අපි අද ඉගෙනගන්න සූදානම් වෙන්නෙ බුදුරජාණන් වහන්සේ වදාළ ශ‍්‍රී සද්ධර්මයයි. මේ ධර්මයට මනුෂ්‍යයාව ඉහලම තලයට ගෙනියන්න පුලුවන්කම තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයෙකුට කිසි ලෝකෙක බැරිවිදිහට සීලය දියුණු කරන්න පුලුවන් මාර්ගයක් මේ ධර්මය පෙන්නනවා. සමාධිය දියුණු කරන්න පුලුවන් මාර්ගයක් පෙන්වනවා. ප‍්‍රඥාව දියුණු කරන්න පුලුවන් මාර්ගයක් පෙන්නවා. ලෝකෙ තියෙන සියලුම බන්ධනයන්ගෙන් නිදහස් වෙලා අවබෝධයෙන්ම වි̇මුක්තිය කරා යන මාර්ගය ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා. ඉතින් මේ මාර්ගය ලෝකෙට බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කරන කොට උන්වහන්සේ ඒ හෙළිකරන්නේ විශාල බලයක් ඇතිව. ඇයි ඒ වගේ විශාල බලයක් ඇතිව ඒක කරන්න වෙලා තියෙන්නෙ? එහෙම නැත්නම් මේ මාර්ගය කඩාකප්පල් කරනවා. ඒකට හේතුව තමයි සීල, සමාධී, ප‍්‍රඥා වලට විරුද්ධ මේ පෙනෙන ලෝකය විතරක් නොවෙයි, නොපෙනෙන ලෝකයත් විරුද්ධයි. Read More
අද ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ නවම් මස දෙවෙනි දින අප ගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලී මහා ස්ථූප
වන්දනාවට සූදානම් වෙන මොහොතයි. මේ පින්කම දැන් ආරම්භ කරලා හෙට උදේ හය දක්වා සර්ව රාත්‍රික ස්ථූප වන්දනාවක් අපි මේ ආරම්භ කළේ. මේ ස්ථූප වන්දනාවේ සුන්දරත්වය ආශ්චර්යයි. පේසා වළ ̈ සරසල තියෙනවා, පුන්කලස් දාහක් සරසලා තියෙනවා, නෙළුම් මහනෙල් පුරවල. ලක්ෂ පහකට අධික දාස්පෙතියා මල් වලින් මල් සැරසිල්ලක් කරලා තියෙනවා. බෞද්ධ ධජ පළන්දා තියෙනවා. ඊයේ රාත්‍රියේ මේ මහ මළුව සුවඳ විළවුන් පැන් වලින් සම්පූර්ණයෙන් ම දෝවනය කළා. ඒ බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සිහිකරගෙනයි මේ පින්කම සිදුකරන්නේ. හෙට හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා පන්සිය නමකට කිරිපිඩු පාත්‍රා පන්සියයක් පූජා කොට මේ පින්කම අපි සමාප්ත කරන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා දුටුගැමුණු රජතුමා තමන් ගේ අතට ඒ ධාතූන් වහන්සේලා හිස මත තබාගත් වේලෙහි දුටුගැමුණු රජතුමා අධිෂ්ඨානයක් කළා මේ බුද්ධ ශාසනය මේ රටේ බොහෝ කල් පවතිනවා නම්, එය මට පෙන්නුම් කරන්න කියලා. ඒ වෙලාවේ ඒ කරඩුවේ වේ තැන්පත් වෙලා වැඩසිටි ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා අහසට පැන නැඟිලා මේ භූමියේ දී අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ, ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ජීවමාන බුද්ධ කාය එතන මැවුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රතිහාර්යය මේ භූමියේ දී සිද්ධ වුණා. දුටුගැමුණු රජතුමා ප්‍රධාන රහතන් වහන්සේලා සිය ̈ දෙනා, ලක්ෂ පිරිස සාදු නාදය දෙමින් බලා සිටියා. මේ භූමියේ දී පියදස්සී රහතන් වහන්සේ ධර්ම දේශනා කරද්දී දස දහස් ගණනින් මාර්ගඵල ලැබුවා. සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා. භික්ෂූන් වහන්සේලා දාහතර දහසක් මේ මළුවේ දී අරහත්වයට පත්වුණා. භික්ෂුණීන් වහන්සේලා දහස් ගණනින් අරහත්භාවයට පත්වුණා. Read More
කුරුණෑගල සමයේ දී ලියැවුණු තවත් සිංහල වංශ කථා සාහිත්‍ය කෘතියක් නම් අනාගත වංශය යි. මෙය හැඳින් වී ඇත්තේ ‘මෙතේ බුදු සිරිත නම් වූ අනාගත වංශ ධර්ම ප්‍රබන්ධය’ යනුවෙනි. ඒ අනුව මේ කෘතිය මතු බුදු වන මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය වර්ණනා කිරීම අරමුණ කොට ගත් ප්‍රබන්ධයකි. මේ සඳහා පදනම් වී ඇත්තේ අනාගත වංශ දේශනාව යි. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධ වංශ දේශනාව අවසානයෙහි අග්‍රශ්‍රාවක ශාරිපුත්‍ර මහතෙරුන් වහන්සේගේ ආරාධනය පරිදි අනාගත වංශ දේශනාව වදාළහ.
බුද්ධ භාෂිතය දැක්වෙන අනාගත වංශ පාළිය නම් වූ ඉපැරණි කෘතියක් තිබූ බවත් එකී කෘතියට අට්ඨ කථාවක් ලෙසින් සමන්ත භද්දිකා නම් වූ අනාගතවංශට්ඨ කථාව උපසේන නම් ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද බවත් අනාවරණය වේ. අනාගත වංශයට ආශ්‍රය වී ඇත්තේ එකී කෘතීහු වෙති. එහෙත් මෙය පාලි අට්ඨකථාවේ පදානුගත පරිවර්තනයක් ලෙසින් නො ව වෙනත් කෘතිවලින් ලද ආභාසය ද ස්වාධීන නිර්මාණ කෞෂල්‍යය ද උපයෝගී කොට ගත් ප්‍රබන්ධයක් ලෙසින් ලියැවී තිබේ.
අනාගතයෙහි පහළ වන්නා වූ මෛත්‍රෙය බුදු රදුන්ගේ බුදු සිරිත වර්ණනා වන බැවින් මේ නම මෙසේ යෙදී ඇති අතර මෙය කතුවරයාණන් විසින් ම කෘතියට යෙදු නම බැව් පැහැදිලි වේ. මේ කෘතියේ කතුවරයා, කාලය, අභිප්‍රායය ආදි වූ බොහෝ කරුණු ග්‍රන්ථාරම්භයේ සහ ග්‍රන්ථාවසානයේ එන තොරතුරුවලින් මැනැවින් පැවැසේ. ‘… දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු මහා රාජෝත්තමයාණන් වහන්සේ… අනාගතයෙහි ධර්ම දේශකයන්ගේ නො ලැබීමෙන් මෛත්‍රී සර්වඥයන් වහන්සේ දැක ලෞකික ලෝකෝත්තර සම්පත් සිද්ධ කරනු කැමැති සත්ත්වයන්ට හසරක් නො පෙනෙන්නේ යැයි සිතා කලියුගයෙහි නුවණ මඳ සත්ත්වයන්ගේ සුඛාවබෝධය පිණිස මේ අනාගතවංශ නම් වූ මහා ප්‍රබන්ධය ස්වකීය භාෂාවෙන් ලියවනු කැමැති සේක්… විල්ගම්මුළ නම් කනකගිරි ශිඛරයෙහි විජෘම්භමාන සිංහරාජයක්හු වැනි වූ මහා ස්ථවිරපාදයන් වහන්සේට ආරාධනා කළ සේක.’ Read More
මෙම පොත තම ජීවිත කාලය තුළ දී ම, බොදු මගෙහි හිනිපෙත්තට ම ගිය ස්ත‍්‍රියකගේ ජීවිත කතාවත්, ඇගේ භාවනා පුහුණුවත් හුවා දක්වන්නෙකි. ඇය හැඳින්වූයේ ”මයි චී කායිව්” නමින් ය. මයි චී කායිව් කුඩා අවධියේ සිට ම ආධ්‍යාත්මික ජීවන රටාවකට හැඩ ගැසෙන බවක් ඇයට ම දැනුණි.ඇගේ ජීවිත කාලය තුළ, එවකට කීර්තියක් ඉසිලූ කම්මට්ඨානාචාර්යයන් මුණගැසීමට ඇය වාසනාවන්තියක් වූවාය. ඇය ඔවුනගේ උපදෙස් තදින් හදවතටගෙන දැඩි උද්‍යෝගයකින්, තම ප‍්‍රතිපත්ති පුහුණුවට එකතු කර ගත්තීය.
නවීන තායි බුදු දහමේ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජණීය ආචාර්ය මන් භූරිදතත හිමි ප‍්‍රසිද්ධ වී ඇත. උන් වහන්සේගේ ජීවිත කාලයේදී දස අත පැතිරී ගිය ගුණ සමුදාය වූයේ ප‍්‍රධාන වශයෙන් උන් වහන්සේ තුළ පැවති අසාමාන්‍ය ධෛර්යය, තපස සහ තම අනුගාමිකයින් වෙත දැක්වූ ප‍්‍රබල විනය ගරුක භාවය වේ. පරිනිවීමෙන් දැන් වර්ෂ 50ක් පමණ ඉක්ම වී ඇතත් බෞද්ධ ජනතාවගේ ගෞරවණීය පිළිගැනීමේ විශිෂ්ටත්වයක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේගේ ආර්ය පර්යේෂණය තුළින් ජීවිත පරිනාමය වූ අපූර්ව සිද්ධිය මුන්වහන්සේගේ ජීවිත පරිනාමයේ ද දැක ගත හැකි බවය.
පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙපක්ෂයම හොඳින් දනී. උන්වහන්සේ ලියූ බෞද්ධ පොත් විනය ග‍්‍රන්ථ, අභිධර්ම ග‍්‍රන්ථ, භාවනා ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථ ආදී වශයෙන් වර්ග කොට දැක්වීමට පුළුවන. ඒ ඒ විෂයනට අදාළව පරතෙරට ගිය අපූරු ධර්මධරත්වයක් උන්වහන්සේට තිබුණි. එසේම ගුණ බර වූ විනය ධරත්වයක් ස්වභාවයෙන්ම රේරුකානේ නායක හාමුදුරුවන් ගෙඩනගා ගෙන තිබිණි. ඒ ධර්මධරත්වය හා විනයධරත්වය මගින් උන්වහන්සේ අපේක්ෂිත අරමුණක් උදෙසා ගමන් කළ බවටද සාක්ෂි සාධක තිබේ. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් කෙරේ දැක්වූයේ අපමණ ගෞරව භක්තියකි.
“රේරුකානේ නායක හාමුදුරුවන්ගේ බණ පොත්ටික හොඳින් කියෙවුවොත් එ තැනැත්තා හොඳ ධර්ම ධරයෙක්. ධර්මඥයෙක් වෙනවා” යි. දවසක් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ උත්සව සභාවකදී වදාළහ. ඒ ප‍්‍රකාශයෙන් එහාට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ධර්මධරත්වය ගැන තවදුරටත් පුන පුනා ප‍්‍රකාශ කිරීම අවශ්‍ය නැත. තමන් වහන්සේ තුළ වූ ධර්මධරත්වයෙන් හා විනය ධරත්වයෙන් උතුම් බුද්ධ පුත‍්‍රයකු හැටියට කිසියම් අපේක්ෂිත අරමුණක් සාක්ෂාත් කරගත් බව රේරුකානේ නායක හාමුදුරුවන්ගේ මහ සඟ චරිතය පිළිබඳ සොයා බලන කළ හොඳින්ම පෙනේ. Read More
වර්ග තුනක ඇතුළත් කරන ලද සූත්‍ර තිස් හතරකින් යුත් දීඝ නිකාය වනාහී සූත්‍රපිටකාගත ප්‍රථම පුස්තකයයි. එම වර්ග තුනෙන් තෙවැන්න වන මහා වග්ගයේ එන නවවැනි සූත්‍රය වන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයයි. මෙය බෞද්ධ භාවනාව නිරවුල්ව මෙන්ම ක්‍රමානුකූ®ලව උගන්වන සූත්‍රයක් වන හෙයින් දේශීය බෞද්ධයන්ගේ මතු නොව විදේශීය බෞද්ධයන්ගේද අවධානයට ලක්ව ඇත. සතිපට්ඨාන භාවනාව යන්නෙන් බුදුන් වහන්සේ අදහස් කළේ කුමක් දැයි සැබැවින්ම දැකගත හැක්කේ එම මහා සතිපට්ඨාන සූත්‍රය වෙත ඉතා සමීප දෘෂ්ටියක් එල්ල කිරීමෙන් පමණකි. එසේ බලන විට පෙනෙන්නේ මෙය මුළු බුදුදහමෙහිම සාරය එකම සූත්‍රයක් තුළට කැටි කොට දැක්වීමක් බඳු බවය.
කුරු රට කම්මාස්සදම්ම නම්වූ නියම් ගමේදී බුදුරජාණන් වහන්සේ විසින් මෙම සූත්‍රය දේශනා කරන ලදී. මහා සුතසෝම හා ජයද්දිස ජාතකයෙහි සඳහන් වන ආකාරයට පාදයෙහි කබර සහිත වණ කැළැලක් තිබූ හෙයින් පෝරිසාදයාට ‘කම්මාස’ යන්න අන්වර්ථ විය. කම්මාස නම් වූ පෝරිසාදයා දමනය කළ ස්ථානය සහිත ප්‍රදේශයද කම්මාස්සදම්ම නියම් ගම යැයි ප්‍රකට විය. Read More
කරුණාව, දයාව සහ මෛත්‍රිය මුසු සත්‍ය වාක්‍ය සමූහය පිරිතයි. මෙහි විශේෂයෙන් අඩංගු වන්නේ බුදුගුණ, දහම්ගුණ සහ සඟගුණයි. සූත්‍රදේශනා අවසානයේ සත්‍ය වචනයෙන් යහපතත් වේවා යැයි ආශිර්වාද කරනු ලබයි. (ඒතේන සච්චේන සුවත්ථි හෝතු) හාත්පසින්ම ආරක්‍ෂාව ලැබීම පිරිතෙහි ආනුභාවයෙන් සිදුවේ. ‘පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං’ ලෙස දක්වන්නේද එහෙයිනි.
බෞද්ධ සමාජයෙහි විවිධ අවස්ථාවන්හිදි මෙම සත්‍ය දේශනය සිදුකර ගනී. දරුවකු මව්කුස පිළිසිඳ ගත් තැන් පටන් ජීවිතයේ සෑම කටයුත්තකදීම පිරිත් දේශනා සිදුකිරීම සාමාන්‍යය.විශේෂයෙන් විවිධ අපල උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාවීමට මෙම පිරිත යොදාගත් අයුරු පසුකාලීනව දැනගත හැකිවේ. ‘නක්ඛත්ත යක්ඛ භූ®තානං’ ආදි වශයෙන් පිරිත් දේශනාව අවසානයේ සඳහන් වන්නේ නක්ෂත්‍රාදියෙන් , විවිධ භූත බලවේගයන්ගෙන් සිදුවන දෝෂ දුරුකෙරෙන ලෙස වන ආශිර්වාදයකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේද, “ඉමං පරිත්තං උග්ගණ්හාථ ඒතං මේ පරිත්තංච කම්මට්ඨානංච භවිස්සති “ මෙය ඔබට ආරක්ෂාවක් මෙන්ම කර්මස්ථානයක්ද වන්නේය යනුවෙනි. Read More
මිලින්ද ප්‍රශ්නය වනාහි බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑමෙන් වසර පන්සියයකට පමණ පසු රචිත ධර්ම ග්‍රන්ථයකි. ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශයේ පාලකයකුව සිටි මියෑන්ඩර් හෙවත් මිලින්ද නම් රජ කෙනකුන් විසින් නාගසේන නම් රහතන් වහන්සේ නමකගෙන් විමසන ලද බුදු දහම පිsළිබඳ ගැඹුරු ප්‍රශ්න සඳහා උන්වහන්සේ විසින් ලබාදුන් පිළිතුරු ඇතුළත් කොට රචනා කරන ලද ග්‍රන්ථයකි මෙම ග්‍රන්ථය. මෙය රචනා වී ඇත්තේ එකී ධර්ම සංවාදය සිදුවූ යුගයට පසු කාලයකදී බව ග්‍රන්ථයෙහි එන තොරතුරුවලින්ම පෙනී යයි.
මෙම ධර්ම ග්‍රන්ථය රචනා වී ඇති භාෂා මාධ්‍ය වන්නේ අද පාලි භාෂාව යන්නෙන් හඳුන්වල මාගධී භාෂාවෙනි. වියතුන්ගේ අදහස්‌වලට අනුව මෙය මුලදී සංස්‌කෘත භාෂාවෙන් තිබී පසුව පාලියට පරිවර්තනය කරන ලද බවද සැලකේ.ථෙරවාද අභිධර්ම පිටකයේ නිමාව සටහන් කරමින් රචිත කථාවත්ථූපකරණය නම් ග්‍රන්ථයෙන් පසු බිහිවූ වැදගත්ම ධර්ම ග්‍රන්ථය හැටියටද මිලින්ද ප්‍රශ්නය සැලකේ.
මෙහිලා මිලින්ද රජතුමන් විසින් නගන ලද බුදුදහම පිළිබඳව උභතෝකෝටික ප්‍රශ්න ගැන සලකා බැලීමේදී රජතුමා ධර්මය පිළිබඳව හසල දැනුමක් ඇත්තකු බව පැහැදිලිව පෙනෙයි. එකී ප්‍රශ්නවලට ඊට නොදෙවෙනි විචක්‌ෂණ භාවයකින් නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු සපයයි. උන්වහන්සේ මෙහිදී අනුගමනය කර ඇත්තේ තාර්කික ක්‍රමයකට වඩා උපමා උදාහරණ මගින් ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයකි. සමහර විටෙකදී උන්වහන්සේ ගෙනහැර දක්‌වන උපමා විශ්මය උපදවන සුළුය. මිලින්ද ප්‍රශ්නය උපමා සාගරයක් යෑයි කිවහැකි තරම් එය නැවුම් උපමා ගොන්නකින් ගහනව ඇත. මෙම ප්‍රශ්න උත්තර කියවන්නකුට මෙම ප`ඩිවරුන් දෙදනාගේ ධර්ම ඤාණය පිළිබඳව අපමණ ගෞරවයක් ඇතිවීම නොවැළැක්‌විය හැක්‌කකි. මිලින්ද ප්‍රශ්නයේ වැදගත්කම කෙතරම්ද යතොත් ථෙරවාද මෙන්ම මහායාන ආචාර්යවරුන්ද මෙය පිළිගැනීම තුළින් තහවුරු වේ. Read More
බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. එහි ඇතුළත් ගාථා නම් වූ ශාසනයට අයත් විමාන වත්ථු පේ‍්‍රත වත්ථු දැන් ඔබට කියවිය හැකිය. මෙම විමාන වස්තු පාළි හා පේ‍්‍රත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. මෙහි විමාන වස්තුවේ තිබෙන්නේ මිනිස් ලොවෙහිදී පින්කම් කොට දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරන පිරිස ගැනයි. පේ‍්‍රත වස්තුවෙහි තිබෙන්නේ පේ‍්‍රත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැනයි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපවය.
විමාන වස්තු කියැවීමේදී ඒ ඒ කර්මානුරූපව දිව්‍ය විමාන පහළ වී ඇති ආකාරය ගැන පුදුම සහගත තොරතුරු ඔබට ඉගෙන ගත හැකිය. ඔවුහු මිනිස් ලොවෙහිදී යහපත් කර්මයන් කොට ඒ ප‍්‍රතිවිපාක විඳිමින් සුව සේ කල්ගෙවති.
පේ‍්‍රත වස්තුවෙන් කියැවෙන්නේ පේ‍්‍රත ලෝකයෙහි තොරතුරුය. මනුෂ්‍යයන් විසින් දූෂිත සිතින් යුතුව සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරුතුරු රැුසක් ඔබට ඉගෙන ගත හැකිය. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම් සොටු ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සාපිපාසා නිවාගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුළුය. එමෙන්ම අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇති වීම නිතැතින්ම සිදු වේ.
ලෝකයෙහි කර්ම හා කර්ම විපාක පිළිබඳව සටහන් වී ඇති අනේකවිධ තොරතුරුවලට මෙම විමාන වස්තු පේ‍්‍රත වස්තු දෙකෙන් ඉස්මතු වෙන කථා ප‍්‍රවෘත්තින්ගෙන් ලැබෙන්නේ බලවත් එළියකි. අචින්තනීය වූ විෂයක් පිළිබඳව මේ අංශු තොරතුරු ස්වල්පය පවා, අපගේ ජීවිතවලට ඉතා මැනවින් යා යුතු මගත් නොයා යුතු මගත් පෙන්වා දෙයි.
මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට පොදු ජනතාව වෙනුවෙන් පළමුවෙන්ම දේශනා කොට වදාළේ විමාන වස්තුව හා පේ‍්‍රත වස්තුවයි. ඒ තුළින් කර්මයෙහි ඇති සැබෑ ස්වභාවය පෙන්වා දුන් උන්වහන්සේ අනතුරුව වදාළේ චතුරාර්ය සත්‍යය පිළිබඳව ඉතා වැදගත් දේශනා රාශියක් අන්තර්ගත වූ සංයුක්ත නිකායෙහි සච්ච සංයුක්තයයි. ප‍්‍රථම ධර්ම සංගායනාවේදී ඛුද්දක නිකායෙහිලා සංග‍්‍රහ ලද විමාන වස්තු පේ‍්‍රත වස්තු පිළිබඳ දැනීමක් තෙරුවන් සරණ ගිය කා තුළත් තිබිය යුතුමය.
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ …
විමානවත්ථු අට්ඨකථා භාගතකරගන්න.