Skip to main content
Monthly Archives

February 2015

වංචක ධර්ම හා චිත්තෝපදේශ ධර්ම – රේරුකාණේ චන්දවිමල නාහිමි ( Wanchaka Dhamma Ha Chithopaklesha Dharma- Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ වඤ්චක ධර්ම නැමැති මෙම ග්‍රන්ථය චිත්ත චෛතසික සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් ගේ එක්තරා තත්වයක් දක්වන්නක් බැවින් අභිධර්ම ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථයෙන් දක්වනුයේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වඤ්චකත්වයයි. චිත්තය වනාහි අති විචිත්‍රවත් දෙයකි. එයට වඩා විචිත්‍රවත් දෙයක් තවත් ලොවෙහි නැත.” – කතෘහිමියන් විසින් තැබූ සටහන ඇසුරිනි.

පරම පූජණීය රේරුකානේ  චන්දවිමල හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය අනෙක් ග්‍රන්ථයන්ට වඩා තරමක් ගැඹුරු නමුත් අපහසුවෙන් හෝ කියවා තේරුම් ගැනීම ඉතාම සුදුසුය. සිතෙහි ස්වභාවයන් මැනවින් හදුනාගැනීමට මේ ග්‍රන්ථය මනා පිටුවහලක් ලබාදෙනු ඇත.

බාගතකර ගැනීම

බෝධිපූජාව – රේරුකාණේ චන්දවිමල නාහිමි (Bodhipoojawa – Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ මේ පොත ලියා ඇත්තේ මෙකල බෝධි පූජා කරන්නවුන්ගේ අදහස් අනුව ඔවුනට සුදුසු පරිද්දෙනි. ඔවුන්ගේ අදහස් මුදුන්පත්කර ගැනීමට මග දැක්වීම් වශයෙනි. මේ පොත කියවීමෙන් බොහෝ දෙනෙකුට කලින් නොදැන සිටි බොහෝ දේ දැනගන්නට ලැබෙනු ඇත. බෝධිපූජාව පිලිබද නොයෙක් ශාන්තිකර්ම කරන හැටි මෙහි දක්වා ඇත. ඒවා බලා තමන්ට රුචි ශාන්තිකර්ම තෝරාගෙන ජනයාට ශාන්තිය සලසාදිය හැකිවනු ඇත.” – කතෘහිමියන් විසින් තැබූ සටහන ඇසුරිනි.

බෝධිපූජාව යනු කුමක්ද යන තැන් පටන් නිවැරදිව බෝධි පූජාවක් පවත්වන්නේ කෙලසද,  ඇතුලුව ඔබ නොදත් බොහෝ දේ මේ කෘතියෙන් උගත හැකිය. පරම පූජණීය රේරුකාණේ චන්දවිමල නාහිමියන් රචිත මේ පුස්ථක රත්නය බෞද්ධයන් සියලු දෙනාම කියවා අවබෝධ කරගත යුතු මාහැගි පුස්තක රත්නයකි. ජීවිතයේ විවිධාකාර අවස්ථවන් හිදී ඇතිවල ප්‍රශ්න වලට විසදුම් ලෙස බෝධි පූජා තැබීමේදී  ප්‍රයෝජනවත් වන මේ පුස්තක රත්නය ඔබට මනා මර්ග උපදේශයක් ලබා‍ දෙනු නියතය

බාගතකර ගැනීම

පොහොය දිනය -රේරුකාණේ චන්දවිමල නාහිමි ( Pohoya Dinaya -Most Ven. Rerukane Chandawimala Maha Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ උපාසක උපාසිකාවන් සිල් සමාදන් වීමට පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ ශීල සමාදානය භිකෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් සාර්ථක කරගැනීමේ බලාපොරොත්තුවෙනි. එසේ පැමිණෙන සැදැහැවතුනට සහයෝගය ලබාදීම භික්ෂූන් වහන්සේගේ යුතුකමකි.සමහර විට භික්ෂූන් වහන්සේලා අතින් ඒ යුතුකම හරියට ඉටු නොවීම නිසා ගිහියන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගැන අප්‍රසාදය පලකරනවා අසන්නටද ලැබේ. මෙකල භික්ෂූන් වහන්සේලාටද නොයෙක් කටයුතු ඇත්තේය. උපාසකෝපාසිකාවන් බලාපොරොත්තු වන තරමට ඔවුන්ගේ වැඩ වල දවස මුලුල්ලේම ඔවුන්ගේ වැඩවල යෙදීමට භික්ෂූන් වහන්සේටද ඉඩක් නැත්තේය. එබැවින් මෙය දුෂ්කර ප්‍රශ්නයක් වී තිබේ. පොහෝදිනය නැමැති ග්‍රන්ථයෙන් ඒ ප්‍රශ්නය බොහෝ දුරට විසදා ගත හැකිය.” – – කතෘහිමියන් විසින් තැබූ සටහන ඇසුරිනි.

පරම පූජණීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත මේ පුස්ථක රත්නය සසර කෙටිකරගැනීමට සිල් සමාදන්වන ඔබට ඉතා වටිනා මාර්ගෝපදේශයක් ලබාදෙනු ඇත.

බාගතකර ගැනීම

පුණ්‍යෝපදේශය – රේරුකාණේ චන්දවිමල නාහිමි. (Punyopadeshaya -Most Ven. Rerukane Chandawimala Maha Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ පහන් පූජාව සදහා දැනට භාවිතා වෙන ඝනසාරප්පදිත්තේන යනාදී ගාථාව කපුරු දල්වා පිදීම සදහා කර ඇති ගාථාවකි. එබැවින් ඒ ගාථාව කියවීමත් මට අප්‍රියය.  ඒ නිසා පහන් පූජාව සදහා අමුතුවෙන් ගාථා දෙකක් රචනා කරන ලදි.

දෙවියන්ට පින්දීම සදහා භාවිතා කරන එත්තාවතාච අම්මේහි යන ගාථාව දෙවියන්ට ආරාධනා කොට පිරිත් කියා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සදහා රචිත ගාථාවකි. එසේ හෙයින් ඒ වෙනුවෙන්ද ගාථාවක් පිලියෙල කරන ලදි.  බෞද්ධයෝ රෝග සුව කරගැනීමටත්, ග්‍රහ අපල දුරුකරගැනීමටත් පිරිත භාවිතා කරති.  එසේ හෙයින් ඔවුන්ට ඒව සිදුකර ගතහැකි වනු සදහා පිරිත් හා ඒවායින් ප්‍රයෝජන ලබන ආකාරය ආදිය පිලිබද මෙම ග්‍රන්ථයට ඇතුලත් කරන ලදි ” ” – කතෘහිමියන් විසින් තැබූ සටහන ඇසුරිනි.

බුදුපිළිම වහන්සේට මල් පහන් පූජා කරන ලද්දෙ බුදුහිමියන් ජීවමාන කාලයේමය. මේ බව කෝසල බිම්බවර්ණනාවේ මැනවින් සදහන් වේ. බුදුපිලිම වහන්සේට නිසිපරිදි වන්දනාමාන කිරීමෙන් මහා භාග්‍යවත් ජීවිතයක් උදාකරගත හැකිවනු ඇත. එවන් පුදුපූජා නිසි පරිදි සිදුකිරීම ගැන කියවෙන මේ පොත්වහන්සේ භාගත කරගෙන ඔබේ දහම් දැනුම වර්ධනය කරගන්න.

බාගතකර ගැනීම

පාරමිතා ප්‍රකරණය – පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හිමි ( Paramitha Prakaranaya – Most Ven. Rerukane Chandawimala Maha Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේය. එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ සම්‍යක් සම්බෝධි පාරමිතාව විස්තර කිරීම් වශයෙනි. සම්‍යක්සම්බෝධි පාරමිතාව සම්පූර්ණ කර බුදුවීමට සමත් අය ලෝකයෙහි සුලභ නැත. බොහෝ දෙනෙක් නිවන් දකින්නේද නිවන් දකින්නට බලාපොරොත්තු වන්නේද ශ්‍රාවක බෝධියෙනි. එබැවින් බෝධිත්‍රයම පිළිබද පාරමිතාව විස්තර කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කලෙමු. ” – කතෘහිමියන් විසින් මේ සටහන තබා ඇත.

පරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනාහිමියන් විසින් ‍රචිත මේ පොත් වහන්සේ නිවන් දකින්නට බලාපොරොත්තු වෙන සියලු දෙනා විසින්ම කියවා අවබෝධකරගත යුතු මහගු පුස්ථක රත්නයකි. බොහෝ දෙනෙක් සිදුකරන්නේ මෙවන් පුස්ථක රත්නයන් අල්මාරියක දවා වැදුම් පිදුම් කරමින් සිටීම විනා පොත්වහන්සේ කියවා අවබෝධ කරගැනීමක් නොවේ. මැණිකක් ඔපදමන විට එහි දීප්තිය වැඩිවෙන්නේ යම් සේද මේ පොත් වහන්සේලා පරිහරණය කිරීමෙන් චිත්ත සන්තානයේ මුල්බැසගෙන ඇති කෙලෙස් කෙමෙන් ගැලවී ඉවත්වන්නට පටන් ගනී.  ඉදින් නිවන්මගට පිලිපන් ඔබට ඒ මග යන්නට මනා මරේගෝපදේශකයෙකු වශයෙන් චන්දවිමල හිමියන් රචිත මේ පොත් වහන්සේ ක්‍රියා කරනු ඇත.

බාගතකර ගැනීම

සූවිසි මහා ගුණය – රේරුකාණේ චන්දවිමල නාහිමි. ( Suvisi Maha Gunaya | By Rerukane Chanda Vimala Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

” අරහං සම්මාසම්බුද්ධො යනාදීන් දැක්වෙන ගුණ නවයක් බුද්ධරත්නයෙහි ඇත්තේය. ස්වාක්ඛාතෝ භගවතා ධම්මො යනාදීන් දැක්වෙන ගුණ සයක්ද ධර්මරත්නයෙහි අරත්තේය.  සුපටිපන්නො භගවතෝ සාවක සංඝො යනාදීන් දැක්වෙන ගුණ නවයක් ඇත්තේය. සියල්ල එකතු කල කල්හි තෙරුවන් ගුණ සූවිස්සක් වේ. එයට සූවිසි මහා ගුණයයි කියනු ලැබේ. ඒ ගුණ සූවිස්ස විස්තර කෙරෙන මෙම ග්‍රන්ථයට සූවිසා මහා ගුණය යන නමම තබා ඇත. ” – කතෘහිමියන් විසින් මේ සටහන තබා ඇත.

පරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනාහිමියන් විසින් ‍රචිත මේ පොත් වහන්සේ බාල මහලු වැඩිහිටි සැමදෙනා විසින්ම කියවිය යුතු උතුම් පුස්ථක රත්නයකි.  තෙරුවන් ගුණ නිසි පරිද දන්නෝ තෙරුවනට අවමන් නොකරති. නුවණැති මිනිසසෙකු හට ඉතා වටිනා රත්නයක් තුනක් හිමි වූ කල්හි ඒව නොසලකමින් නොයන්නා සේ, එසේ නැතහොත් රැගෙන ගොස් පසෙක තබා ගරු බුහුමන් කිරීම පමණක් සිදු කරන්නාසේ  හෙවත් ඒ රත්නයන් රැගෙනගොස් සිය අභිප්‍රායන් ඉටුකරගනිමින් සැපසේ ජීවත් වන්නා සේ තෙරුවන් නම් රත්නත්‍රය ලද පණ්ඩිතයා ඒ රත්නත්‍රය සරණකොට ගනිමින්, පිහිටකොට ගණිමින් සිය අභිප්‍රායන් ඉටුකරගනිමින් සසර සැඩපහර තරනය කරමින් නිවන් පුරට යන්නේය.

සූවිසිගුණය නම් මේ පුස්තක රත්නය බාගත කරගෙන නිසි පරිදි කියවීමෙන් ඔබට තෙරුවන පිලිබද මනා අව‍බෝධයක් ලබාගත හැකිය.

බාගතකර ගැනීම