
මෙහි ‘ගිහි පිළිවෙත’ යනු බෞද්ධ ගිහි අය විසින් පිළිපැදිය යුතු හැටිය යි. බුදුරජාණන් වහන්සේ ගේ ධරමාන කාලයෙහි අද ව්‍යවහාරයෙහි පවතින ‘බෞද්ධ’ යන නම තිබුනේ නැත.
මේ නම ව්‍යවහාරයට ආවේ බුදුපිරිනිවනින් සියවස් දෙකකටත් පසුවය. බුද්ධ කාලයෙහි බුද්ධ යන්න වෙනුවට ව්‍යවහාර වූයේ සරණගත ( උපාසක ) යන නමය. පිරිමි අය උපාසක නමින්ද ස්ත්‍රී අය උපාසිකා නමින්ද හැදින්උනාහ. ඒ උපාසක උපාසිකාවන් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති ” උපාසක ධම්ම, උපාසක පටිපත්ති” කමින් පෙළ අටුවාවෙහි දැක්වේ. එය අද ව්‍යවහාර කරතොත් බෞද්ධ ප්‍රතිපත්ති නමින් හැදින්විය යුතුයැ.
එහි ලා පළමු කොට ‘බෞද්ධයා’ හෙවත් ‘උපාසකයා’ නම් කවරේ ද? යි දත යුතු යි. දවසෙක මහානාම ශාක්‍ය රජුට දහම් දෙසන භාග්‍යවතුන් වහන්සේ උපාසක ධර්ම විස්තර කළ සේක……
කතෘ ස්වාමීන් වහන්සේ …
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.