
මේ ශාසනයේ දැක්වෙන පින්කම් අතර මහා පින්කම් අටක් පිළිබද සටහන් වෙනවා.
- කඨින චීවර පූජාව
- අට පිරිකර පූජාව
- ආවාස පූජාව
- බුද්ධ ප්රමුඛ සංඝරත්නයට ( සග සතුකොට දන් දීම )
- දහම් පොත් ලිවීම
- කෙත්වතු පූජාව
- බුද්ධ ප්රතිමා ඉදිකිරීම
- වැසිකිළි සකසා පූජා කිරීම
ඒ මහා පින්කම් අටයි. මේ අතර මුලින්ම සදහන් වෙන කඨින චීවර පූජාව බෞද්ධයන් විසින් ඉතා උත්සවාකාරයෙන් පවත්වන ප්රධාන පිංකමක්. මේ පින්කම හැම විටම කරන්න බැහැ. භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කරන වප් ( ඔක්තෝබර් ) මාසෙ පුන් පොහෝ දින දක්වා මාසය තුල පමණයි කඨින චීවර පූජාව කරන්න ලැබෙන්නෙ. මේ කාලය “ චීවර මාසය” ලෙසත් හදුන්වනව.
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.