Skip to main content

පංච මහා වාදය ( Pancha maha wadaya)

පංච මහා වාදය වූකලි බෞද්ධ ක්‍රීස්තියාණි දෙපස අතර කලකට පෙර ඇති වූ වාද පසක් එන් රැස්කොට අප විසින් සම්පාදනය කරනලද ග්‍රන්ථයකි.  ගම්පල වාදය, පානදුරේ වාදය, උදන්විට වාදය, බද්දේගම වාදය,හා ඌරුගොඩවත්ත වාදයත් මෙයට ඇතුලත්ය.
බෞද්ධයෙකු හැටියට පෙනී සිටීමට පසුබට වූ අවදියකදී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්  හා ක්‍රිස්තියාණි වියතුන් අතර ඇතිවුන මෙහි මුලින් දැක්වූ වාද සතර නිසා බෞද්ධයන්ට බෞද්ධයන් හැටියට පෙරමුණට යාමට ඉමහත් රුකුලක් ලැබිණි. ඒ අවදියේදී රජයේ උපකාර ලැබුනේ ක්‍රිස්තියාණි පක්ෂයටය. එකල ක්‍රිස්තියාණි දේව ගැතිවරුන් ‍ෙ/් වැටුප් ලවා ගෙවන ලද්දේද  ලක් රජය මගිනි. රැකී රක්ෂා හා තාන්න මාන්න බලාපොරෙත්තුවෙන් සමහරු ක්‍රිස්තියාණිය වැලද ගත්හ. ගුණානන්ද හිමියන්ගේ අභාවයන් නව වසරකට පසු ඌරුගොඩවත්ත වාදය ඇතිවිණි. එහි බෞද්ධ පක්ෂයේ කථිකයා වූයේ මොහොට්ටිවත්තේ ජනානන්ද හිමිතුමාය.
බෞද්ධ ක්‍රිස්තියාණි දෙපස අතර ඇති වූ මේ වාද කථා අතුරින් කීපයක් එකල විසූ පඩිවරුන් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදුව ප්‍රසිද්ධ කරවූහ. ඒ පොත්වල පිටපත් ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියන්, ඇමරිකන් ආදී විදේශීය පන්ඩිතයන් අතට පත්විය.  ඒ පොත් කියවූ කර්නල් ඕල්කට්, ලෙඩ්බිටර්, බෙනට්, ආදී උතුමන් හා බ්වැස්කි මැතිනිය බුද්ධ ධර්මය සෙවීම පිණිස සිරිලකට සැපත් වූහ. ඔවුන්ගේ පැමිණීමක් සිදු නොවුනිනම් අද අප රටේ බෞද්ධ අධාපනයෙහි මෙතරම් දියුණුවක් කිසිසේත් ඇති නොවේ.

පංචමහා වාදය භාගත කරගන්න.