
“පට්ඨාන මහා ප්රකරණය පාලිය කියවා එයින් ප්රයෝජනයක් ලබනු තබා එහි සැටිවත් කිසිවෙකුට තේරුම් ගත නොහැකිය. පාලි භාෂාව දතහොත් බුදු දහම දත හැකිය යන හැගීම බොහෝ දෙනෙකුට ඇතත් එය මුලාවකි. පාලිය කෙතෙක් දතුවකුට උවද පාලි දැනීමේ බලයෙන් මේ ප්රකරණය තේරැම් ගත නොහැකිය. කෙතෙක් පාලි දතුවකු විසින් උවද පට්ඨාන ප්රකරණය තේරුම් ගනු කැමතිනම් අභිධර්මය දතුවකුගෙන් උගත යුතුමය. සන්නයක් නැති කල්හි එය ගුරුවරයෙකුගෙන් ඉගෙනීමද අපහසුය. ඒ බව දත් අපෙන් ධර්මය උගත් කාන්තාවක් ඇතුලු බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි අප විසින් මේ ග්රන්ථය සම්පාදනය කරන ලදි” යි ලෙසින් කතෘ ස්වාමීන් වහන්සේ විසින් මේ ග්රන්ථය පිලිබද හදුන්වා ඇත.
අභිධර්මය උගනු කැමැත්තේ විසින් පරිශීලනය කල යුතුම උතුම් සම්බුද්ධ දේශනාවක් වූ මේ ග්රන්ථ රත්නය අභිධර්ම මගෙහි ගමන් කරන්නෙකුට ඉතා හොද මාර්ගෝපදේශකත්වයක් සපයනු ඇති.
සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට අභිධර්ම මගට පිවිසෙත්වා …