
“ වඤ්චක ධර්ම නැමැති මෙම ග්‍රන්ථය චිත්ත චෛතසික සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් ගේ එක්තරා තත්වයක් දක්වන්නක් බැවින් අභිධර්ම ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථයෙන් දක්වනුයේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වඤ්චකත්වයයි. චිත්තය වනාහි අති විචිත්‍රවත් දෙයකි. එයට වඩා විචිත්‍රවත් දෙයක් තවත් ලොවෙහි නැත.” – කතෘහිමියන් විසින් තැබූ සටහන ඇසුරිනි.
පරම පූජණීය රේරුකානේ චන්දවිමල හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය අනෙක් ග්‍රන්ථයන්ට වඩා තරමක් ගැඹුරු නමුත් අපහසුවෙන් හෝ කියවා තේරුම් ගැනීම ඉතාම සුදුසුය. සිතෙහි ස්වභාවයන් මැනවින් හදුනාගැනීමට මේ ග්‍රන්ථය මනා පිටුවහලක් ලබාදෙනු ඇත.