
සංසාරයේ නොයෙක් ආත්ම භාවවල ඉපිද ඉපිද අපි ආපු ගමනක් මේ තියෙන්නෙ. මේ යන සංසාර ගමනේදී දැන් අපට මිනිස් ලෝකෙ උපතක් ලැබිලා තියෙනවා. මිනිස් ලෝකෙ උපතක් ලැබුනට අපට සාර්ථක මනුස්ස ජීවිතය කියන කරුණ දැනගන්න ක්රමයක් තිබුනෙ නෑ. සාර්ථක මිනිස් ජීවිතයක් අත්කරලා දෙන්න අපේ දෙමව්පියෝ අපිව ඉස්කෝලෙ ඇරියා. අපට බල කළා ඉගෙන ගන්න කියලා. අපි ඉගෙන ගත්තා. තරුණ වයස වෙන කොට රස්සාවක් හොයන්න අපි පෙළඹුනා. ඊට පස්සේ විවාහ වෙනවා. ගෙවල් දොරවල් හදාගන්නවා. ජීවිතය ගෙවනවා. මේක තමයි ලෝකෙ සාර්ථකයි කියල පිළිගත්තු එක. ඔය ජීවිතය ගෙවලා කෙනෙක් මළාට පස්සෙ අපේ සමාජය කියනවා එයාට, “එයා සාර්ථක ජීවිතයක් ගෙව්වා ” කියලා. එයා දියුණු වුනා කියලා. කවුරු හරි කෙනෙක් ඉඩකඩම් දේපල වස්තු උපයාගෙන සිටිනවා නම් අපි එයාට කියනවා “ අන්න එයා දැන් හරි දියුණුයි ” කියලා.
එතකොට අපි හැම තිස්සේම පුද්ගලයෙකුගේ දියුණුව මැන්නේ එයා හම්බ කරන දේවල් වලින්. හම්බ කිරීමෙදි කොච්චර ධාර්මිකද කියල අපි දන්නෙ නෑ. කොයිතරම් සාධාරණද කියල දන්නෙ නෑ. එයා රැස්කරන දේවල් බලලා අපි උජාරුවට කියනවා “අන්න දැන් දියුණුයි” කියලා. . – කතෘ ස්වාමීන් වහන්සේ විසිනි.
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩව්රන්ලෝඩ් කරගන්න.