Skip to main content
Monthly Archives

March 2015

අති උත්තම ආචාර්ය මන් භූරිදතත හිමි චරිතාපදානය (Most VenerableMan Buridaththa Thero’s Character)

By බෞද්ධ චරිතාපදාන ( Buddhist Characters)

නවීන තායි බුදු දහමේ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජණීය ආචාර්ය මන් භූරිදතත හිමි ප‍්‍රසිද්ධ වී ඇත. උන් වහන්සේගේ ජීවිත කාලයේදී දස අත පැතිරී ගිය ගුණ සමුදාය වූයේ ප‍්‍රධාන වශයෙන් උන් වහන්සේ තුළ පැවති අසාමාන්‍ය ධෛර්යය, තපස සහ තම අනුගාමිකයින් වෙත දැක්වූ ප‍්‍රබල විනය ගරුක භාවය වේ. පරිනිවීමෙන් දැන් වර්ෂ 50ක් පමණ ඉක්ම වී ඇතත් බෞද්ධ ජනතාවගේ ගෞරවණීය පිළිගැනීමේ විශිෂ්ටත්වයක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේගේ ආර්ය පර්යේෂණය තුළින් ජීවිත පරිනාමය වූ අපූර්ව සිද්ධිය මුන්වහන්සේගේ ජීවිත පරිනාමයේ ද දැක ගත හැකි බවය.

අතිපූජ්‍ය රේරුක‍ාණේ චන්දවිමල හිමි චරිතාපදානය (MostMost Venerable Rerukane Chandawimala Maha Nayaka Thero’s character )

By බෞද්ධ චරිතාපදාන ( Buddhist Characters)

පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙපක්ෂයම හොඳින් දනී. උන්වහන්සේ ලියූ බෞද්ධ පොත් විනය ග‍්‍රන්ථ, අභිධර්ම ග‍්‍රන්ථ, භාවනා ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථ ආදී වශයෙන් වර්ග කොට දැක්වීමට පුළුවන. ඒ ඒ විෂයනට අදාළව පරතෙරට ගිය අපූරු ධර්මධරත්වයක් උන්වහන්සේට තිබුණි. එසේම ගුණ බර වූ විනය ධරත්වයක් ස්වභාවයෙන්ම රේරුකානේ නායක හාමුදුරුවන් ගෙඩනගා ගෙන තිබිණි. ඒ ධර්මධරත්වය හා විනයධරත්වය මගින් උන්වහන්සේ අපේක්ෂිත අරමුණක් උදෙසා ගමන් කළ බවටද සාක්ෂි සාධක තිබේ. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් කෙරේ දැක්වූයේ අපමණ ගෞරව භක්තියකි.

“රේරුකානේ නායක හාමුදුරුවන්ගේ බණ පොත්ටික හොඳින් කියෙවුවොත් එ තැනැත්තා හොඳ ධර්ම ධරයෙක්. ධර්මඥයෙක් වෙනවා” යි. දවසක් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ උත්සව සභාවකදී වදාළහ. ඒ ප‍්‍රකාශයෙන් එහාට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ධර්මධරත්වය ගැන තවදුරටත් පුන පුනා ප‍්‍රකාශ කිරීම අවශ්‍ය නැත. තමන් වහන්සේ තුළ වූ ධර්මධරත්වයෙන් හා විනය ධරත්වයෙන් උතුම් බුද්ධ පුත‍්‍රයකු හැටියට කිසියම් අපේක්ෂිත අරමුණක් සාක්ෂාත් කරගත් බව රේරුකානේ නායක හාමුදුරුවන්ගේ මහ සඟ චරිතය පිළිබඳ සොයා බලන කළ හොඳින්ම පෙනේ. Read More

මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනාව – ( Maha Sathipattana Suthra Warnanawa)

By ත්‍රිපිටක ආශ්‍රිත පොත් (Books Related to the Tipitaka)

වර්ග තුනක ඇතුළත් කරන ලද සූත්‍ර තිස් හතරකින් යුත් දීඝ නිකාය වනාහී සූත්‍රපිටකාගත ප්‍රථම පුස්තකයයි. එම වර්ග තුනෙන් තෙවැන්න වන මහා වග්ගයේ එන නවවැනි සූත්‍රය වන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයයි. මෙය බෞද්ධ භාවනාව නිරවුල්ව මෙන්ම ක්‍රමානුකූ®ලව උගන්වන සූත්‍රයක් වන හෙයින් දේශීය බෞද්ධයන්ගේ මතු නොව විදේශීය බෞද්ධයන්ගේද අවධානයට ලක්ව ඇත. සතිපට්ඨාන භාවනාව යන්නෙන් බුදුන් වහන්සේ අදහස් කළේ කුමක් දැයි සැබැවින්ම දැකගත හැක්කේ එම මහා සතිපට්ඨාන සූත්‍රය වෙත ඉතා සමීප දෘෂ්ටියක් එල්ල කිරීමෙන් පමණකි. එසේ බලන විට පෙනෙන්නේ මෙය මුළු බුදුදහමෙහිම සාරය එකම සූත්‍රයක් තුළට කැටි කොට දැක්වීමක් බඳු බවය.

කුරු රට කම්මාස්සදම්ම නම්වූ නියම් ගමේදී බුදුරජාණන් වහන්සේ විසින් මෙම සූත්‍රය දේශනා කරන ලදී. මහා සුතසෝම හා ජයද්දිස ජාතකයෙහි සඳහන් වන ආකාරයට පාදයෙහි කබර සහිත වණ කැළැලක් තිබූ හෙයින් පෝරිසාදයාට ‘කම්මාස’ යන්න අන්වර්ථ විය. කම්මාස නම් වූ පෝරිසාදයා දමනය කළ ස්ථානය සහිත ප්‍රදේශයද කම්මාස්සදම්ම නියම් ගම යැයි ප්‍රකට විය. Read More

පිරුවාණා පොත් වහන්සේ (Piruwana poth wahanse)

By ත්‍රිපිටක ආශ්‍රිත පොත් (Books Related to the Tipitaka)

කරුණාව, දයාව සහ මෛත්‍රිය මුසු සත්‍ය වාක්‍ය සමූහය පිරිතයි. මෙහි විශේෂයෙන් අඩංගු වන්නේ බුදුගුණ, දහම්ගුණ සහ සඟගුණයි. සූත්‍රදේශනා අවසානයේ සත්‍ය වචනයෙන් යහපතත් වේවා යැයි ආශිර්වාද කරනු ලබයි. (ඒතේන සච්චේන සුවත්ථි හෝතු) හාත්පසින්ම ආරක්‍ෂාව ලැබීම පිරිතෙහි ආනුභාවයෙන් සිදුවේ. ‘පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං’ ලෙස දක්වන්නේද එහෙයිනි.

බෞද්ධ සමාජයෙහි විවිධ අවස්ථාවන්හිදි මෙම සත්‍ය දේශනය සිදුකර ගනී. දරුවකු මව්කුස පිළිසිඳ ගත් තැන් පටන් ජීවිතයේ සෑම කටයුත්තකදීම පිරිත් දේශනා සිදුකිරීම සාමාන්‍යය.විශේෂයෙන් විවිධ අපල උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාවීමට මෙම පිරිත යොදාගත් අයුරු පසුකාලීනව දැනගත හැකිවේ. ‘නක්ඛත්ත යක්ඛ භූ®තානං’ ආදි වශයෙන් පිරිත් දේශනාව අවසානයේ සඳහන් වන්නේ නක්ෂත්‍රාදියෙන් , විවිධ භූත බලවේගයන්ගෙන් සිදුවන දෝෂ දුරුකෙරෙන ලෙස වන ආශිර්වාදයකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේද, “ඉමං පරිත්තං උග්ගණ්හාථ ඒතං මේ පරිත්තංච කම්මට්ඨානංච භවිස්සති “ මෙය ඔබට ආරක්ෂාවක් මෙන්ම කර්මස්ථානයක්ද වන්නේය යනුවෙනි. Read More

මිලින්ද ප්‍රශ්නය (Milind prashna )

By ත්‍රිපිටක ආශ්‍රිත පොත් (Books Related to the Tipitaka)

මිලින්ද ප්‍රශ්නය වනාහි බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑමෙන් වසර පන්සියයකට පමණ පසු රචිත ධර්ම ග්‍රන්ථයකි. ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශයේ පාලකයකුව සිටි මියෑන්ඩර් හෙවත් මිලින්ද නම් රජ කෙනකුන් විසින් නාගසේන නම් රහතන් වහන්සේ නමකගෙන් විමසන ලද බුදු දහම පිsළිබඳ ගැඹුරු ප්‍රශ්න සඳහා උන්වහන්සේ විසින් ලබාදුන් පිළිතුරු ඇතුළත් කොට රචනා කරන ලද ග්‍රන්ථයකි මෙම ග්‍රන්ථය. මෙය රචනා වී ඇත්තේ එකී ධර්ම සංවාදය සිදුවූ යුගයට පසු කාලයකදී බව ග්‍රන්ථයෙහි එන තොරතුරුවලින්ම පෙනී යයි.

මෙම ධර්ම ග්‍රන්ථය රචනා වී ඇති භාෂා මාධ්‍ය වන්නේ අද පාලි භාෂාව යන්නෙන් හඳුන්වල මාගධී භාෂාවෙනි. වියතුන්ගේ අදහස්‌වලට අනුව මෙය මුලදී සංස්‌කෘත භාෂාවෙන් තිබී පසුව පාලියට පරිවර්තනය කරන ලද බවද සැලකේ.ථෙරවාද අභිධර්ම පිටකයේ නිමාව සටහන් කරමින් රචිත කථාවත්ථූපකරණය නම් ග්‍රන්ථයෙන් පසු බිහිවූ වැදගත්ම ධර්ම ග්‍රන්ථය හැටියටද මිලින්ද ප්‍රශ්නය සැලකේ.

මෙහිලා මිලින්ද රජතුමන් විසින් නගන ලද බුදුදහම පිළිබඳව උභතෝකෝටික ප්‍රශ්න ගැන සලකා බැලීමේදී රජතුමා ධර්මය පිළිබඳව හසල දැනුමක්‌ ඇත්තකු බව පැහැදිලිව පෙනෙයි. එකී ප්‍රශ්නවලට ඊට නොදෙවෙනි විචක්‌ෂණ භාවයකින් නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු සපයයි. උන්වහන්සේ මෙහිදී අනුගමනය කර ඇත්තේ තාර්කික ක්‍රමයකට වඩා උපමා උදාහරණ මගින් ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයකි. සමහර විටෙකදී උන්වහන්සේ ගෙනහැර දක්‌වන උපමා විශ්මය උපදවන සුළුය. මිලින්ද ප්‍රශ්නය උපමා සාගරයක්‌ යෑයි කිවහැකි තරම් එය නැවුම් උපමා ගොන්නකින් ගහනව ඇත. මෙම ප්‍රශ්න උත්තර කියවන්නකුට මෙම ප`ඩිවරුන් දෙදනාගේ ධර්ම ඤාණය පිළිබඳව අපමණ ගෞරවයක්‌ ඇතිවීම නොවැළැක්‌විය හැක්‌කකි. මිලින්ද ප්‍රශ්නයේ වැදගත්කම කෙතරම්ද යතොත් ථෙරවාද මෙන්ම මහායාන ආචාර්යවරුන්ද මෙය පිළිගැනීම තුළින් තහවුරු වේ. Read More

ප්‍රේත වස්තුව (Pretha Wasthu)

By ත්‍රිපිටක ආශ්‍රිත පොත් (Books Related to the Tipitaka)

බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. එහි ඇතුළත් ගාථා නම් වූ ශාසනයට අයත් විමාන වත්ථු පේ‍්‍රත වත්ථු දැන් ඔබට කියවිය හැකිය. මෙම විමාන වස්තු පාළි හා පේ‍්‍රත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. මෙහි විමාන වස්තුවේ තිබෙන්නේ මිනිස් ලොවෙහිදී පින්කම් කොට දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරන පිරිස ගැනයි. පේ‍්‍රත වස්තුවෙහි තිබෙන්නේ පේ‍්‍රත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැනයි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපවය.

විමාන වස්තු කියැවීමේදී ඒ ඒ කර්මානුරූපව දිව්‍ය විමාන පහළ වී ඇති ආකාරය ගැන පුදුම සහගත තොරතුරු ඔබට ඉගෙන ගත හැකිය. ඔවුහු මිනිස් ලොවෙහිදී යහපත් කර්මයන් කොට ඒ ප‍්‍රතිවිපාක විඳිමින් සුව සේ කල්ගෙවති.

පේ‍්‍රත වස්තුවෙන් කියැවෙන්නේ පේ‍්‍රත ලෝකයෙහි තොරතුරුය. මනුෂ්‍යයන් විසින් දූෂිත සිතින් යුතුව සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරුතුරු රැුසක් ඔබට ඉගෙන ගත හැකිය. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම් සොටු ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සාපිපාසා නිවාගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුළුය. එමෙන්ම අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇති වීම නිතැතින්ම සිදු වේ.

ලෝකයෙහි කර්ම හා කර්ම විපාක පිළිබඳව සටහන් වී ඇති අනේකවිධ තොරතුරුවලට මෙම විමාන වස්තු පේ‍්‍රත වස්තු දෙකෙන් ඉස්මතු වෙන කථා ප‍්‍රවෘත්තින්ගෙන් ලැබෙන්නේ බලවත් එළියකි. අචින්තනීය වූ විෂයක් පිළිබඳව මේ අංශු තොරතුරු ස්වල්පය පවා, අපගේ ජීවිතවලට ඉතා මැනවින් යා යුතු මගත් නොයා යුතු මගත් පෙන්වා දෙයි.

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට පොදු ජනතාව වෙනුවෙන් පළමුවෙන්ම දේශනා කොට වදාළේ විමාන වස්තුව හා පේ‍්‍රත වස්තුවයි. ඒ තුළින් කර්මයෙහි ඇති සැබෑ ස්වභාවය පෙන්වා දුන් උන්වහන්සේ අනතුරුව වදාළේ චතුරාර්ය සත්‍යය පිළිබඳව ඉතා වැදගත් දේශනා රාශියක් අන්තර්ගත වූ සංයුක්ත නිකායෙහි සච්ච සංයුක්තයයි. ප‍්‍රථම ධර්ම සංගායනාවේදී ඛුද්දක නිකායෙහිලා සංග‍්‍රහ ලද විමාන වස්තු පේ‍්‍රත වස්තු පිළිබඳ දැනීමක් තෙරුවන් සරණ ගිය කා තුළත් තිබිය යුතුමය.

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ …

විමානවත්ථු අට්ඨකථා භාගතකරගන්න.

විමානවස්තුව (Vimana wasthu )

ධම්මපද ප්‍රදීපය (Dhammapada Pradeepaya)

By ත්‍රිපිටක ආශ්‍රිත පොත් (Books Related to the Tipitaka)

පගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත පතළ මහා කරුණාවෙන්මයි ශ්‍රී සද්ධර්මය වදාළේ. ශාස්තෘ ශාසනය වශයෙනුත් එය හඳුන්වනවා. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් ඒ ශාස්තෘ ශාසනය අංග නවයකින් යුක්තයි.

ධම්ම පදයේ ඇතුළත් වන්නේ ‘ගාථා’ නම් වූ ශාස්තෘ ශාසනයයි. මේ උතුම් ගාථාවන් ශාස්තෘ ශාසනය නමින් හඳුන්වන්නේ මේ තුළ පවතින සුවිශේෂී ගුණයක් නිසාය. එනම් මේ උතුම් ගාථාවන්ගේ අරුත් අවබෝධ කරගෙන ඒ අනුව ජීවිත සකසා ගත හොත් ඒ ශ්‍රාවකයා හට මේ සංසාර දුකින් අත්මිදී ඒ අමා නිවන සාක්ෂාත් කළ හැකිය.

වරක් සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේත්, ශ්‍රී සද්ධර්මයත්, ආර්ය සඟරුවනත් ගැන ගුණ සඳහන් ගාථා කීපයක් පැවසීය. එහි එක් ගාථාවක කදිම දහම් පදයක් තිබේ.

“ඒකස්මිං බ්‍රහ්මචරියස්මිං – සහස්සං මච්චු හායිනං”
“එක දහම් පදයක මරු පරදවා සිටින රහතන් වහන්සේලා දහසක් වැඩඉන්නවා.”
(ස.නි. 01)

එය කොතරම් සැබෑවක්දැයි පෙනෙන්නේ ඉතා හොඳින් සිහි නුවණින් යුක්තව දහම් පද හදාරණ විටය. ‘ධම්මපදය’ තුළිනුත් ඔබට ඒ අසිරිමත් ගුණය දැක්ක හැකිය. Read More

විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ මාහිමියන් විසිනි ( Wishuddhi Margaya. – Buddhaghosha Maha Thero )

By ත්‍රිපිටක ආශ්‍රිත පොත් (Books Related to the Tipitaka)

පාලි පෙළ- සිංහල තේරුම- විස්තර වර්ණනා සහිතව, අට්ඨකථාචාර්යය බුද්ධඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය පරිච්ඡේද විසිතුනකින් යුක්ත සම්පූර්ණ විශුද්ධි මාර්ගය පුස්තකාලවලට ආභරණයකි.බෞද්ධයන්ට දායාදයකි.දහම් පඩුරු සදහා උත්තම පූජාවකි.

සිංහල දීපවංශය (Sinhala Deepavansaya)

By ඉපැරණි ග්‍රන්ථ (Old Books)

සිංහල දීපවංශය නම් මේ කෘතිය පාලි උපවංශයේ පරිවර්තනයක් නොවේ. කතුවරයා පවසන පරිදි මෙය පාලි දීපවංශය ඇසුරුකරමින් එහි එන කිසිදු අදහසකට  බාධාවක් නොවන සේ සමහර කරුණු සවිස්තරවද සමහර කරුණු සංශිප්තවද ඉදිරිපත්කර ගනිමින් සම්පාදනය කරන ලද්දකි. මේ අනුවනම් මේ කෘතිය මුල් පාලි දීපවංශයට ඇතුලත් කරුණු වලට අමතරව ඇතැමු කරුණු ලැබුවේ පැරණි අටුවා ග්‍රන්ථ වලින් විය හැකිය. කෙසේ වෙතත් මේ පොතෙන් පාලි දීපවංශයේ සංග්‍රහවන සියලු කරුණු සිංහල පාඨකයාට ලබාගත හැකිවන පරිදි මේ කෘතිය සම්පාදිත බව පෙනේ.

මහාචාර්ය ඒ. වී. සුරවීර ( සංස්කෘත හා ආගමික කටයුතු පිලිබද නියෝජ්‍ය අමාත්‍ය, හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී)