
ජාතක කතා තරම් ජනප්‍රියත්වයට පත් තවත් සාහිත්‍යංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරමිය. බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි “ජාතක පාලි” නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථා වන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතා වන්හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ.
මෙම සිංහලෙන් ලියන ලද ජාතක අටුවාව අද අප අතර නැතත් මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මායිමියන්ගේ අටුවා පාලියට නැගීමේව්යාපෘතිය බස්සේ එය පාලියට නැගී අදත් අප අතර “පාලි ජාතකටිඨ කතාව” නමින් පවති. “පන්සිය පනස් ජාතක පොත් වයන්සේ “නමින් සිංහල පාඨක ජකයාගේ ගෞරවයට පාත්‍ර වු සිංහල ජාතක පොත එම පාලි ජාතකටිඨ කතාවේ පරිවර්තනයක් ලෙස අප අතරට පත්ව ඇත.
සිංහල ජාතක පොත ලියවෙන්නට පෙර සිටම ජාතක කතා උගෙනීමට සිංහගයන් දැක්වු උනන්දුව පැහැදිලි වන සාධක රැසක්ම හමුවේ.දොගොද්වක සියවසේදී ජාතක අටුවා ගැට පදයක් ලියවුනේත් ජාතක ගාතා සන්නය, වෙසතුරැ දා සන්නය, දස ජාතක සන්නය, අටදා සන්නය ආදිය ලියවුනේත් ධර්ම ප්රදීපිකාවේසිට සියලු සිංහල සාහිත්‍ය කෘතීන්හි ජාතක කතා ඇතුලත් වුයේත් මුවදෙවිදාවත, කුසජාතකය,කවි සිළුමිණ, ජාතක කතා වස්තු කොට පද්‍ය කෘති බිහි වුයේ එහි ප්‍රතිපල වශයෙනි. – විකිපීඩියා ඇසුරිනි