Skip to main content

තෝරා ගනිමු සැබෑම නායකත්වය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Thoraganimu sebe nayakathwaya … )

අපි සියලු දෙනාටම කේන්ති යනව…?  ඔව් අපි ඔක්කොටම කේන්ති යනවා. තව කෙනෙකුට

අපව තරහ ගන්වන්නට පුළුවන් නේද……? ඔව් පුළුවන්.  එහෙම වෙන්නෙ ඇයි ….? එහෙම වෙන්නෙ කේන්ති යන ස්වභාවයේ සිතක් අපිට තියෙන නිසයි. අපි ඒ කේන්තිය දිගටම පුරුදු කලොත් ඒක වෛරයකට හැරෙනවා. වෛරයකට හැරුනොත් ඒකෙන් සිදු වෙන්නෙ  අයහපතක්මයි. ඒ වෛරය නිසා අනුන්ගෙන් පළිගන්නට  පටන් ගත්තහම තමන්ටත්, අනුන්ටත් හානියක්මයි සිදු වෙන්නෙ. එහෙනම් ද්වේෂය කියල කියන්නෙ අපේ හිත්වල ඇතිවන අවැඩ දායක දෙයක්. දුර්වල කමක්. අඩුපාඩුවක්. අඩුපාඩුවක්. සාමාන්‍යයෙන් අපි සියලු දෙනාටම ආශාවල් ඇති  වෙනව නේද….? ඔව්. ආශාවල් ඇතිවෙනවා. රූපවාහිනිය  බලද්දි, සමහර පත්තර කියවද්්දී, සාමාන්‍යයෙන් අපේ සිතේ නොතිබුණු අළුත් ආශාවලුත් ඇති වෙනවා. අපේ   සිත්වල ඇති වෙන ආශාවල් නිසා වැඩිපුරම කරන්නෙ  පව් නේද? ආසාව නිසා මිනිස්සු පුදුමාකාර විදිහට පව්  සිදු කර ගන්නවා. ආශාව නිසා අනුන්ට හිරිහැර කරනවා.  තමන්ගෙ ජීවිතය දියුණු කර නොගෙන වනසා ගන්නවා.  ලැජ්ජා භය දෙක සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා.  ආශාවට වහල් වුනාම තමන් ඉන්නෙ කොතැනද කියල අමතක වෙනවා. පින් පව් ගැන අමතක වෙනවා. පින්  පව් විශ්වාස කරන්නේ නැතිව යනවා. මේ හැමදේකටම හේතු වෙන්නෙ සිතේ ඇතිවෙන ආශාව. ආශාවෙන් අන්ධ  භාවයට පත්වීමයි. මේ විදිහට අන්ධ භාවයට පත් වෙන

ආශාවක් අපේ සිතේ පවතින නිසා, නිරන්තරයෙන් ප‍්‍රශ්න  හැදෙන ජීවිතයකුයි අපට තියෙන්නෙ. .     –  කතෘ ස්වාමීන් වහන්සේ විසිනි.

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩව්‍රන්ලෝඩ් කරගන්න.