Skip to main content
Monthly Archives

February 2015

විනය කර්ම පොත – පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ (Vinaya Karma Potha – Most Ven. Rerukane Chandawimala Maha Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“විනයකර්ම පිලිබද දත යුතු කරුණු විනය පිටකයෙහි එක් පරිච්චේදයකම සදහන් නොවන බැවින් විනය පොත කියවා විනයකර්ම පිලිබද දතයුතු සියල්ල දැනගැනීමට ලෙහෙසි නැත. විනය පොත් භාවිතය අඩු භික්ෂූන්ට විනය පොත්වලින් ඒ ඒ විනය කර්ම ගැන සදහන් වන තැන් පවා සොයා ගැනීම අපහසුය. එබැවින් විනයකර්ම ගැන පලපුරුදු කම් මද වූද, විනය පොත් භාවිතය මද වූද, භික්ෂූන්ට ඒ ඒ විනයකර්ම කරන සැටි පහසුවෙන් දත හැකිවනු පිණිස විනයකර්මයන් නිවැරදිලෙස කරගත හැකිවන පිණිස සම්බුද්ධ ජයන්තිය නිමිත්ත කොට විනයකර්මපොත නම් වූ මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි.” – කතෘ ස්වාමීන් වහන්සේ

පැවිදි උතුමන්ට පමණක් නොව කාටත් ප්‍රයෝජනවත් වූ විදර්ශනා භාවනා ක්‍රමය  ග්‍රන්ථය  නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා

විදර්ශනා භාවනා ක්‍රමය – පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ (Vidarshana Bhavana Kramaya – Most Ven. Rerukane Chandawimala Maha Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ කොතරම් වීරියකොට කොතෙක් දුක් ගෙන කලක් භාවනාවෙයි යෙදුනත් ක්‍රමානුකූලව  භාවනා නොකැරුනහොත් එයින් මොලොවදීම දැකිය හැකි තරම් ඵලයක් නොලැබේ.  ඉක්මනින් ඵල දැකීමටනම් භාවනා ක්‍රමය හොදින් දැනගෙන භාවනා කල යුතුයි. මෙකල භාවනාවේ යෙදීමේ අභිලාශය ඇතිව වෙසෙන ගිහි පැවිදි පින්වතුන්ට බරපතල කරැණක් වී තිබෙන්නේ මාර්ග දේශකයන් නැති බවය. ඒ පින්වතුනට අපගේ ශක්ති පමණින්වත් උපකාර වීමේ අදහසින් අප විසින් විදර්ශනා භාවනා කුමය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි.” – කතෘ ස්වාමීන් වහන්සේ

පැවිදි උතුමන්ට පමණක් නොව කාටත් ප්‍රයෝජනවත් වූ විදර්ශනා භාවනා ක්‍රමය  ග්‍රන්ථය  නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා

උපසම්පදා ශීලය – පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ ( Upasampada Sheelaya – Most Ven. Rerukane Chandawimala Maha Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්‍රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්‍රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්‍රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්‍ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි ” – කතෘ ස්වාමීන් වහන්සේ

පැවිදි උතුමන්ට පමණක් නොව කාටත් ප්‍රයෝජනවත් වූ උපසම්පදා ශීලය  ග්‍රන්ථය  නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා.

උභය ප්‍රාතිමෝක්ෂය – පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ ( Ubhaya-Prathimokshaya – Most Ven. Rerukane Chandawimala Maha Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ ශ්‍රී ලංකා ශ්වේජින් නිකායික මහ සංඝ සභාවේ අනුමැතිය පරිදි වර්ෂයකට වරක් ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දීමේ සිරිතක් පැවැත්තේය. සෑම වර්ෂයකම ජනවාරි හෝ පෙබරවාරි මාසයේ නියමිත දිනයකදී එය සිදුවිය. සිරිත් පරිදි අදත් එය සිදු කෙරේ. එහිදී ශ්වේජින් නිකායේ මාහිමියන් ඇතුලු මධ්‍යම, නවක, සෑම භික්ෂුවක්ම ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දිය යුතුය. එසේම සාමණේරවරු සතර බණවර කටපාඩම් දිය යුතුය.

ඉකුත් වර්ෂයේදී පැවැත් වූ මේ ධර්ම පරීක්ෂණයේදී ඊට සහභාගිවනු කැමැති භික්ෂුවරයෙකුට අප අයත් ප්‍රාතිමෝක්ෂය දීමට සිදුවිය. අපටද පොතක් අවශ්‍ය වූයෙන් අලුත් පොතක් මිලට ගතිමු. අනුවාදය සහිත ඒ පිටපත මුද්‍රණයෙන් බිහිව වැඩි කලක් ගතත නොවූ බව පෙනින. එහෙත් එය පෙරලා බැලීමේදී අපතුල ඇතිවූ බලවත් සංවේගයේ ප්‍රතිඵල වශයෙනි  මෙම අනුවාදය සහිත ප්‍රාතිමෝක්ෂය මුද්‍රණය කිරීමට අදහස් කලේ. ” – කතෘ ස්වාමීන් වහන්සේ

පැවිදි උතුමන්ට පමණක් නොව කාටත් ප්‍රයෝජනවත් වූ උභය ප්‍රාතිමෝක්ෂය  ග්‍රන්ථය  නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා

ශාසනාවතරණය – පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ ( Shasanawatharanaya- Most Ven. Rerukane Chandawimala Maha Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ සසර දුකින් මිදී නිවන් සුවය ලබනු කැමති සැදැහැවත්, නැණවත් කුල පුත්‍රයනට ඒ සදහා පිලිවෙත් පිරීමට ස්ථානයක් වශයෙන් හා දෙවියන් සහිත ලෝකයාහට පුන්‍ය ක්ෂේත්‍රයක් වශයෙන්ද මහා කාරැළණික වූ භාගවත්, අරහත් සම්ම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවනා ඇති මේ ශාසනයට අවතීර්ණ වන්නා වූ කුල ප්‍රත්‍රයනට පළමු කොට ලැබෙන්නේ සාමණේර ප්‍රව්‍රජ්‍යාවය. සාමණේර පැවිද්ද ලබා සිටින බොහෝ දෙනෙකුන්  ඔවුන් විසින් පිරිය යුතු ශීලය පිලිබදව සෑහෙන දැනුමක් නැතිව, ඔවුන් විසින් පිරිය යුතු  ප්‍රතිපත්ති ගැන දැනුමක් නැතිව නොමනා ලෙස හැසිරෙනු දැකීමෙන් සංවේගයට පත් වූද, සාමණේර ශීලය හා සාමණේරයන් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති විස්තර කර ඇති ධර්ම ග්‍රන්ථයක් නැති පාඩුව දුටුවා වූද ශාසනෝදයකාමී මහ ස්ථවරයන් වහන්සේලා කිහිප නමක්  සාමණේර ප්‍රතිපදාව විස්තර කෙරෙන ධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස අපට ආරාධනා කලහ. බුදු සසුනට එවන් ධර්ම ග්‍රන්ථයක් නැති පාඩුව අපිට පෙනුන බැවින් ඒ ආරාධනාව සලකා  ශසානවාවතරණය නම්මේ ධර්ම ග්‍රන්ථය අප විසින් සම්පාදනය කරන ලදි.” කථෘ ස්වාමීන් වහන්සේ.

කාටත් ප්‍රයෝජනවත් වූ ශාසනාවතරණය ග්‍රන්ථය  නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා .

සතිපට්ඨාන භාවනා විවේචනය හා තවත් කෘති – පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ ( sathipattana bawana viwechanaya saha thawath kruthi – Most Ven. Rerukane Chandawimala Maha Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ මේ ( පොතින් සිදුකරන ) විවේචනය  සමහරුන්ගේ සිත් රිදවන්නට බැරි නැත. එසේ නොවන පරිදි විවේචනයක් සිදු කිරීම අපහසුය. කිසිවෙකුගේ නම් ගම් මෙහි සදහන් කර නැත. එසේ කරන ලද්දේද හැකිතාක් අනුන්ගේ සිත් රිදවීම වලකනු පිණිසය.

කාලාන්තරයක් යටපත් වී තිබූ මේ භාවනා‍ කුමය බුද්ධ ජයන්ති කාලයේ අප රටට පැමිණීමෙන් සිදු වූයේ ඉමහත් යහපතකි. දැන් මේ භාවනා ක්‍රමය පවතින්නේ සුලු පිරිසක් අතේය. බලවතුන් නගන ප්‍රශ්න වලට සෑහෙන පිලිතුරු දීගන්නට අසමර්ථ උවහොත් සමහර විට මේ උතුම් භාවනා ක්‍රමය තුරන් වන්නට ඉඩ තිබේ.  එසේ උවහොත් අනාගත පරම්පරාවට ඉමහත් පාඩුවකි. මා විසින් මේ පොත  ලියූවේ මේ භාවනා ක්‍රමය මේ රටෙන් තුරන් නොවී දීර්ඝ කාලයක් පැවතීම පිණිසය.” කතෘ ස්වාමීන් වහන්සේ.

කාටත් ප්‍රයෝජනවත් වූ සතිපට්ඨාන භාවනා  විවේචනය හා තවත් කෘති ඔබට නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …

සතිපට්ඨාන භාවනා ක්‍රමය – පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ (Satipattana Bhawana Kramya – Most Ven. Rerukane Chandawimala Maha Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“මේ පොතෙහි ඇත්තේ සතර සතිපට්ඨානයම එකවර භාවනා කිරීමේ ක්‍රමයය. මෙය අනිකුත් භාවනා මෙන් නොව සතර ඉරියව්ව හා සම්බන්ධය ඇත්තා වූ කෑම් – බීම්, මලමුත්‍ර පහ කිරීම්, මුව දෙවීම්, අත්- පා දෙවීම්, වතුර නෑම්, කථා කිරීම්, දීම්, ගැනීම්, හැදීම්, පෙරවීම්, ආදී සකල ක්‍රියාවන් හා සම්බන්ධය ඇත්තා වූද චකුෂුරාදි ඉන්දියයන්ට හමුවන අරමුණු හා සම්බන්ධය ඇත්තා වූද කල්පනා කිරීම් වැටහීම් සැප දුක් හා සම්බන්ධ වූද සන්තානයෙහි ඇතිවන කෙලෙස් සම්බන්ධ වූද ශ්‍රද්ධාදී ගුණ ධර්ම සම්බන්ධ වූද යහපත් වූත් අයපත් වූත් කල්පනා සම්බන්ධ භාවනාවකි. හොදින් භාවනා කරන යෝගාවචරයාට ඔහුගේ ඉන්ද්‍රියයන්ට මුණ ගැසෙන සියල්ල හා මේ භාවනාව සම්බන්ධ වේ. ” කතෘ ස්වාමීන් වහන්සේ.

කාටත් ප්‍රයෝජනවත් වූ සතිපට්ඨාන භාවනා ක්‍රමය නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …

නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය – පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ (Nirvana Winishchaya Ha Punaruthpaththi kramaya – Most Ven. Rerukane Chandawimala Maha Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ ශ්‍රී ඝන සුගත තථාගතයන් වහන්සේ විසින් අතීතානෛයික කල්පකෝටි ශතසහශ්‍රයෙහි පුරිතාමිත පාරමිතා බලයෙන් ප්‍රතිලබ්ධ වූ මාර්ගඥාන ඵලඥාන සර්වඥතා ඥාණයන් කරණකොට ගෙන අවබෝධ කොට වේනෙය්‍ය ජනයන්ට දේශනා කරන ලද්දා වූ සකල බෞද්ධ ජනතාව විසින් ප්‍රාර්ථනා කරනු ලබන්නා වූ සුඛ පිණ්ඩායමාන වූ නිර්වාණ ධාතුවේ තත්වය ලක්වැසි බෞද්ධයන්ට සුවසේ දැන ගැනීම සදහා සිය බසින් කරන ලද නිර්වාණ තත්ව දීපක ග්‍රන්ථයක් නැත්තා වූ පාඩුව දුටු අප විසින්  නිර්වාණ විනිඡ්චය නම් වූ මෙම ග්‍රන්ථය ලියන්නට ආරම්භ කරන ලදි” යි කතෘ හිමියන් විසින් මේ ග්‍රන්ථය ගැන විස්තර කර ඇත.

කාටත් ප්‍රයෝජනවත් නිර්වාණ විනිශ්චය ග්‍රන්ථ රත්නය නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …

චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව – පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ – ( Chattaleesakara Maha Vipassana Bhawana – Most Ven. Rerukane Chandawimala Maha Thero )

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන- මාර්ග- ඵල- අභිඥා ආදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති මටිසම්භිදාමග්ග නැමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයකි.
සීලන්ත සූත්‍ර-සුතවන්ත සූත්‍ර දෙකෙහි දැක්වෙ කරුණු අනුව දැනට ජීවිතවේ පශ්චිම කාලයට පැමිණ සිටින අපිදු මේ කාලය චත්තාලිසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීමට ඉටාගතිමු. කියැවීමෙන්, කීමෙන්, ඇසීමෙන්, සිතීමෙන් යම් කිසි කරුණක් පිලිබද ඇතිවන දැනුමට වඩා උසස්, පිරිසිදු , පුලුල් දැනුමක් ඒ දෙය විස්තර කිරීමෙන් ලබාගත හැකිය. එබැවින් අපගේ දැනුම දියුණු කර ගැනීම, මෙය සම්පාදනය කිරීමට ප්‍රධාන හේතුවය  ” යි කතෘ හිමියන් විසින් මේ ග්‍රන්ථය ගැන විස්තර කර ඇත.

කාටත් ප්‍රයෝජනවත් උවද චත්තාලිසාකාර විපස්සනාව කිසිදු පොතක විස්තර කර නැත. එබැවින් නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට මෙම ග්‍රන්ථය උපකාර වනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …

මංගල ධර්ම විස්තරය – රේරුකාණේ චන්දවිමල නාහිමි (Mangala dharma vistharaya – Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero)

By රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ ... ( Ven.Rerukane Chandawimala Thero Books)

“ මංගල සූත්‍රය පිරිත් පොතට ඇතුලත් කල නිසා එය මහජනයාගේ ආදර සම්මානය දිනාගත් බවට සැකයක් නැත.  ඒ නිසාම සූතු අතර එය ඉතාම ප්‍රසිද්ධියක් උසුලන්නේය. ඒ සමගම කිව යුතු කාරණයනම් ධර්මය පිලිබද යථාර්ථය වැසී ගිය සූත්‍ර අතර මංගල සූත්‍රය ප්‍රධාන බවය. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය පිලිබදව දරා සිටි අදහස්  ඉන් ඉවත්ව යාමට පටන් ගත්තේ මංගල සූත්‍රය පිරිත්පොතට ඇතුලත් කිරීමෙන් පසුවය.කවර ආගමක උවත් දාර්ශනික පක්ෂයෙන් සාමාන්‍ය ජනයාගේ බැදීමක් නැත.

කෙස් උවත් මංගල සූත්‍රය වැනි වටිනා උපදේශ මාලාවක් අනාවරණය කරන සූත්‍රයක් නැති තරම්ය. රටකට නොව සමස්ථ ලෝකයටම මංගගල ධර්ම ගැන හරි අවබෝධයක් ලබා දීම ලෝක ශාසනික සේවයක් වනු නොඅනුමානය” –  ගොඩිගමුවේ සොරත ස්ථවිර.

මංගල ධර්ම විස්තරය පිලිබදව කියැවෙන මේ මාහැගි පුස්ථක රත්නය ඔබට දෙලොවම වැඩ ඇති කරන මනා සදහම් දිය පොදකි. නිවන් මගට පිලිපන් ඔබට මේ ධර්ම ග්‍රන්ථය මනා පිටිවහලක් ලබා දේවි.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …