. කවුරු හරි කෙනෙක්  ඉඩකඩම් දේපල වස්තු උපයාගෙන සිටිනවා නම් අපි  එයාට කියනවා “ අන්න එයා දැන් හරි දියුණුයි ” කියලා. Read More

සොදුරු හුදෙකලාව … පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Sonduru Hudekalawa – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

අපි අද ඉගෙනගන්න සූදානම් වෙන්නෙ බුදුරජාණන් වහන්සේ වදාළ ශ‍්‍රී සද්ධර්මයයි. මේ ධර්මයට මනුෂ්‍යයාව ඉහලම තලයට ගෙනියන්න පුලුවන්කම තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයෙකුට කිසි ලෝකෙක බැරිවිදිහට සීලය දියුණු කරන්න පුලුවන් මාර්ගයක් මේ ධර්මය පෙන්නනවා.  සමාධිය දියුණු කරන්න පුලුවන් මාර්ගයක් පෙන්වනවා. ප‍්‍රඥාව දියුණු කරන්න පුලුවන් මාර්ගයක් පෙන්නවා. ලෝකෙ තියෙන සියලුම බන්ධනයන්ගෙන් නිදහස් වෙලා අවබෝධයෙන්ම වි̇මුක්තිය කරා යන මාර්ගය ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා. ඉතින් මේ මාර්ගය ලෝකෙට බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කරන කොට උන්වහන්සේ ඒ හෙළිකරන්නේ  විශාල බලයක් ඇතිව. ඇයි ඒ වගේ විශාල බලයක් ඇතිව  ඒක කරන්න වෙලා තියෙන්නෙ?  එහෙම නැත්නම් මේ මාර්ගය  කඩාකප්පල් කරනවා. ඒකට හේතුව තමයි සීල, සමාධී, ප‍්‍රඥා වලට  විරුද්ධ මේ පෙනෙන ලෝකය විතරක් නොවෙයි, නොපෙනෙන ලෝකයත්  විරුද්ධයි. Read More

ස්වර්ණමාලී මහා සෑ වන්දනාව … පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –( Swarnamali maha se wandanawa – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

අද ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ නවම් මස දෙවෙනි දින අප ගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලී මහා ස්ථූප

වන්දනාවට සූදානම් වෙන මොහොතයි. මේ පින්කම දැන් ආරම්භ කරලා හෙට උදේ හය දක්වා සර්ව රාත්‍රික ස්ථූප වන්දනාවක් අපි මේ ආරම්භ කළේ. මේ ස්ථූප වන්දනාවේ  සුන්දරත්වය ආශ්චර්යයි. පේසා වළ ̈ සරසල තියෙනවා, පුන්කලස්  දාහක් සරසලා තියෙනවා, නෙළුම් මහනෙල් පුරවල. ලක්ෂ පහකට  අධික දාස්පෙතියා මල් වලින් මල් සැරසිල්ලක් කරලා තියෙනවා.  බෞද්ධ ධජ පළන්දා තියෙනවා. ඊයේ රාත්‍රියේ මේ මහ මළුව සුවඳ  විළවුන් පැන් වලින් සම්පූර්ණයෙන් ම දෝවනය කළා. ඒ බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සිහිකරගෙනයි මේ පින්කම සිදුකරන්නේ.  හෙට හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන්  වහන්සේලා පන්සිය නමකට කිරිපිඩු පාත්‍රා පන්සියයක් පූජා කොට  මේ පින්කම අපි සමාප්ත කරන්නේ.  ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා  දුටුගැමුණු රජතුමා තමන් ගේ අතට ඒ ධාතූන් වහන්සේලා හිස මත  තබාගත් වේලෙහි දුටුගැමුණු රජතුමා අධිෂ්ඨානයක් කළා මේ බුද්ධ  ශාසනය මේ රටේ බොහෝ කල් පවතිනවා නම්, එය මට පෙන්නුම්  කරන්න කියලා. ඒ වෙලාවේ ඒ කරඩුවේ වේ තැන්පත් වෙලා වැඩසිටි  ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා අහසට පැන නැඟිලා මේ භූමියේ දී  අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ, ගෞතම බුදුරජාණන් වහන්සේ  ගේ ජීවමාන බුද්ධ කාය එතන මැවුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රතිහාර්යය මේ භූමියේ දී සිද්ධ වුණා. දුටුගැමුණු රජතුමා ප්‍රධාන රහතන් වහන්සේලා සිය ̈ දෙනා, ලක්ෂ පිරිස සාදු නාදය දෙමින් බලා සිටියා.  මේ භූමියේ දී පියදස්සී රහතන් වහන්සේ ධර්ම දේශනා කරද්දී  දස දහස් ගණනින් මාර්ගඵල ලැබුවා. සෝවාන් වුණා, සකදාගාමී  වුණා, අනාගාමී වුණා. භික්ෂූන් වහන්සේලා දාහතර දහසක් මේ  මළුවේ දී අරහත්වයට පත්වුණා. භික්ෂුණීන් වහන්සේලා දහස් ගණනින්  අරහත්භාවයට පත්වුණා. Read More

අනාගතවංශ දේශනාව ( Anagatawamsa Deshanawa )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

කුරුණෑගල සමයේ දී ලියැවුණු තවත් සිංහල වංශ කථා සාහිත්‍ය කෘතියක් නම් අනාගත වංශය යි. මෙය හැඳින් වී ඇත්තේ ‘මෙතේ බුදු සිරිත නම් වූ අනාගත වංශ ධර්ම ප්‍රබන්ධය’ යනුවෙනි. ඒ අනුව මේ කෘතිය මතු බුදු වන මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය වර්ණනා කිරීම අරමුණ කොට ගත් ප්‍රබන්ධයකි. මේ සඳහා පදනම් වී ඇත්තේ අනාගත වංශ දේශනාව යි. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධ වංශ දේශනාව අවසානයෙහි අග්‍රශ්‍රාවක ශාරිපුත්‍ර මහතෙරුන් වහන්සේගේ ආරාධනය පරිදි අනාගත වංශ දේශනාව වදාළහ.

බුද්ධ භාෂිතය දැක්වෙන අනාගත වංශ පාළිය නම් වූ ඉපැරණි කෘතියක් තිබූ බවත් එකී කෘතියට අට්ඨ කථාවක් ලෙසින් සමන්ත භද්දිකා නම් වූ අනාගතවංශට්ඨ කථාව උපසේන නම් ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද බවත් අනාවරණය වේ. අනාගත වංශයට ආශ්‍රය වී ඇත්තේ එකී කෘතීහු වෙති. එහෙත් මෙය පාලි අට්ඨකථාවේ පදානුගත පරිවර්තනයක් ලෙසින් නො ව වෙනත් කෘතිවලින් ලද ආභාසය ද ස්වාධීන නිර්මාණ කෞෂල්‍යය ද උපයෝගී කොට ගත් ප්‍රබන්ධයක් ලෙසින් ලියැවී තිබේ.

අනාගතයෙහි පහළ වන්නා වූ මෛත්‍රෙය බුදු රදුන්ගේ බුදු සිරිත වර්ණනා වන බැවින් මේ නම මෙසේ යෙදී ඇති අතර මෙය කතුවරයාණන් විසින් ම කෘතියට යෙදු නම බැව් පැහැදිලි වේ. මේ කෘතියේ කතුවරයා, කාලය, අභිප්‍රායය ආදි වූ බොහෝ කරුණු ග්‍රන්ථාරම්භයේ සහ ග්‍රන්ථාවසානයේ එන තොරතුරුවලින් මැනැවින් පැවැසේ. ‘… දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු මහා රාජෝත්තමයාණන් වහන්සේ… අනාගතයෙහි ධර්ම දේශකයන්ගේ නො ලැබීමෙන් මෛත්‍රී සර්වඥයන් වහන්සේ දැක ලෞකික ලෝකෝත්තර සම්පත් සිද්ධ කරනු කැමැති සත්ත්වයන්ට හසරක් නො පෙනෙන්නේ යැයි සිතා කලියුගයෙහි නුවණ මඳ සත්ත්වයන්ගේ සුඛාවබෝධය පිණිස මේ අනාගතවංශ නම් වූ මහා ප්‍රබන්ධය ස්වකීය භාෂාවෙන් ලියවනු කැමැති සේක්… විල්ගම්මුළ නම් කනකගිරි ශිඛරයෙහි විජෘම්භමාන සිංහරාජයක්හු වැනි වූ මහා ස්ථවිරපාදයන් වහන්සේට ආරාධනා කළ සේක.’ Read More

බුද්ධියේ හිරු කිරණ – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ – ( Buddhiye hiru kirana – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

ජීවිතය යනු සුවහසක් ගැටළුවලින් පිරුණු දෙයක්.එහෙත් අපි කවුරුත් කැමති අස්වැසිල්ලෙන් පිරුණු සැනසිලිදායක ජීවිතයකටයි. සිහිනයක් බොඳ වී යන්නා සේ ජීවිතය අවසන් වී යනු දකින්නට කවුරු නම් කැමති වෙත්ද? එහෙයින් සීරුවෙන් පා තබා පරෙස්සම් ගමනින් යාම වඩාත් හොඳ නොවේද? ඒ වෙනුවෙන් හැම කෙනෙක්ම යම්කිසි පිහිටක් පිළිසරණක් සොයා යනවා. අනික් අතට මේ ජීවිතය හිතාගන්නට බැරිතරම් අවදානම්. කොයි මොහොතේ කුමන ආපදාවකින් අපට කරදර සිදුවේදැයි කාහට නම් කිව හැකිද? හරිම අවිනිශ්චිතයි. කොයි පැත්තෙන් බැලූවත් අසරණභාවයක් දකින්නට ලැඛෙනවා. වචනවලින් කියා ගත නොහැකි මොකක්දෝ අඩුපාඩු සහිත බවක් ජීවිතවල තියෙනවා. ඔය අතරෙ තම තමාගෙන් සිදු වූ අත්වැරදිවලට වන්දි ගෙවමින් සෝ සුසුම් හෙළන ජීවිත කොතෙක්ද?

දුක් වේදනා හිත්වල පුරවාගෙන හිතින් හ~ හ~ා සිටින ජීවිත කොතෙක්ද? ඊළඟට මේ තත්වය දිගින් දිගටම පවත්වන්නට මෙන් සමහර ජීවිතවල අපල උපද්‍රව ග්‍රහදොස් යැයි කියා ගන්නා දේව ̈ත් සතුරු ඉවරයක් නැහැ. ඇත්තෙන්ම ජීවිතය අනාරක්ෂිතයි නේද? ඔය තත්වය නිසාම අනාගතය පිළිබඳ සැක සහිත බවක් නේද සිතට ඇති වෙන්නේ? ඉතින් බොහෝ දෙනෙක් ජීවිතය සුරක්ෂිත කර දෙනවා යයි පෙනෙන බොහෝ දේ පසුපස ඔහේ දුවගෙන යනවා. නැකත්, සුභ නිමිති, දේව වාක්‍යය, දෙවි රැකවරණ, අපල ලබාදෙන නව ග්‍රහයන්ට
අයත් දෙවිවරු, හාස්කම්වලින් පිහිට ලබා ගැනීම, විශ්මය ජනක සෙත් ශාන්ති ආදී දහසක් දේ පසුපස යනවා. යම්කිසි අද්භූත දෙයකින් පිහිටක් ලබාගන්නට පෙළඹෙනවා. එහෙත් අපේ අසරණකම කොතරම්ද කීවොත් ඒ කිසි දෙයක සත්‍යාසත්‍යභාවය සොයන්නට අප කැමති
වෙන්නේ නැහැ

– කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසිනි.

පින සහ අවබෝධය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ – ( Pina saha awabodhaya – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

” බුදුරජාණන් වහන්සේ පහලවෙලා ධර්මය දේශනා කිරීමේ ඉලක්කයක් සත්වයා සතර අපායෙන්නිදහස් කිරීම. ඊලග එක, මේ ලෝකයේ දෙවිවරු මිනිස්සු අපි හැමෝම සැපයට කැමතියි. සැප කැමති උනාට අපිට සැපය තෝරා බේරාගන්න තේරුන්නෙ නැහැ. සැපය ගැනැ බුදුරජාණන් වහන්සේ දේශනා කලා. සුගතියේ ඉපදීම සැප ලබාගන්නට ‍තියෙන එක අවස්ථාවක්. එතකොට සතර අපාදුකින් මුදවාලීම බුදුරජාණන් වහන්සේගේ මූලික කාර්යය. ඊලග කාර්යය තමා සුගතියේ සැප ලබාදීම “

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථයෙන් උපුටාගත් කොටසක් තමයි ඒ. ඔබත් මේ දේශනය කියවා සසර සැපවත් කරගන්න