
“ ශ්රී ඝන සුගත තථාගතයන් වහන්සේ විසින් අතීතානෛයික කල්පකෝටි ශතසහශ්රයෙහි පුරිතාමිත පාරමිතා බලයෙන් ප්රතිලබ්ධ වූ මාර්ගඥාන ඵලඥාන සර්වඥතා ඥාණයන් කරණකොට ගෙන අවබෝධ කොට වේනෙය්ය ජනයන්ට දේශනා කරන ලද්දා වූ සකල බෞද්ධ ජනතාව විසින් ප්රාර්ථනා කරනු ලබන්නා වූ සුඛ පිණ්ඩායමාන වූ නිර්වාණ ධාතුවේ තත්වය ලක්වැසි බෞද්ධයන්ට සුවසේ දැන ගැනීම සදහා සිය බසින් කරන ලද නිර්වාණ තත්ව දීපක ග්රන්ථයක් නැත්තා වූ පාඩුව දුටු අප විසින් නිර්වාණ විනිඡ්චය නම් වූ මෙම ග්රන්ථය ලියන්නට ආරම්භ කරන ලදි” යි කතෘ හිමියන් විසින් මේ ග්රන්ථය ගැන විස්තර කර ඇත.
කාටත් ප්රයෝජනවත් නිර්වාණ විනිශ්චය ග්රන්ථ රත්නය නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.
සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …