
“ බෞද්ධ ධර්මයේ පරම සාරයන් චතුරාර්ය සථ්යමය. එබැවින් නියම බෞද්ධයෙකු වන්නට නම් ආර්ය සත්‍යයන් පිලිබද තරමක හෝ දැනුමක්වත් ඇති කරගත යුතුය. මෙකල වසන බෞද්ධ ගෘහස්තයන්ගෙන් තබා පැවිද්දන්ගෙන්ද වැඩි දෙනෙක් මේ ආර්ය සත්‍ය පිලිබද ඡායා මාත්‍රයක දැනුමක් වත් නැත්තෝය චතුරාර්ය සත්‍යය අනුන්ගේ උපකාරයෙන් තොරව ස්ව ශක්තියෙන්ම කෙනෙකුට සොයාගත හැකි, තේරුම ගත හැකි ධර්මයක්ද නොවේ.ඒ ධර්මය තරමකින්වත් බෞද්ධ ජනයාට දැනගැනීමටනම් පහසුවෙන් තේරුම්ගත හැකි සැටියටලියැවුණු පොත් තිබිය යුතුය. මේ වනතුරුත් එවැනි පොත් සුලභව නැති බැවින් බෞද්ධ ජනතාවට ආර්යය සත්‍යයන්තරමකින්වත් දැනගැනීමට උපකාර වීමේ අදහසින්අවපගේ නැණ පමණින් මහත් පරිශ්‍රමයෙන් මේ පොත සම්පාදනය කරන ලදි.” කතෘ ස්වාමීන් වහන්සේ.
නිවන් දැකීම යනු චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම වේ. බුද්ධ කාලයෙහි සමහර රහතවන්වහන්සේලාට එක් බණ පදයකින් පවා චතු සත්‍යය අවබෝධ විය. සමහර ස්වාමීන් වහන්සේලාට වසර විස්ස තිහ මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. ඊට හේතුව වන්නේ පෙරභවයන් හිදී ගැඹුරු ධර්මයට සිත යොමු නොකිරීමයි. ඔබත් හැකිපමණනින් ගැඹුරු ධර්මය උගෙනීමට උත්සාහ කරන්න. එය ඔබට නිවන් අවබෝධයට මග පහසු කරනු ඇත.
ඒ සුපිරිසිදු මගට මේ පිවිතුරු ග්රන්ථ රත්නය ඔබට මනා මාර්ග උපදේශයක් ලබා දෙනු ඇත.
සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …