
බුදු කෙනෙක් පහළ වෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය ලෝකයට ලබාදෙන්නයි. ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේදී මෙන්න මෙහෙම පියවර හතරක් තියෙනවා සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියලා. එතකොට පළමු පියවරේදී මෙන්න මෙහෙම හිතේ මේ දියුණුව ඇතිවෙනවා. දෙවැනි පියවරේදී මෙහෙම වෙනවා. තුන්වැනි පියවරේදී මෙහෙම වෙනවා. හතරවැනි පියවරේදී මෙහෙම වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ඔක්කෝම අවබෝධයෙන් දේශනා කළේ.
එතකොට අපිට පේනවා උන්වහන්සේගේ සම්බුද්ධත්වය. මේ සෑම දේශනාවකම දකින්න ලැඛෙනවා. එතකොට ඔබ පහදින්න ඕන ඒ බුදුරජාණන් වහන්සේ ගැන, අනේ මගේ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි ̃ කියලා.
කෘතිය ඇසුරින් උපුටාගත් කොටසකි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත මේ දහම් ග්‍රන්ථය සියලු දෙනා විසින්ම කියවා අවබෝධ කරගත යුතු උතුම් ග්රන්ථයකි.