Skip to main content

බෝධි වන්දනා – පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි (Bodhi wandana – Ven Nauyane Ariyadhamma Maha Thero )

බෝධි වුච්චති චතු මග්ගේසු ඤාණං – බෝධි යනු සතර මාර්ග ඥානයයි. අනුත්තරං සම්බෝධිං අභිසම්බුද්ධො – බෝධි යනු සර්වඥතා ඥානයයි. පත්වානං බෝධිං වරභූරි මේධසො – බෝධි යනු ශාන්ත නිර්වාණ ධාතුවයි. තවද බෝධි යනු සර්වඥරාජෝත්තමයන් වහන්සේට ද නමකි.

බුද්ධගයා ශුද්ධ භූමියෙහි අස්වත්ථ වෘක්ෂයට පිට දී තථාගතයන් වහන්සේ සතර මාර්ගඥාන බෝධියටද, සර්වඥතාඥාන බෝධියටද, ශාන්ත නිර්වාණ ධාතු බෝධියටද සැපත් වූ බැවින් ඒ අස්වත්ථ වෘක්ෂ රාජයාණන් ද බෝධි නමින් හැදින් වේ.

බුද්ධගයාවේ පිහිටි එම විජය ශ්‍රී බෝධිරාජයාණන් වහන්සේගේ පුත්‍ර නතෘ පරම්පරාවට අයත් වූ සියලු බෝධි වෘක්ෂයෝ පාරිභොගික වස්තු වශයෙන් පූජණීයයි. එසේ හෙයින් බෝධි පූජාව වෘක්ෂ පූජාවක් හෝ දේව පූජාවක් නොවේ. බෝධි පූජාව බුද්ධ පූජාවකි. ඥාණ පූජාවකි. බුද්ධානුස්සති භාවනාවකි. – කතෘ ස්වාමීන් වහන්සේ.

බෝධිය යනු ලොව්තුරු සම්බුද්ධ රාජ්‍යයේ ප්‍රතිමූර්තියයි. සම්බුදු පහසින් පරම පාරිශුද්ධත්වයට පත් වූ උත්තම විජය ශ්‍රී ජය සිරිමා බෝ සමිදුන් සිහිගන්වමින් සිදු කෙරෙන උත්තම බෝධි පූජාවටත් වඩා අප නොදත් බෝ දේ මේ ග්‍රන්ථයෙහි අඩංගුය. පරම පූජණීය අපේ නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ රචිත බෝ පොත ඔබත් භාගත කරගන්න.