
“විනය” යන වචනයේ සරල තේරුම හික්මීමයි. එනම් කයින් හා වචනයෙන් හික්මීමයි. කාය වාග් සංවරය නමින් දැක්වෙන්නේත් එය මය. සමාජයේ කුඩාම සංවිධානය වූ පවුලේ සිට, කවර සමාජ සංවිධානයක වුවද යහ පැවැත්මක් , චිරස්තිථියක් රඳා පවතින්නේ එම සංවිධානයේ විනය හෙවත් චර්යා ධර්ම පද්ධතිය මතය. බුද්ධ ශාසනයද සංවිධානයකි. ඊට ඓතිහාසික පදනමක් මෙන්ම පැවැත්මක් ද තිබේ. ඒ අනුව බුදු සසුනේ පැවැත්මට එහි විනය පද්ධතිය අදාළ වෙයි. “ විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “ විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ ශාසනයත් විනයත් අතර තිබිය යුතු අවියෝජනීය සම්බන්ධයයි. Read More