Skip to main content

බුද්ධානුස්සති භාවනා පිරිත සහිත චතු විශාරද ඥාන දේශනා – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි ( The Buddhanussathi Bhawana piritha sahitha Chathu wisharada gna deshana – Ven Nauyane Ariyadhamma Maha Thero )

චතු විශාරද ඥාන පිළිබදව ධර්ම ග්‍රන්ථය මෙවර අපගේ ජන්ම දිනය සිහිපත් කරමින් මුද්‍රණය කරනු ලබන්නේ සත්ගුණවත් එස්.බී.දිවාරත්න මහත්මයා සහ දිවාරත්න මහත්මිනී විසිනි.

1994 පෙබරවාරි 25 දා ගල්දූවේ අභිනව පොකුණ පූජාකල නවම් පොහෝදින දේශනා කරන ලදචතු විශාරද ඥාන දේශනාව දහම් පොතක් වශයෙන් මුද්‍රණය කරවීමට ලියාදෙනු මැනව’යි කරන ලද කාරුණික ආරාධනාව පරිදි විශේෂ ධර්ම දේශනාදී ආගමික කටයුතු රැසක් සදහා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවරට වැඩිය බැවින් එහිදී ලැබුණ විවේක අවසරයේදී මෙය ඉතා සැකෙවින් සකස් කලෙමි.

මෙහි විශාරද ඥාන සතර විවරණයට අනතුරුව විශාරද ඥාන පිරිතක් යෙදිමි. එය නිතර භාවිතයට සුදුසු ආරක්ෂක පිරිතක් වනු ඒකාන්තය. පිරිතට අනතුරුව ඇත්තේ විශාරද ඥාන අනුව බුදුගුණ භාවනාවකි. එය නිතිපතා භාවිතයට සුදුසු අනුස්සතියකි. මහ සයුරේ කොතැනින් දිය බිදක් ගත්තේද එහි එකම ළවන රසය ඇත්තා සේ බුදුගුණ සයුරේ කොතැනින් ගුණ පදයක් ගත්තේද එහි ඇත්තේ අමා මිහිරකි. රුවන් ගබඩාවකට ඇතුලු වූ පුද්ගලයාගේ හාත්පසම රන් රුවන් මුතු මැණික් ආලෝකයේ කාන්තිය පැතිරෙන්නා සේද බුදුගුණ ගබඩාවට ඇතුලු වූ පුණ්‍ය වන්තයාගේ හාත්පසද බුදුගුණ රුවනේ කාන්තිය පැතිරෙනු ඒකාන්තය. බුදුගුණයෙන් සැනසෙනු කැමැත්තෝ නිරන්තරෙයෙන් මෙවැනි බුද්ධානුස්සති භාවනා වඩත්වා.

  • කතෘ ස්වාමීන් වහන්සේ

මෙම අගනු පුස්තකය ඔබත් බාගතකරගන්න.