
අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසෙනවා. ඔළුවට යන්නේ නෑ. ඔළුවට ගියොත් යන්නේ ධර්මය නෙවෙයි. ධර්මය අහද්දි ඇතිවෙච්ච ප්රශ්නයක්. මේ නිසා ගොඩාක් විට අපිට අවස්ථාව හම්බවෙනවට වඩා අවස්ථාව අහිමි වෙනවා. ඒක ඉතින් අපිට සංසාරික පුරුද්දක් වශයෙන් ඇවිල්ලා තියෙන නිසා මේ ජීවිතයෙත් එහෙම වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අපිට මේක අහිමි
නොවෙන්න නම් හරියටම මේ ධර්මය අල්ලගන්න ඕනැ. ඉතින් පින්වත්නි, මා ඔබට මා මේ මූලික කරුණු ටිකක් කියා දුන්නේ ධර්මය අහන්න කලින්. අපි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා නම් ඉන්නේ, අපිට හරිම ලේසියි. අපි ඉන්නේ ධර්මයට පැහැදිලා නම් හරිම ලේසියි. ශ්රාවක සංඝයාට පැහැදිලා නම් හරිම ලේසියි. වර්තමානයේ අපිට මේ තුනම අමාරුයි. හේතුව මොකද? බුදුරජාණන් වහන්සේට පහදින්න උන්වහන්සේව හඳුනාගන්න විදිහක් නෑ, ධර්මය පැහැදිලිව නැති නිසා. ධර්මයට පහදින්න පිරිසිදු ධර්මයක් එකම පිළිවෙලට අහන්න ලැබෙන්නෙ
නෑ. විවිධ මාදිලියේ හාමුදුරුවරු ඉන්න නිසා සංඝයාට පහදින්න විදිහක් නෑ. මේ ප්රශ්නය නිසා තිසරණයට එන්න හරිම අමාරුයි. ඇයි ඇදමයි අපිට පෙනිලා තියෙන්නේ…. . – කතෘ ස්වාමීන් වහන්සේ විසිනි.
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩව්රන්ලෝඩ් කරගන්න.