
“ මේ පොත ලියා ඇත්තේ මෙකල බෝධි පූජා කරන්නවුන්ගේ අදහස් අනුව ඔවුනට සුදුසු පරිද්දෙනි. ඔවුන්ගේ අදහස් මුදුන්පත්කර ගැනීමට මග දැක්වීම් වශයෙනි. මේ පොත කියවීමෙන් බොහෝ දෙනෙකුට කලින් නොදැන සිටි බොහෝ දේ දැනගන්නට ලැබෙනු ඇත. බෝධිපූජාව පිලිබද නොයෙක් ශාන්තිකර්ම කරන හැටි මෙහි දක්වා ඇත. ඒවා බලා තමන්ට රුචි ශාන්තිකර්ම තෝරාගෙන ජනයාට ශාන්තිය සලසාදිය හැකිවනු ඇත.” – කතෘහිමියන් විසින් තැබූ සටහන ඇසුරිනි.
බෝධිපූජාව යනු කුමක්ද යන තැන් පටන් නිවැරදිව බෝධි පූජාවක් පවත්වන්නේ කෙලසද, ඇතුලුව ඔබ නොදත් බොහෝ දේ මේ කෘතියෙන් උගත හැකිය. පරම පූජණීය රේරුකාණේ චන්දවිමල නාහිමියන් රචිත මේ පුස්ථක රත්නය බෞද්ධයන් සියලු දෙනාම කියවා අවබෝධ කරගත යුතු මාහැගි පුස්තක රත්නයකි. ජීවිතයේ විවිධාකාර අවස්ථවන් හිදී ඇතිවල ප්රශ්න වලට විසදුම් ලෙස බෝධි පූජා තැබීමේදී ප්රයෝජනවත් වන මේ පුස්තක රත්නය ඔබට මනා මර්ග උපදේශයක් ලබා දෙනු නියතය