
අද පින්වතුන්ට ධර්ම කරුණු පැහැදිලි කර දෙන්නට මම මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල මහා රුක්ඛ සූත්රයයි. මේ මහා රුක්ඛ සූත්රය සදහන් වන්නේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ බොජ්ජංග සංයුක්තයේ නීවරණ වග්ගයේ.
බුදුහාමුදුරුවො මේ සූත්රයේදී දේශනා කරන්නේ කුමක් පිලිබදවද? නීවරණ පහක් පිලිබදව. පින්වතුන්ට නිතර අහලා පුරුදු දෙයක් තමයි නීවරණ ධර්ම. අද අපි මේ ධර්ම දේශනාව තුලිනුත් උත්සාහ කරන්නේ නීවරණ කියන්නේ මොනවද, ඒ නීවරණයන්ට අපේ සිත ගොදුරු වන්නේ කොහොමද, නීවරණයන්ට සිත ගොදුරු උනාම එහි ප්රතිඵලය කුමක්ද? එසේ නීවරණයන්ට සිත ගොදුරු වෙන්නට හේතුව කුමක්ද? නීවරණයන්ගෙන් සිත නිදහස් කරගන්නේ කොහොම ද? එසේ නිදහස් කරගැනීමෙන් සිදුවන යහපත කුමක්ද ? මෙන්න මේ කරුණු ටික පැහැදිලි කර දෙන්නට.
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.