
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශිත උතුම් සූත්‍ර දේශනා පළමු ධර්ම සංඝායනාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්ධක නිකාය ලෙසින් කොටස් පහකට බෙදා දැක්වෙනව. ඉන් දීඝ නිකාය සූත්‍ර පිටක පාළියෙහි එන පලමු වැනි ග්‍රන්ථයයි. එය සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය, පාඨික වර්ගය යයි කොටස් තුනකින් සමන්විත ය. එයින් සීලක්ඛන්ධ වර්ගයේ සූත්‍ර දේශනාවන් 13ක් ද, මහා වර්ගයේ සූත්‍ර දේශනාවන් 10ක් ද, පාඨික වර්ගයේ සූත්‍ර දේශනාවන් 10ක් දැයි දීඝනිකායට අයත් සූත්‍ර දේශනාවන් ගණන 33ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද දීඝ නිකායේය. ධර්මයට අලුතින් පිවිසෙන්නවුන් සඳහා යැයි සිතිය හැකි අදහස් මෙහි බොහෝ විට අඩංගුය. උදාහරණයක් ලෙස බ්‍රහ්මජාල සූත්‍රය බෞද්ධ ධර්මය විසින් ප්‍රතික්ෂේප කරන දර්ශන 62ක් විස්තර කරයි.සාධු සිත් ඇත්තෝ සැදැහයෙන් යුතු ව මේ උතුම් ධර්මය කියවා ධරත්වා.
- දීඝ නිකාය 1 (134 Mb)
- දීඝ නිකාය 2 (113 Mb)
- දීඝ නිකාය 3 (102 Mb)