“විනය” යන වචනයේ සරල තේරුම හික්මීමයි. එනම් කයින් හා වචනයෙන් හික්මීමයි. කාය වාග් සංවරය නමින් දැක්වෙන්නේත් එය මය. සමාජයේ කුඩාම සංවිධානය වූ පවුලේ සිට, කවර සමාජ සංවිධානයක වුවද යහ පැවැත්මක් , චිරස්තිථියක් රඳා පවතින්නේ එම සංවිධානයේ විනය හෙවත් චර්යා ධර්ම පද්ධතිය මතය. බුද්ධ ශාසනයද සංවිධානයකි. ඊට ඓතිහාසික පදනමක් මෙන්ම පැවැත්මක් ද තිබේ. ඒ අනුව බුදු සසුනේ පැවැත්මට එහි විනය පද්ධතිය අදාළ වෙයි. “ විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “ විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ ශාසනයත් විනයත් අතර තිබිය යුතු අවියෝජනීය සම්බන්ධයයි. Read More
මාතෘකා වශයෙන් පැවැති කරුණු සමූහය වර්ගීකරණය කොට විස්තර කිරීමට ධම්මසංගණිය වෙන්කර තිබේ. මෙහි මාතෘකා 122 ක් යටතේ වර්ග කර ඇත. “කුසලා ධම්මා අකුසලා ධම්මා අව්යාකතාධම්මා” වශයෙන් තුනේ ගොඩවල් 22 කි. “හේතු ධම්මා න හෙතු ධම්මා” යනුවෙන් ගොඩවල් සියයකි. සුත්තමාතිකා නම් වෙනම කොටස් දක්කනට ලැබේ. එය සැරියුත් හිමියන් විසින් සම්පාදිත බව අටුවාව කියයි. ධම්මසංගණියේ පුධාන කොටස් 4 කි.
01 . චිතුතුප්පාදකකණ්ඩ (චිත්ත චෛතසිකයන්ගේ සම්ප්රයොගය)
02 . රූප කණ්ඩ (අටවිසි රූප ප්රබේද පිළීබඳ)
03 . නික්ඛේප කණ්ඩ (මාතෘකා අතරින් 1ක් ගෙන සංග්රහ කලයුතු ධර්මයෝ දක්වා සංයෝජනයන්ගෙන් ප්රහීන කලයුතු අයුරු )
04 . අට්ඨකතා කණ්ඩයයි (මුල් පරිච්ඡේද වල කරුණු විස්තර කිරීම)