Skip to main content

සසරක රහස – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Sasaraka rahasa – Ven Kiribathgoda Gnanananda Thera )

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනීමේදී ඉගෙන  ගන්න ක‍්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි  “සුතා”. සුතා කියන්නෙ ශ‍්‍රවණය, සවන්දීම. දෙක “ධතා”.  ධතා කියන්නෙ ධාරණය කරගැනීම. මතක තබාගැනීම.  තුන “ වචසා පරිචිතා ”.  වචසා පරිචිතා කියන්නෙ

වචනයෙන් පුරුදු කිරීම. හතරවෙනි එක “මනසානුපෙක්ඛිතා.”  මනසානුපෙක්ඛිතා කියන්නෙ

නුවණින් මෙනෙහි කිරීම. පහ  “දිට්ඨියා සුප්පටිවිද්ධා ” අවබෝධයෙන් පැහැදිලි කරගැනීම. බුද්ධ දේශනා ඉගෙන ගෙන ප‍්‍රගුණ කළොත් අවබෝධ වෙනවා. දැන් එතකොට  අපට තේරෙනවා, මේක නිකං මේ කණෙන් අහලා, අර  කණින් අත්හරින එකක් නෙවෙයි. ඇසූ පමණින්, කථා  කළ පමණින්, සම්පූර්ණ වෙන එකකුත් නොවෙයි.  සුතා, ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා,  දිට්ඨියා සුප්පටිවිද්ධා. ඔය ටික තමන් ඉගෙන ගන්න ධර්මය තුළ පුරුදු කර ගත්තොත්, ඊට පස්සෙ ඒ ධර්මය තමන්ගෙ  ජීවිතය තුළ, තමන්ට තේරෙන, තමන්ට අවබෝධ වෙන,  දෙයක් බවට පත්වෙනවා. එතකම්ම ධර්මය තමන්ගෙන්  පිටස්තර දෙයක්. .     –  කතෘ ස්වාමීන් වහන්සේ විසිනි.

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.