Skip to main content

ස්වර්ණමාලී මහා සෑ වන්දනාව … පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ –( Swarnamali maha se wandanawa – Ven Kiribathgoda Gnanananda Thera )

අද ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ නවම් මස දෙවෙනි දින අප ගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලී මහා ස්ථූප

වන්දනාවට සූදානම් වෙන මොහොතයි. මේ පින්කම දැන් ආරම්භ කරලා හෙට උදේ හය දක්වා සර්ව රාත්‍රික ස්ථූප වන්දනාවක් අපි මේ ආරම්භ කළේ. මේ ස්ථූප වන්දනාවේ  සුන්දරත්වය ආශ්චර්යයි. පේසා වළ ̈ සරසල තියෙනවා, පුන්කලස්  දාහක් සරසලා තියෙනවා, නෙළුම් මහනෙල් පුරවල. ලක්ෂ පහකට  අධික දාස්පෙතියා මල් වලින් මල් සැරසිල්ලක් කරලා තියෙනවා.  බෞද්ධ ධජ පළන්දා තියෙනවා. ඊයේ රාත්‍රියේ මේ මහ මළුව සුවඳ  විළවුන් පැන් වලින් සම්පූර්ණයෙන් ම දෝවනය කළා. ඒ බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සිහිකරගෙනයි මේ පින්කම සිදුකරන්නේ.  හෙට හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන්  වහන්සේලා පන්සිය නමකට කිරිපිඩු පාත්‍රා පන්සියයක් පූජා කොට  මේ පින්කම අපි සමාප්ත කරන්නේ.  ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා  දුටුගැමුණු රජතුමා තමන් ගේ අතට ඒ ධාතූන් වහන්සේලා හිස මත  තබාගත් වේලෙහි දුටුගැමුණු රජතුමා අධිෂ්ඨානයක් කළා මේ බුද්ධ  ශාසනය මේ රටේ බොහෝ කල් පවතිනවා නම්, එය මට පෙන්නුම්  කරන්න කියලා. ඒ වෙලාවේ ඒ කරඩුවේ වේ තැන්පත් වෙලා වැඩසිටි  ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා අහසට පැන නැඟිලා මේ භූමියේ දී  අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ, ගෞතම බුදුරජාණන් වහන්සේ  ගේ ජීවමාන බුද්ධ කාය එතන මැවුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රතිහාර්යය මේ භූමියේ දී සිද්ධ වුණා. දුටුගැමුණු රජතුමා ප්‍රධාන රහතන් වහන්සේලා සිය ̈ දෙනා, ලක්ෂ පිරිස සාදු නාදය දෙමින් බලා සිටියා.  මේ භූමියේ දී පියදස්සී රහතන් වහන්සේ ධර්ම දේශනා කරද්දී  දස දහස් ගණනින් මාර්ගඵල ලැබුවා. සෝවාන් වුණා, සකදාගාමී  වුණා, අනාගාමී වුණා. භික්ෂූන් වහන්සේලා දාහතර දහසක් මේ  මළුවේ දී අරහත්වයට පත්වුණා. භික්ෂුණීන් වහන්සේලා දහස් ගණනින්  අරහත්භාවයට පත්වුණා.

දුටුගැමුණු රජතුමා ඒ ධාතූන් වහන්සේලාට අත තබා අධිෂ්ඨාන  කළා මේ ස්ථූප රාජයා ගේ ආශිර්වාදය ලොවට ලැඛෙනවා නම්,  බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ ඉරියව්වෙන් මේ ධාතූන්  වහන්සේලා වැඩසිටින සේක්වා කියලා. ඒ මොහොතේ දී මේ ස්වර්ණමාලී මහා ජයාණන් වහන්සේ ගේ ධාතු ගර්භයේ  තනවලා තිබුණා රත්තරනින් සාල වෘක්ෂ දෙකක්. මැණික් වලින්  සල් මල්. පිරිනිවන් මඤ්චකයේ රනින් කළ යහනාවක් තනවලා  තිබුණා. ඒ ධාතූන් වහන්සේලා ඍද්ධි බලයෙන්, බුදුරජාණන් වහන්සේ  පිරිනිවන්පානා ඉරියව්වෙන් වැඩසිටියා. තවමත් මේ ස්ථූප රාජයන්  වහන්සේ ඇතුලේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ ඉරියව්වෙන් ම වැඩසිටිනවා. ඉතින් පින්වත්නි, මේ මහා පෘථීවිය මත තිඛෙන ආශ්චර්යවත්  පරම පූජනීය වස්තූන් අතර අග්‍ර වූ පූජනීය වස්තුව මේ අනුරාධපුර භූමියේ තිඛෙනවා. උඩමළුවේ වැඩසිටිනවා ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. රුවන්වැලි මහා  සෑයට උතුරුපසින් වැඩසිටිනවා බුදුරජාණන් වහන්සේ ගේ අකු  ධාතුව වැඩසිටින ථූපාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ. දකුණු  පසින් ලෝවාමහාපායේ නටඹුන් තිඛෙනවා. මේ වගේ පරම පූජනීය  වස්තු අතර මේ මහා පෘථීවියේ ඉතාම උතුම් ස්ථූප රාජයා තමයි  අපගේ ශාස්තෘන් වහන්සේ ගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා  වැඩසිටින ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ.     –  කතෘ ස්වාමීන් වහන්සේ විසිනි.

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩව්‍රන්ලෝඩ් කරගන්න.