
බුදධ දේශනාවෙහි දැක්වෙන ප්‍රතිපතති මාගයේ අවසාන පරමාර්ථය වන “නිවන” පිළිබඳව ඈත අතීතයේ පටන්ම විවිධ මතිමතානතර ප්‍රකාශයට පත් වී ඇත. ආර්ය අෂ්ඨාංගිකමාර්ගය “සමමා දිටඨි ” නම් වූ “හරි
දැක්ම ” පෙරටු කරගත් ප්‍රතිපදාවකි. එබැවින් ඒ මාගර්යෙහි ගමන් කරන්නෙකුට ගමනෙහි ඉලක්කය ගැන නිරවුල් අවබෝධයක් ඇතිවිය යුතුමය. බුදධ වචනයට අනුකූලව එවැනි අවබෝධයකට මඟ හෙළි කිරීම මෙම දේශනා මාලාවේ පරමාථීය විය.
මහවැලි ගඟ උතුරට හැරැවීමෙන් පසු එතෙක් නිසරු මුඩු බිම් ලෙස පැවති පෙදෙස්වල සිදුවූයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්බිඳක් නොලබා සිටි ගොවීහු පෙදෙස පුරා නිහඬව ගලා යන සිසිල් දිය දහරින් පිනා ගියහ. මැලවුනු ගොයම සරුව නිල්වන්ව කරලින් බර විය. මල් පලින් ගැවසීගත් තුරු-ලිය බලා සැනසෙන පෙදෙස් වැසියෝ තුටු කඳුළු වගුළහ.
දහම් අමා ගඟ “උතුරට” හැරැවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරඹුණි. දහම් පත-පොත තබා “එදා-වේල ”සඳහා වත් විය. පැහැදම් කිරීමට වත්-කමක් නැත්තෝ, නිහඬව නොමිලයේ ගලායන අමිල දහම් අමා දිය දහරින් සදහම් පිපාසය සන්සිඳුවා ගත්හ. අරිටු මිසදිටු හැර, සැදැහැයෙන් සරුව, ගුණ නුවණින් බරව පිළිවෙත් මඟට නැමී ගත්හ. ලොවී – ලොවුතුරු මල් පල නෙලා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නන් අයුරින් සොම්නස පළකළහ. Read More