
කෝපය, දේවේෂය, තරහව, කේන්ති යාම ආදී වශයෙන් හදුන්වන කිලිටි වූ මනෝභාවය සියලු දෙනාම අත් දැක ඇතුවාට සැක නැත. සමාජයේ එදිනෙදා කටයුතු වලදී බොහෝ අනවශ්‍ය ගැටුම් මතු කරගන්නට මෙම මනෝබාවය හේතුවන බවද බොහෝ දෙනා හදුනාගෙන ඇත. එහෙත් ඒ පිලිබද සොයා බලන්නටපෙළඹෙන්නේ ඉතාම සුලු පිරිසක් පමණි.ඒ අතරිනුදු නිවැරදිව කාරණය වටහාගෙන සැහැල්ලුවෙන් දෛනික ජීවිතය ගතකරන්නෙ කලාතුරකින් කෙනෙකි. ඔබත් ඊට උත්සාහ කරන ටික දෙනා අතර කෙනෙක්නම් මෙම දේශනාව ඒ සදහා ඔපට මග පෙන්වනු ඇත. ද්වේශයේ ස්වභාවය , එය හටගැනීමට හේතු, එය මැඩලීමට බාධාවන කරුණු සහ එය දුරුකරගැනීමට මග පෙන්වන පියවර ගණනාවක් විස්තර කරමින් කර ඇති මෙම දේශනාව සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දේශිත අඝාත පටිවිනය ( අංගු. පඤ්චක. නි. ) සූත්‍රය ඇසුරින් කරන ලද්දකි.
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.