
ආනාපානාසති භාවනාව කියන්නෙ අපේ කය හා බැදී පවතින හුස්ම රැල්ල කෙරෙහි කෙලෙස් තවන වීර්යයකින් යුතුව මනා නුවණින් යුතුව, හුස්ම රැල්ලේ වෙනස්කම් තේරුම්ගත හැකි ලෙස ස්වාභාවික හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවමින් සිතත්, ප්‍රඥාවත් දියුණු කිරීමයි.
අත්තෙන්ම ආනා පානාසති භාවනාව තුලින් පුදුම විදිහට හිතේ සංසිදීමක් ඇතිවෙනව. බුදුරජාණන් වහන්සේ වදාලේ “ ආනාපානාසති භාවේතබ්බාචිතක්කුපච්ඡේදාය ” අපේ හිතේ විතර්ක සංසිදුවා ගැනීම පිණිස ආනාපානාසති භාවනාව වඩන්න කියලයි.
කතෘ ස්වාමීka වහන්සේ විසිනි.
ආනාපානාසති භාවනාවට මනා මගපෙන්වීමක් ලබාදෙන පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් රචිත මේ ග්‍රන්ථය ඔබට නිවන් මගට මනා පිටුවහලක් වේවි.