
“ ශ්‍රී ලංකා ශ්වේජින් නිකායික මහ සංඝ සභාවේ අනුමැතිය පරිදි වර්ෂයකට වරක් ප්රාතිමෝක්ෂය කටපාඩම් දීමේ සිරිතක් පැවැත්තේය. සෑම වර්ෂයකම ජනවාරි හෝ පෙබරවාරි මාසයේ නියමිත දිනයකදී එය සිදුවිය. සිරිත් පරිදි අදත් එය සිදු කෙරේ. එහිදී ශ්වේජින් නිකායේ මාහිමියන් ඇතුලු මධ්‍යම, නවක, සෑම භික්ෂුවක්ම ප්රාතිමෝක්ෂය කටපාඩම් දිය යුතුය. එසේම සාමණේරවරු සතර බණවර කටපාඩම් දිය යුතුය.
ඉකුත් වර්ෂයේදී පැවැත් වූ මේ ධර්ම පරීක්ෂණයේදී ඊට සහභාගිවනු කැමැති භික්ෂුවරයෙකුට අප අයත් ප්රාතිමෝක්ෂය දීමට සිදුවිය. අපටද පොතක් අවශ්‍ය වූයෙන් අලුත් පොතක් මිලට ගතිමු. අනුවාදය සහිත ඒ පිටපත මුද්‍රණයෙන් බිහිව වැඩි කලක් ගතත නොවූ බව පෙනින. එහෙත් එය පෙරලා බැලීමේදී අපතුල ඇතිවූ බලවත් සංවේගයේ ප්‍රතිඵල වශයෙනි මෙම අනුවාදය සහිත ප්රාතිමෝක්ෂය මුද්‍රණය කිරීමට අදහස් කලේ. ” – කතෘ ස්වාමීන් වහන්සේ
පැවිදි උතුමන්ට පමණක් නොව කාටත් ප්‍රයෝජනවත් වූ උභය ප්රාතිමෝක්ෂය ග්‍රන්ථය නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.
සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා