Skip to main content

සිත සනසන අමාදහම් – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Sitha sanasana ama daham … )

මේ දේශනාවේ නම අනුරුද්ධ සූත්‍රය. අනුරුද්ධ මහරහතන් වහන්සේට, උන්වහන්සේ අරහත්වයට  පත්වෙන්නට කලින් දේශනා කොට වදාළ ධර්මයයි. ඒ  දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ “භග්ග” කියන ජනපදයේ “සුසුංමාරගිරි” කියන නගරය අසල භේසකලා

වනයේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වැඩසිටියේ  නැගෙනහිර ප්‍රදේශයේ “ චේති ” කියන ජනපදයේ හුදෙකලාවේ කුටියක.  එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාවනා කර

කර සිටිද්දී උන්වහන්සේට මෙන්න මෙහෙම අදහස් ඇති වුනා.

(අප්පිච්ඡස්සායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස)

“ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය තියෙන්නෙ අල්පේච්ඡ අයටයි.” කාටද මේ ධර්මය  තියෙන්නෙ? අල්පේච්ඡ අයටයි. මහේච්ඡ අයට නොවෙයි. බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් තෝරල දෙනවා. අපිට මේ සූත්‍රයේ අන්තිමට විස්තර අහන්න ලැඛෙනවා. පළවෙනි කාරණය තමයි මේ ධර්මය තියෙන්නෙ අල්පේච්ඡ අයට මිසක් මහේච්ඡ අයට නොවෙයි.

ඊළඟට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට හිතුනා “මේ ධර්මය තියෙන්නෙ ලද දෙයින් සතුටු වෙන අයටයි. ලැබිච්ච  දෙයකින් සතුටු නොවන අයට නොවෙයි.” බුදුරජාණන්වහන්සේගේ ධර්මය තියෙන්නෙ අල්පේච්ඡ අයට, ඒ වගේම  ලද දෙයින් සතුටු වෙන අයට. ඊට පස්සේ අනුරුද්ධ  ස්වාමීන් වහන්සේට හිතුනා

“මේ ධර්මය තියෙන්නෙ (පවිවිත්තස්සායං ධම්මෝ) හුදෙකලා විවේකයෙන් වාසය  කරන අයටයි. හුදෙකලා විවේකයෙන් ඉන්න අයටයි. (නායං ධම්මෝ සංගණිකාරාමස්ස) මේ ධර්මය පිරිසේ  ඇලි ඇලී ඉන්න එක්කෙනාට නෙමෙයි තියෙන්නෙ (ආරද්ධ විරියස්සායං ධම්මෝ) මේ ධර්මය  තියෙන්නෙ පටන්ගත් වීරිය ඇති එක්කෙනාටයි. (නායං  ධම්මෝ කුසීතස්ස) මේ ධ3⁄4මය කුසීත අයට, උපන් අකුසල් ප්‍රහාණය කරන්න කම්මැලි, (හිතේ අකුසල් හටගත්තාම

ප්‍රහාණය කරන්නෙ නැතිව ඒවා තියාගෙන ඉන්නවා. එයා  කුසීතයි.) කුසීත අයට නෙමෙයි මේ ධර්මය තියෙන්නෙ  හැමතිස්සේම සිහියෙන් ඉඳලා උපන් අකුසල් ප්‍රහාණය  කරන්න වීරිය තියෙන කෙනාටයි. (උපට්ඨිතසතිස්සායං  ධම්මෝ නායං ධම්මෝ මුට්ඨස්සතිස්ස) මේ ධර්මය

තියෙන්නෙ සිහිය පිහිටුවාගෙන ඉන්න එක්කෙනාටයි. සිහිය  මුළාවෙච්ච එක්කෙනාට නෙමෙයි. (සමාහිතස්සායං  ධම්මෝ) මේ ධර්මය තියෙන්නේ සිත තැන්පත් වූ කෙනාටයි.  (නායං ධම්මෝ අසමාහිතස්ස) හිත තැන්පත් නොවූ  කෙනාට නොවෙයි. (පඤ්ඤාවතෝ අයං ධම්මෝ) මේ

ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනාටයි. (නායං ධම්මෝ  දුප්පඤ්ඤස්සාති) මේ ධර්මය තියෙන්නේ ප්‍රඥා නැති කෙනාට නෙමෙයි. ” .     –  කතෘ ස්වාමීන් වහන්සේ විසිනි.

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.