
සූත්‍ර පිටකයට අන්තර්ගත කෘතියක් හැටියට සංයුක්ත නිකාය හැඳින්වීමට පුළුවන. මෙම නිකාය ග්රන්ථ 5න් සුවිශේෂී කෘතියක් හැටියට සංයුක්ත නිකාය ප්‍රකට වී ඇත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තුන් මසකට පසු බුද්ධ ශාසනයේ පළමු ධර්ම සංඝායනාව පවත්වන ලදී. මහා කාශ්‍යප හිමියන් ප්‍රධාන භික්ෂූන් පන්සිය (500) නමක් එකතුවෙන් දේශ, කාල, නිදාන, වශයෙන් විසිරී පැතිරී තිබූ ධර්මය මල් වැලක මල් මෙන් ඒකරාශී කිරීම සංඝායනාවේ ප්‍රධාන කාර්යක් වූවාට කිසිදු සැකයක් නැත.
“සතත සුතත සහස්සානි
සතත සුතත සතානිච
මාසටඨි චෙව සුත්තන්තා
එසො සංයුතත සංගහො”
යන ගාථාව තුළින් ප්‍රකාශ කරනු ලබන්නේ “සත්දහස් සත්සිය දෙසැටක් (7762) සූත්‍රයන්ගෙන් සංගෘහිත වූයේ සංයුක්ත නිකාය නම්වේ” යනුවෙනි. සූත්‍ර ගැන අවධානය යොමු කිරීමේදී ඒවා දීඝ¡, මධ්‍යම, කෙටි වශයෙන් පවතී. ඒ තුළින් කෙටි සූත්‍ර සංකලනය කොට නිර්මාණය කළ කෘතිය සංයුක්ත නිකාය නම්වේ. මෙම සූත්‍ර කෙටි යැයි පැවසුවද දීඝ, මජ්ජිම, අංගුත්තර යන කිසිවකට නොබැස ඒ සියල්ල එක් රැස් කොට ගෙතූ® නිසා සංයුක්ත යැයි කීමටද පුළුවන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් හා මහ රහතන් වහන්සේලාගේ වදනින් දේශනාකළ සූත්‍ර රාශියක් අන්තර්ගත වී නම මෙහි සුවිශේෂ ලක්ෂණයක් වේ. මෙම සූත්‍ර පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමේදී සූත්‍ර තුළින් පුද්ගලාර්ථ හා සමාජාර්ථය සාධනය කිරීමට මෙහි කරුණු තුළින් උත්සායක් දරා ඇති බවක් දක්නට ලැබේ.
සංයුක්ත නිකාය පිළිබඳ වැඩිදුරටත් කරුණු පරික්ෂාකර බැලීමේදී එය වග්ග වශයෙන් නැවත කොටස් කර දක්වයි. ඒ අනුව,
- සගාථ වග්ග (85 Mb)
- නිදාන වග්ග (87 Mb)
- බන්ධක වග්ග (88 Mb)
- සළායතන වග්ග (137 Mb)
මහා වග්ගය
- ග්රන්ථ අංක 01 (83 Mb)
- ග්රන්ථ අංක 02 (73 Mb)