
බුදධ දේශනාවෙහි දැක්වෙන ප්‍රතිපතති මාගයේ අවසාන පරමාර්ථය වන “නිවන” පිළිබඳව ඈත අතීතයේ පටන්ම විවිධ මතිමතානතර ප්‍රකාශයට පත් වී ඇත. ආර්ය අෂ්ඨාංගිකමාර්ගය “සමමා දිටඨි ” නම් වූ “හරි
දැක්ම ” පෙරටු කරගත් ප්‍රතිපදාවකි. එබැවින් ඒ මාගර්යෙහි ගමන් කරන්නෙකුට ගමනෙහි ඉලක්කය ගැන නිරවුල් අවබෝධයක් ඇතිවිය යුතුමය. බුදධ වචනයට අනුකූලව එවැනි අවබෝධයකට මඟ හෙළි කිරීම මෙම දේශනා මාලාවේ පරමාථීය විය.
මහවැලි ගඟ උතුරට හැරැවීමෙන් පසු එතෙක් නිසරු මුඩු බිම් ලෙස පැවති පෙදෙස්වල සිදුවූයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්බිඳක් නොලබා සිටි ගොවීහු පෙදෙස පුරා නිහඬව ගලා යන සිසිල් දිය දහරින් පිනා ගියහ. මැලවුනු ගොයම සරුව නිල්වන්ව කරලින් බර විය. මල් පලින් ගැවසීගත් තුරු-ලිය බලා සැනසෙන පෙදෙස් වැසියෝ තුටු කඳුළු වගුළහ.
දහම් අමා ගඟ “උතුරට” හැරැවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරඹුණි. දහම් පත-පොත තබා “එදා-වේල ”සඳහා වත් විය. පැහැදම් කිරීමට වත්-කමක් නැත්තෝ, නිහඬව නොමිලයේ ගලායන අමිල දහම් අමා දිය දහරින් සදහම් පිපාසය සන්සිඳුවා ගත්හ. අරිටු මිසදිටු හැර, සැදැහැයෙන් සරුව, ගුණ නුවණින් බරව පිළිවෙත් මඟට නැමී ගත්හ. ලොවී – ලොවුතුරු මල් පල නෙලා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නන් අයුරින් සොම්නස පළකළහ.
“ ධම ග්‍රනථ මුද්‍රණ භාරය ”නමින් දියත් කළ මෙම ධම දාන වැඩපිළිවෙල සඳහා අපගෙන් වැයවුනේ පිරිසිදු ධම දාන සංකල්පය පමණි. අමාගඟ “ උතුරට ” හැර වූවෝ සසුන් ගුණ හඳුනන පරිත්‍යාගශීලී සැදැහැවත්හුමය. “නිවනේ නිවීම ” පොත් පෙළ එළි දැක්වීමෙන් නොනැවතී පහන් කණුව “ධම දේශනා ” පොත් පෙළෙහි බර පැන දැරීමටත්, දෙස් – විදෙස්වල දහම් පිපාසිතයින් උදෙසා අප අතින් ලියැවෙන අනිකුත් පොත – පත ඒ අයුරින්ම එළි දැක්වීමටත් ඔවුහු උත්සුක වූහ. දෙන දේ පිරිසිදුවම දීමේ අදහසින් අමිල වූ දහම ඊට නිසි ශෝභන මුද්රණයකින්ම ධර්මකාමීන් අතට
පත් කිරීමට පියවර ගත්හ. මුද්‍රිත පිටපත් සංඛ්‍යාව අවසන්වනු හා සමගම නැවත මුද්‍රණ
පළකිරීමෙන් දහම් අමා ගඟ වියළී යා නොදීමට දැඩි අදිටනකින් ඇප කැපවූහ.
පොත් අලෙවිය පිළිබඳව මෙකල බහුලව දක්නට ලැඛෙන වාණිජ සංකල්පයට පිටුපා, තහංචිවලින් තොරව, තමන් අතට නොමිලයේම පත් කැරෙන දහම් පඬුර තුළින් ධම දාන සංකල්පයෙහි අගය වටහා ගත් බොහෝ පාඨක පින්වත්හු තමන් ලද රස අහරක්, නෑ-හිතවතුන් සමග ඛෙදා-හදා ගන්නාක් මෙන් නොමසුරුව අන් දහම් ලැදියනටද දී ධම දානයට සහභාගී වූහ. ඉනුදු නොනැවතී, ශක්ති පමණින් ධම ග්‍රනථ මුද්රණභාරයට උරදීමටද ඉදිරිපත්වූහ, ඇතැමෙක් ලොකු කුඩා දහම් පොත් මුද්‍රණය කරවීමේ හා නැවත-නැවත මුද්‍රණය කරවීමේ බරපැන ඉසිලීමට පවා පසුබට නොවූහ.
සම්බුදු සසුන මේ ලක් පොළොවෙහි පවතින තාක් මේ දහම් අමාගඟ ලෝ සතුන් සිත් සනහමින් නොසිඳී ගලා යේවා යනු අපගේ පැතුමයි.
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.