
අංගුත්තර නිකායෙහි සූත්‍ර ධර්මයන් 9557 ක් දක්නට ලැබේ. බණවර වශයෙන් ගතහොත් බණවර 21 කි. බණවරක් යනු අකුරු 8000 කි. අක්ෂරයන් 960000 කි. මෙම අංගුත්තර නිකාය වෝහාර දේශනා යටතට ගැනෙති. ප්‍රධාන වශයෙන් අංගුත්තර නිකායෙහි ,
ශීලයන් පිලිබඳ කතා
ධූතාංග පිලිබඳ කතා
කසිණ භාවනා ආදී සමථ භාවනා ක්‍රම පිලිබඳ කතා
ධ්‍යාන සමාපත්ති පිලිබඳ කතා
ආර්‍ය්‍ය සත්‍ය පිලිබඳ කතා
හේතු ඵල සම්භන්ධතාවය පිලිබඳ කතා
සමථ – විදර්ශනාවන් පිලිබඳ කතා
ශ්‍රාවක චරිතාපධානයන්
පුද්ගල ධර්මතා
රාජ්‍යය පාලන ක්‍රම
ප්‍රාදේශික විස්තර
ආදී විවිධ විස්තරයන් අඩංගු වෙයි. තවද විවිධ මිසදිටු අදහස් බිඳීම පිණිස මෙහි අඩංගු බොහෝ සූත්‍ර දේශනා හේතු පාදක වී ඇත. යථාභූතඥානදර්‍ශනය ඇති කිරීමට සමත් ය. අංගුත්තර නිකායට ලියා ඇති විස්තරාර්ථ සහිත අටුවා ධර්ම ග්‍රන්ථය වන්නේ ‘ මනොරතපූරණිය ‘යි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව කරනලද ප්‍රථම ධර්ම සංඝායනාවේදී මෙම අංගුත්තර නිකාය වන පොත් කරමින් (කට පාඩමින්)රැගෙන ඒම අනුරුද්ධ මහා රහතන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය ප්‍රජාවට භාර කරන ලදී.
- අංගුත්තර නිකාය 1 (123 Mb)
- අංගුත්තර නිකාය 2 (105 Mb)
- අංගුත්තර නිකාය 3 (102 Mb)
- අංගුත්තර නිකාය 4 (96 Mb)
- අංගුත්තර නිකාය 5 (95 Mb)
- අංගුත්තර නිකාය 6 (126 Mb)