
ක්ෂාන්තිය හෙවත් ඉවසීම පාරමිතාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පාරමිතා කියන්නේ පරතෙරට පමුණුවන්නට, කෙළෙස් සයුරෙන් එතෙර කරවන්නට, සමත්වන සුවිශේෂ ගුණධර්මවලටයි. සත්වයාට නොයෙක් ආකාරයෙහි සසරෙහි දුක් පීඩාවලට භාජනය වන්නට හේතුවන ක්ලේෂ ධර්මයන් ප්‍රහානය කිරීම සදහා දෙසූ පාරමිතාවන් අතර ක්ෂාන්තිය හෙවත් ඉවසීම සැමවිටම අත්‍යාවශ්‍ය ධර්මයක්. ඒ නිසා ක්ෂාන්තිය කියන්නෙ මොකක්ද කියල අපි මූලික වශයෙන් හදුනගන්න ඕනි. සරග වශයෙන් අපි පැහැදිලි කරගත්තොත් ක්ෂාන්තිය කියන්නෙ ඉවසීමයි. ක්ෂාන්ති පාරමිතාව කියන්නෙ ඉවසීමේ ගුණය නැවත නැවත පුහුණු කිරීමයි. කෙලෙස් ධර්ම මැඩපවත්වන්නට, කුශල ධර්ම සම්පාදනය කරන්නට, ඒ වගේම සියලු සංයෝජන ධර්මයන් ප්‍රහානය කරන්නට ආශුව ධර්මයන් ප්‍රහානය කරන්න ප්‍රමානවත් ආකාරයෙන් ඉවසීම පුහුණු කිරීමයි ක්ෂාන්ති පාරමිතාව හැටියට දැක්වෙන්නේ. මොනව ඉවසීමද ? බුදුහාමුදුරුවො දේශනා කරනව මේ ෂඩ් ඉන්ද්‍රියන්ගෙන්ම අපිට සුවදාය දේත් කටුක දේත් අතිවිදින්න වෙනව කියල. ඒ කටුක අත්දැකීම් වලදී විරුද්ධ නොවී නොකිපී ඉන්ට පුලුවන්නම්එය තමයි ඉවසීම හෙවත් ක්ෂාන්ති පාරමිතාව හැටියට දැක්වෙන්නෙ.බුදුරජාණන් වහන්සේ දේශනා කරනව සෑම සංස්කාරයක්ම අනිත්‍යයි, දුක්ඛිතයි, අනාත්මයි.මේ ත්රිලක්ෂණයට යටත් නොවන කිසිම සංස්කාරයක් මේ ලෝකයේ නැහැ.
කතෘ ස්වාමීන් වහන්සේ …
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.